මහේල ආසියානු තරගාවලිය පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින්
ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සහභාගි වන
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද බංගලාදේශයේ දී ආරම්භ වෙනවා.එහි පළමු තරගය ලෙස
අද පකිස්තානය සහ බංගලාදේශය අතර තරගය පැවත්වීමට නියමිතයි.මිර්පූර් හී ශ්‍රී බංගලා
ජාතික ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිත මෙම තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස ක්‍රියාත්මක
වීමට නියමිතයි.
ලෝක කුසලාන සූරයන් සහ අනු සූරයන් ලෙස තරග පිටියට පිවිසෙන
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙස ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනාගේ දෙනෙත් යොමු වී තිබෙන
අතර මිස්බා උල් හක් ගේ විශිෂ්ඨ නායකත්වය යටතේ පසු ගිය කාලයේ දක්වා ඇති දක්ෂතා
සළකද්දී සූරයන් සහ අනු සූරයන්ව ආපසු හරවා යවා සූරතාවය දිනා ගන්නට පකිස්තානයට ද
හැකියාව තිබෙනවා.ශ්‍රී ලංකාවට මේ තරගාවලිය ඉතාමත් වැදගත් වෙනවා.ගෙවුණු තුන්කොන්
තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රශස්ථ දස්කම් දැක් වුව ද ඉන්දියාව ඉදිරියේ
දැඩි ලෙස අසාර්ථක වුණා.එසේම පකිස්තානය ඉදිරියේ පරාජය වෙමින් ශ්‍රේනිගත කිරීම්වල
පහත වැටෙන්නට ද සිදු වුණා.ඒ අනුව මහේල ගේ නායකත්වයේන් පෙර ගමන් යන්නට සැරසෙන ශ්‍රී
ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය අතිශයින් වැදගත් වෙනවා.
|
Mar 11, 2012
ආසියානු කුසලාන තරගාවලිය අද ඇරඹෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment