Nov 2, 2013

ඩයන් ගෝමස් කුසලානයට බොක්සිං කැකුළු තරග බිමට

වුරුදු 13 සහ 14 මට්ටමේ පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට සහ ඔවුන්ට ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති කරවීම සහ ඔවුන්ව දිරිමත් කිරීම පිණිස පවත්වන ඩයන් ගෝමස් බොක්සිං කුසලාන බොක්සිං තරගාවලියේ සත් වැන්න අද සිට නොවැම්බර් 5 දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේදී පැවත්වීමට නියමිතය.අද පෙරවරු 8 .00 සිට 10.00 දක්වා තර/ාවිලයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බර මැනීම මෙන්ම වෛද්‍ය පර්යේෂණ කටයුතු කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ නොවාසිකාගාරයේදී සිදු කරන අතර හෙට (03) සහ අනිද්දා ද(04) මෙම කටයුතු එම ස්ථානයේදීම පෙරවරු 8.00 සිට පෙරවරු 9.00 දක්වා පැවත්වීමට නියමිතය.
තරගාවලිය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති නව බොක්සිං නීති වලට අනුව සිදු කිරීමට නියමිතය.
www.supirikrida.com

Nov 1, 2013

ඩීඑස්අයි වොලිබෝල් තෙවැන්නෝ

පාසල් වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්තයන්ගේ සිහිනය වි ඇති සහ ලාංකේය වොලිබෝලයේ අනාගත අභිවෘද්ධිය පිණිස වන විශිෂ්ඨතම සත්කාර්යය බවට අවිවාදිත ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් 2013 තරගාවලියේ අවසාන තරග නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇති අතර පහත දැක්වෙන්නේ මෙවර එම තරගාවලියේ ඒ ඒ වයස් කෘණ්ඩ වල තෙවන ස්ථාන දිනූ බාලක සහ බාලිකා කණ්ඩායම්ය.
තරගාවලියේ සජිවි ලකුණු සටහනක් සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය (www.supirikrida.com) හරහා ගෙන ඒමට බලාපොරොත්තු වන අතර තාක්ෂණික ගැටළු කිහිපයක් නිරාකරනය කර ගැනීමට අවස්ථාව ලැබුණහොත් තරගාවලියේ සජීවි රූපමය විකාශයක්ද වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇත.
තරගයේ අවසාන තරග සදහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම්වල තොරතොරු ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

අවුරුදු 14 න් පහළ බාලක රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය



අවුරදු 14 න් පහළ බාලිකා ගලපිටමඩ වළගම්බා විද්‍යාලය
අවුරුදු 16 න් පහළ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය
අවුරුදු 16 න් පහළ බාලිකා අම්පාර උහන වෑවින්න විද්‍යාලය
අවුරුදු 18 න් පහළ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය
අවුරුදු 18 න් පහළ බාලිකා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය







                                   

සීවලි ආදි සිසු ක්‍රිකට් ගැටුම් හෙට

බොරැල්ල සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවන් අතර පැවත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් හෙට එම විද්‍යෘලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.කොළම ප්‍රදේශයේ පැවති ප්‍රධානතම මිශ්‍ර පාසලක්ව පැවති සීවලිය පසු කාලීනව යම් බිද වැටීමකට ලක් වූ බවත් නමුත් වර්ථමාන විදුහල්පති සිඩ්නි ලොකුකුමාර මහතා සහ ඇදුරු මඩුල්ල විශාල වෙහෙසකින් යුතුව නැවත විද්‍යාලය උසස් මට්ටමකට ගෙන එමින් තිබෙන බවත් පෙන්වා දෙන මෙම තරගාවලිය සංවිධානයට උර දෙන ආදි සිසුවන් පවසන්නේ  මෙවැනි අවස්ථාවක විද්‍යාලය නැංවීම සදහා දායකත්වය ලබා දීම සිය යුතුකම බැවින් සියළු ආදි සිසු - සිසුවියන් ඒකරාශි කර ගැනීමේ අරමුණෙන් මෙම තරගාවලිය සංවිධානය කරන්නට යෙදුණ බවයි.
ආදි සිසුවන් මෙන්ම සිසුවියන්ටද සහභාගි විය හැකි පරිදි කණ්ඩායම් සංයුතිය සකස් කිරීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දෙන එම සංවිධායක කමිටුව සි්‍යළුම සිවලි මධ්‍ය මහා විද්‍යාල ආදි සිසු - සිසුවියනට පෙ.ව 8.00 වන වීමට ප්‍රථම ක්‍රීඩා පිටියට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර එම අවස්ථාවේදී සිය පැරණි හිත මිතුරන් හා එක් වී තමන්ටද කණ්ඩායමක් නියෝජනය කරන අවස්ථාවක් උදා කරගත හැකි බව ඔවුන් පවසයි.
www.supirikrida.com

ආගමන විගමන සුහද කෙළි උළෙල හෙට

ගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ට විවෘත වූ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු සේවක සුහද ක්‍රීඩා උළෙල හෙට (නොවැම්බර් 02) දවස පුරා කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.එහි සේවක සේවිකාවන්ගේ සහ එම පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රීඩා කුශලතාවයන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඔවුන්ට විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි වන අයුරින් සංවිධානය කර ඇති මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සදහා පෞද්ගලික අංශයෙන්ද යම් යම් අනුග්‍රාහකත්වයන් ලැබී ඇත.
www.supirikrida.com

Oct 31, 2013

කෝලි සහ ධවාන් ඕස්ට්‍රේලියාවට එලවා පහර දෙති

Virat Kohli brought up his hundred off 61 ballsවිරාට් කෝලි පන්දු 66 ක් තුළ නොදැවී වාර්තා කළ ලකුණු 115 සහ ශිකර් ධවාන් පන්දු 103 ක් තුළ වාර්තා කළ ලකුණු 102 ත් නිසා පන්දු ඕවර් 50ක් තුළ ලකුණු 350 ක් ලබා සැනසුම් සුසුමන් හෙළමින් සිටි ඕස්ට්‍රේලියාවට අවසානයේ පරාජයේ දෝමනස්සයන්ගෙන් හදවත පුරවා ගන්නට සිදු විය.නාග්පූර් හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ලැබූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ඔස්ට්‍රේලියාවට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉන්දීය නායකයාගේ තීරණයට සරදම් කරන ඉණිමක් දියත් කළ ඕස්ට්‍රේලියානු එක්දින නායක ජෝජ් බේලි ලකුනු 156 ක් ලබා ගත්තේ පන්දු 114 ක් තුළදීය.පන්දු 94 ක් තුල ෂේන් වොට්සන් රැස් කර ලකුණු ප්‍රමාණය 102 ක් වූ අතර මෙම ලකුණු දායකත්වය නිසා ඕස්ට්‍රේලියාව නියමිත පන්දු වාර කඩුලු 6 ට ලකුණු 350 ක් ලෙස නිමාවට පත් කිරීමට සමත් විය.
විශාල ඉලක්කයකට ලඝා වීමේදී ශක්තිමත් ආරම්භයක අවශ්‍යයතාවය ඉටු කළ රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 29.3 ක් තළ දී රැස් කළ එක් කළ ලකුණු සබදතාවය 179 ක් වූ අතර මේ ශක්තිමත් ආරම්භයට රෝහිත ෂර්මා ලකුණු 79 ක් එක් කළ අතර ශිකර් ධවානගේ දායකත්වය ලකුණු 102 ක් විය.මේ ආරම්භය ප්‍රාතිහාර්යක් කිරීමට අවශ්‍යය පදනම බවට පෙරළා ගත් විරාට් කෝලි පන්දු 61 කින් වාර්තා වූ ශතකයක් සමග ප්‍රවේගතාරී ඉණිමක් දියත් කළේ   පනස්වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ඉන්දියාවට අදහාගත නොහැකි ජයග්‍රහණයක් උරුම කර දෙමින්ය.ඒ අනුව තරග 7 කින් සමන් විත තරගාවලියේ ජයග්‍රහණ ප්‍රමාණය 2 - 2 ක් ලෙස සම වන අතර පැවත්විමට ඉතිරිව ඇති හත් වන තරගය වඩාත් තීරණාත්මක සහ තරගකාරී රටාවකින් යුතු තරගයක් බවට පත් වනු ඇත.
ලකුණු පූවරුව සදහා පිවිසීමට මෙම සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/india-v-australia-2013-14/engine/match/647259.html

www.supirikrida.com

වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් ඉල්ලුම්පත් භාර ගැනීම නොවැමබර් 10 අවසන්

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 30 වන වරටත් පැවත්වීමට නියමිත වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය සසදහා ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය නොවැමබර් 10 වන දා බව වෙළද සේවා බැඩ්ම්න්ටන් සංගමය දන්වා සිටිනවා.දැනටමත් www.mercantilebadminton.lk  වෙබ් අඩවියෙන් අදාළ ඉල්ලුම් පත් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර ඒ සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීමට වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු දුරකථන අංක 0772 442432 ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථාව තිබෙනවා.
සියළුම අයදුම්පත් වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංත 65/1,දෙවන මහළ,නාවල පාර, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු අතර මෙවරත් ඩියුලක්ස් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් 24 සි දෙසැම්බර් 1 දා දක්වා ගල්කිස්ක ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
www.supirikrida.com

Oct 30, 2013

ධනුෂ්ක සහ කුසල් කෙන්යාවට එරෙහි ජයට මුල් වෙති

            
Mashtayage Danushka Gunathilaka
Mathurage Don Kusal Janith Perera

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කෙන්යානු ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති දෙවන සහ තෙවන තරග වලදී ද ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ජය ගැනීමේ අවස්ථාව හිමි වුණා.කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීම පහසු කළ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරා අපූරු පිතහරඹයන්හි නියැලීම කැපී පෙණුනා.‍
දෙවන තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය පන්දු ඕවර් 20 නිමා කළේ ලකුණු 187 ක් ලබමින්.එහිදී ක්‍රියාත්මක වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 44 දී ලකුණු 70 ක් ලැබූ අතර එයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා.
http://www.espncricinfo.com/ci/engine/match/682217.html එම තරගයේ ලකුණු සටහනට ඉහත සබදතාවයෙන් පිවිසිය හැකි අතර තෙවන තරගයේ ලකුණු විස්තරයට පහත දැක්වෙන සබදතාවයෙන් පිවිසිය හැකියි.http://www.espncricinfo.com/ci/engine/match/682219.html
එහිදී කාසියේ වාසිය ලැබපළමුව පන්දුවට පහර දුන් කෙන්යාව ලකුණු 122 ට සීමා කිරීමට මූලිකත්වය ගත් ජීවන් මෙණ්ඩිස් ලකුණු 14 ට කඩුලු 4 ක් ලබා ගත්තා.පිළිතුරු ඉණිමේදී සීසීසී පිටිය දෙවනත් කළ කුසල් ජනිත් පන්දු 47 දී ලකුණු 81 ලැබූ ජනිත් ගේ පිත්තෙන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් එල්ල වුණා.
තරගාවලියේ සිව්වන තරගය හෙට කොළම සීසීසී පිටියේදීම පැවත්වීමට නියමිතයි.
www.supirikrida.com