හෙට මොංගෝලියාවේ උලාන්බටාර් හී දී ඇරඹෙන හයවන ආසියානු
කාන්තා බොක්සිං තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් හය
දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙති.මේ අතරින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ
උපයා දී ඇති අනූෂා කොඩිතුවක්කු සහ නිල්මිණි ජයසිංහ සිය බර පංති වෙනස් කිරීමෙන්
ඉනික්බිති ජාත්‍යන්තර තරගාවලියකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වීම කැපී
පෙනෙයි.ඔලිම්පික් තරග අවස්ථාවන් දිනා ගැනීම සදහා වන ජාත්‍යන්තර තේරීම් තරග සදහා
සුදුසු වන පරිදි සිය බර පංති වෙනස් කර ගනිමින් ජාතික සූරතාවලියේ ජයග්‍රාහිකාවන් වූ
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා මෙවර ආසියානු සූරතාවලියේදී කිග්‍රෑම් 51 (අනූෂා
කොඩිතුවක්කු) සහ කිග්‍රෑම් 60 බර පංති වලින් තරග බිමට පිවිසීමට නියමිතය.
මේ අතර සිතාරි සදරේඛා කිග්‍රෑම් 57 බර පංතියෙන්ද,කෝසලා
නිල්මිණි කිග්‍රෑම් 48 බර පංතියෙන්ද,විදුෂිකා ප්‍රභාදි කිග්‍රෑම් 54 බර පංතියෙන්ද
සහ ශිරෝමාලි වීරරත්න කිග්‍රෑම් 75 බර පංතියෙන්ද මෙම තරගාවලියට සහභාගි වෙති.මේ
අතරින් මාස් බොක්සිං සමාජ ජාලය නියෝජනය නොකරන එකම ක්‍රීඩිකාව ලෙස මෙම තරගාවලියට
එක් වන්නී ශිරෝමාලී වීරරත්නයි.
No comments:
Post a Comment