Jan 5, 2013

වේඩ් ඇණයක් වෙයි

Matthew Wade is airborne after reaching his century
වේඩ්
ශ්‍රී ලංකා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නා වන මැතිව් වේඩ් රැස් කළ අගනා ශතකය හේතුවෙන් (නොදැවී 102) ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාවට එරෙහි තෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 138 ක වාසියක් ලබා ගැනීමට හැකිවිය.විශේෂයෙන්ම කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලෙස විවාත මුහුනුවරකට හැරෙමින් තිබූ තරගය ඕස්ට්‍රේලියාවට වැඩි වාසිදායක තත්ත්වයක් නිරුමාණය වන පරිදි හැඩ ගසන්නට මූලික වූ වේඩ් සමග හත් වන කඩුල්ලට ලකුණු 77 ක සබදතාවයක් ඇති කරන්නට දායක වූ පීටර් සීඩ්ල් (38) ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ සංයමය සැකසිය යුතු ආකාරය පිළිබද වැඩමුළුවක් ඉදිරිපත් කළහ.
ලකුණු 393 ක් ව තිබියදී නව වන කඩුල්ල අහිමි වූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේඩ් ට හිමි විමට තිබූ ශතකය අහිමි වීම වැළක්වීමට සිය පළමු ටෙස්ට් ඉණිම ක්‍රීඩා කරන ජොන්සන් බ්ර්ඩ් (නොදැවී 06) යහපත් සහයක් ලබා දුන් අතර ඔහු පිටියේ රැදී සිටි කාලය තුළ පන්දු 11 ට පමණක් මුහුණදීමේ අවකාශය සැළසූ වේඩ් සිය වගකීම මොනවට පැහැදිළි කරමින් හිමිවිය යුතුවම තිබූ ශතකයේ හිමිකාරයා වන්නට සමත් විය.
ලකුණු 432 දී ඉණිම අත් හිට වූ ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන ඉණිම ඇරඹූ ශ්‍රී ලංකාව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට ලකුණු 18 ක් ලබා කිසිවෙකු නොදැවී සිටි අතර මෙම සටහන තැබෙන විට ශ්‍රී ලංකාව එක කඩුල්ලක් දැවී ගබා ඇති ලකුණු ප්‍රමාණය 112 කි .ඩිල්ෂාන ගේ ඉණිම ලකුණු 5 ට සීමා වූ අතර නවන ක්‍රීඩක දිමුත් කරුණාරත්න සිය ප්‍රහාරාත්මක සුපුරුදු පිතිකරණය විදහා දක්වමින් නොදැවී ලකුණු 69 ක් ලබා සිටියි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයේ අලුත් තත්ත්වය දැන ගැනීමට පහත සබදතාවය තෙරපීමෙන් හැකි වෙනු ඇත.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html

www.supirikrida.com

බේස්බෝල් අවුල් සහ විනය ගැන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අවධානයෙන්

බේස්බෝල් පරිපාලනය ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ දිගුවක් ලෙස පවත්වන ලීග් තරගාවලියේ දී ලීග් තරගාවලියට සුදුසුකම් නොලත් පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් තේරී පත් වූ ක්‍රීඩා සමාජ වලට ඇතුළත් කිරීමේ සම්ප්‍රදාය විරෝධී සහ සදාචාරසම්පන්න නොවන ක්‍රියාවට නිලධාරි බලය යොදමින් ක්‍රීඩා සමාජවල කැමැත්ත ලබා ගනිමින් සිටින බව වාර්තා වන අතර ඒ පිලිබදව ක්‍රීඩා අධ්‍යක්ෂජෙනරාල් වරිය මේ වන විටත් කරුණු සෙවීම සදහා අදාළ අංශ දැනුවත් කර තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.මේ තත්ත්වය නිසා එක තරගවාරයක දී එක ක්‍රීඩකයෙකුට ක්‍රීඩා සමාජ දෙකකට පෙනී සිටීමේ සදාචාරසම්පන්න නොවන අනීතික තත්ත්වයට පරිපාලනයම පාර කපන බව මෙන්ම සුදුසුකම් ලැබූ ක්‍රීඩා සමාජ එම තත්ත්වයට ගෙන ඒම සදහා පාර සැකසූ ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදු වෙනවා සේම,පරාජිත ක්‍රීඩා සමාජ වලට තමන් සතුව සිටි දක්ෂතා ඇති ක්‍රීඩකයන් අහිමි වීමෙන් එම ක්‍රීඩා සමාජ තවත් අකර්මන්‍ය වීම සහ මානසිකව කඩා වැටීමකට ලක්වීම සිදුවන බවත් සුපිරි ක්‍රීඩා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පෙන්වා දුන් අතර ඇයද ක්‍රීඩාවේ නාමයෙන් පරිපාලනයක් ක්‍රීඩාවේ පුනරුදයට හේතු නොවන මෙවැනි ක්‍රියාවක නිරත වන්නේනම් එය පිළිබදව වහාම ක්‍රියාත්මක විය යුතු බව ද පිළි ගත්තේය.


එසේම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජපාන කනගාවා උසස් පාසල් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගවලදී විනසුරුවරයන් දුරකථන භාවිතා කිරීම පිළිබදව ජපන් නිලධාරීන්ගේ විරෝධය එල්ල වී ඇති බවත් එක් අවස්ථාවකදී විනිසුරුවරයෙකුගේ එම අවිනීත ක්‍රීයාවට එරෙහිව තරගය තාවකාලිකව නවතා ඇති බවත් තමන්ට දැන ගන්නට ලැබුණු බවටත් ලැබුණු තොරතොරු සම්බන්ධයෙන් අදාළ විනිසුරු කටයුතු වල ප්‍රධානියා ලෙස කටයුතු කළ සුජීව විජේනායකගෙන් ලිඛිතව තොරතොරු ඉල්ලා ඇති බවත් පැවසූ අතර එම තොරතොරු මත එම විනිසුරුවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන බවත් පැවසීය.
ජපානයෙන් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් පවත්වා ගෙන යාම පිළිබදව මෙන්ම විනයගරුක ලෙස ක්‍රීඩා කිරීමේ සහ වෙනත් ක්‍රියාවන් හී නිරතවීම පිළිබදවත් පාඩම් උගත යුතු බව පැහැදිළි කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩා අමාත්‍යතුමා ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන බව පෙන්වා දුන් අතර එවැනි අයට වරප්‍රසාද ලබා ‍නොදීම මෙන්ම එවැන්නන්ට වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන්නන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවනු ඇතැයි ද පෙන්වා දුන්නාය.
මේ බව සුජීව වි‍ජේනායකගෙන් කළ කරුණු විමසීමකදි ඔහු විනිසුරුවරයන් ක්‍රීඩාවට අනුචිත ආකාරයට දුරකතන භාවිතා කළ බව පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ඉල්ලීම පිට ඇයට ලිඛිතව දැණුම් දීමට කටයුතු කරන බව පැවසීය.එසේම ජපානයෙන් පැමිණි  කෝජියසො වැනි ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු කේෂ්ත්‍රයේ දැවැන්තයන්ගේ අවධානය යොමු වූ බව සහ අප්‍රසාදය පළ වූ බව පවසන   සුජීව ඔවුන් ද මේ පිළිබදව තමන්ගෙන් ලිඛිතව ඒ පිළිබදව තොරතොරු බලා‍පොරොත්තුවෙන් සිටින බව පැවසීය.විශේෂයෙන්ම ජපන් ක්‍රීඩකයන්ද එවැනි ක්‍රියා සිදුවීම පිළිබදව කණස්සල්ලෙන් කතා කළ බව පෙන්වා දෙන සුජීව විශාල මුදලක් වැය කර ක්‍රීඩාංගණයක් තනමින් ජපානය මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන අවස්ථාවක මෙවැනි ක්‍රියාවන් ඔවුන් ඉදිරියේදීම සිදු කිරීම රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට  විශාල පහරක් බවත් ස
www.supirikrida.com

මුතුමාලි ගේ ප්‍රිය සිහින බොද වෙයි

මුතුමාලි
යේ මහනුවර පේරාදෙණිය ජගත් රාජපක්ෂ අන්තර් ජාතික ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේ ඇරඹි ජාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියේදී මූලික වටයේ තරගයකදී අවුරුදු 15 න් පහළ බාලිකා අංක එක ක්‍රීඩිකාව වන මුතුමාලි ප්‍රියදර්ශණී පරාජය කරන්නට රෝෂිනි දහනක සමත් වූවා ය.අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන මුතුමාලී ට එරෙහිව කුරුණාගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවක වන රෝෂිනි,ලකුණු 11 /05 , 11 / 08 , 09 / 11 , 08 / 11 සහ 12 / 10 ලෙස ජය ගන්නට සමත් වූවා ය.
මේ අතර අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේදීම තවත් පෙරළියක් කරමින් එම වයස් ඛාණ්ඩයේ අංක තුනට ශ්‍රේණිගතව සිටින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තෙදිනි තුෂාරා එම විද්‍යාලයේම ඉමාෂා ද සිල්වා අතින් ලකුණු 11 / 08 , 11 / 07 , 07 / 11 සහ 11 / 08 ලෙස පරාජය ලැබුවාය.
සෙසු වයස් ඛාණ්ඩ වලදී එවැනි පෙරළිකාරි සිදුවීම් වාර්තා නොවුණු අතර අද තරගාවලියේ අවසාන දිනය යි.
www.supirikrida.com

දැල් පන්දුවේ අනාගතය චන්දදායකයන් අතේ



ව දැල් පන්දු පරිපාලනයක් පත් කර ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කේෂ්ත්‍රයේ ක්‍රීඩා සමාජ වලට ලැබී ඇති අවස්ථාව නිවැරදිව ප්‍රයෝජනයට ගත යුතුව ඇත.මෙවර දැල් පන්දු නිලවරණයේදී අලුත් මුහුණු කිහිපයක් දකින්නට ලැබෙන අතර දැල් පන්දු කේෂ්ත්‍රයේ මෑතකාලීන අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් කිහිප‍ දෙනෙකුද ඒ අතර වේ.මෙම නිලවරණයේදී හිටපු සභාපතිවරියක වන ට්‍රික්සි නානායක්කාර සහ බැංකු නිලධාරිණියක වන ලක්ෂ්මි වික්ටෝරියා තරග බිමට පිවිස සිටින අතර එම දෙදෙනා මුල් කර ගත් කණ්ඩායම් ලෙස බොහෝ දෙනෙකු මෙම නිලවරණයට ඉදිරිපත් වි සිටියි.
ට්‍රික්සි නානායක්කාර හිටපු නිලධාරිණියක ලෙස අත්දැකීම් ඇති තැනැත්තියක් මෙන්ම විවිධාකාර ගැටළු වලට මුහුණ දුන් පරිපාලිකාවක්ද වේ.ලක්ෂ්මි, මහජන බැංකුවේ අනුග්‍රාහාත්මක මැදිහත්වීමත් සමග දැල්පන්දු කේෂ්ත්‍රයට යළිත් අවතීර්ණ වූ අතර ඇය පසුගිය කාලයේ ඇතිවූ අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත්කළ කමිටුවේ ප්‍රධානත්වයද දැරුවාය.
මෙම නිලවරණයට සහභාගි වන කණ්ඩායම් අතර ලක්ෂ්මී විසින් සොයා බලන ලද අක්‍රමිකතා වලදී පරීක්ෂාවට ලක් වූ ඇතැම් චරිත ද ඇයගේ පාර්ශවයම නියෝජනය කරමින් තරග වදිනු දකින්නට ලැබීම යහපත් දර්ශනයක් නොවන අතර මීට පෙර ට්‍රික්සි නානායක්කාර පාලනය යටතේද එම තැනත්තියන් විවිධ චෝදනා වලට ඉලක්ක වූ අය වීම ද මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණකි.ඒ නිසා මෙහිදී පාර්ශව ගත නොවී ක්‍රීඩා සමාජ යහපත් අය එම තනතුරු සදහා තෝරා ගැනීම වැදගත් බව සුපිරික්‍රීඩා අදහස වේ.හිටුපු නායිකාවක වන ජයන්ති සෝමසේකරන්ගේ ආගමනය කැපී පෙනෙන අතර ඇයට අභියෝග කරමින් ඇය සමග ලේකම් තනතුරට තරග වදින්නී පාසල් දැල්පන්දු කේෂ්ත්‍රයේ කැපී පෙනෙන්නියක වන ශිරෝමි කුරුප්පු ය.
පාලන කිහිපයක් යටතේම විවිධ චෝදනා වලට ලක් වූ හිටපු භාණ්ඩාගාරිකවරියන් මෙවර වෙනත් තනතුරු හරහා කේෂ්ත්‍රයට අවතීර්ණ වීමට උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇති අතර ඒ අනුව භාණ්ඩාගාරික තනතුරට නිශාන්ති ඕවිටිගල ට තරගයක් දීමට අයෙක් ඉදිරිපත් වී නැත.ක්‍රීඩා අමාත්‍යවරයා කලෙක සිට පවතින අතුරු පාලන කමිටු පාලනයන් වලින් දැල් පන්දුව නිදහස් කර ගැනීම පිණිස වැදගත් වේ යැයි යන විශ්වාසයෙන් මෙම නිලවරණයට පිවිසිය ද,එහිදී අක්‍රීයව පැවති සංගම් වලට ඡන්ද බලය පිරිනැමීමට කටයුතු කිරීමෙන් දැල්පන්දුව වෙනුවෙන් ක්‍රියාකාරී සහයෝගයක් ලබා නොදුන් ඇතැම් පිරිස්  වෙත බලය පැවරී ඇති ආකාරය ගැටළුකාරීය.
කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයා බොහෝ තැන් වලදී දැල්පන්දුවේ සම්ප්‍රදායික මුහුණු වලට ඔබ්බෙන් මෙහි පරිපාලනය පිළිබදව සිතිය යුතු කාලය පැමිණ ඇති බව අදහස් කළ ද ඔහු වටා සිටින ඇතැම් නිලධාරීන් අමාත්‍යවරයාව උපක්‍රමශිලී ලෙස එම මතයට විරුද්ධ දිශාවන් වෙත යොමු කරන බවක් දැකිය හැකි අතර ඉකුත් සය ජාතික සිංගප්පූරු දැල්පන්දු තරගාවලියේදි ඒ තත්ත්වය මැනවින් දකින්නට ලැබිණ.
කෙසේ හෝ කණ්ඩායම් ගතව තරගයට ඉදිරිපත් වුව ද ඡන්දය භාවිතය කණ්ඩායම් ගතව සිදු නොවන්නේ නම් ක්‍රීඩාවේ යහපත පිණිස වන පිරිස තීරණය කර ඡන්දය භාවිතා කිරීමෙන් දැල් පන්දුවේ ප්‍ර‍බෝධය පිනිස ඡන්දදායකයින්ට විශාල සේවයක් කිරීමේ හැකියාව තිබෙන බව අපේ විශ්වාසය වන්නේය.ඒ සදහා අවංක මැදිහත් වීමක් කරන්නට ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් වන්නේ නම් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ඡන්දදායකයාට ඇති අවස්ථාව රකිමින් මෙම නිලවරණය රහසි ඡන්දයක් ලෙස පැවත්විය යුතු බව ද අපි දැඩිව අවධාරණය කරනු කැමැත්තේමු.
www.supirikrida.com

Jan 4, 2013

වෙළද සේවා බැඩ්මින්ටන් මුල් පුටුව නැවතත් නිරෝධට

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ මුල් පුටුව නැවතත් නිරෝධ ද කොස්තා ට හිමි විය.ඉකුත් කාලයේ ගැටළුකාරි තත්ත්වයන් නිර්මාණය වුණු ජාතික බැඩ්මින්ටන් සංගමයට මෙන්ම එවැනිම අර්බූද සහිත වූ අනෙකුත් පරිවාර සංගම්වලට ද ආදර්ශයක් වෙමින් ක්‍රියාත්මක වූ වෙළද සේවා බැඩිමින්ටන් සංගම‍ය සංවිධානයක් ලෙස එකමුතුව සහ සහයෝගයෙන් ක්‍රියා කළ ආකාරය පැසසුම් සහගතය.
මෙවරත් ලේකම් ධුරය රොහාන් සන්තානම්ට හිමි වී ඇති අතර උප සභාපතිවරුන් ලෙස රොෂාන් ප්‍රනාන්දු, ශිරන්ති මැද්දෙගොඩ,ශ්වොන් ශීක්,අනිල් සමරසේකර සහ සංචලා ලියනගේ පත් වූ අතර, ප්‍රසාද් ආර් අබේසුන්දර භාණ්ඩාගාරික ලෙස පත් විය.
උප ලේකම් ලෙස නවින් සමරසේන ද උප භාණ්ඩාගාරික ලෙස නලින් නානායක්කාර ද පත් වූ අතර තරග ලේකම් සහ උප කරග ලේකම් ලෙස පිළිවෙළින් මෝදිත ජයසේකර සහ චන්දන නිලන්ත තේරී පත් විය.සංගමයේ ප්‍රධාන අනුශාසකත්වය මැක්ලර්ස් ආයතනයේ රොහාන් ද සිල්වා ට හිමි වූ අතර සෙසු අනුහාසකයන් ලෙස බාර්ට්ලිට් සමූහයේ එරාජ් විජේසිංහ,ඇක්සෝ නෝබෙල් පේන්ට් පුද්ගලික සමාගමේ ජෙරල්ඩ් ද සේරම්,ඩග්ලස් සහ පුත්‍ර සමාගමේ සරෝජ් පෙරේරා,ටෙම්පල් පබ්ලිසිටි සර්විස් සමාගමේ ගාමිණි ජයසූරිය සහ අල්මාර් ට්‍රේඩිං සමුහයේ අජිත් විජයසිංහ තේරී පත් වූහ.
සංගමයේ විධායක කමිටු සාමාජිකත්වය සදහා සීමාසිහිත බ්‍රැන්ඩෙක්ස් ඇපරල් පුද්ගලික,සෙලින්කෝ ක්‍රීඩා සමාජය,ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම,ඩයලොග් ඇක්ෂියාටා පීඑල්සී,සීමාසහිත.ඩග්ලස් සහ පුත්‍ර සමාගම,ඩීඑස්අයි සැම්සන් සමුහය,හේලිස් සමූහය,අයිබීඑම් වරල්ඩ් ට්‍රේඩ් සංස්ථාව,සීමාසහිත අයිසීඑම් මයික්‍රෝ කම්පියුටර්  සිස්ටම් පුද්ගලික,ජෝන් කීල්ස් සමූහය,මැක්ලරන්ස් සමූහය,සම්පත් බැංකුව පීඑල්සී,සෙලාන් බැංකුව පීඑල්සී,සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව සුදුසුකම් ලබා ගත්හ.
www.supirikrida.com

තිරිමාන්න, මේල් ලා දොන් ලා එක පෙළට තබා පහර දෙති

Lahiru Thirimanne drives during his innings of 91
තිරිමාන්න
රුන් ලොගාඩ් ගේ කෝටි ගණනක් වටිනා වාර්තාවෙන් ද හදුන්වා දුන් ක්‍රිකට් තේරීම් කමිටුව නම් වූ අශුද්ධ සංධානය විසින් ඕසට්‍රේලියානු සංචාරයෙන් ගලවා දමන ලද මැත කාලයේ බිහි වූ වේග පන්දුවට මැනවින් මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස ප්‍රකට ලහිරු තිරිමාන්න,කුමාර සංගක්කාරගේ අබාධයෙන් ඇති වූ හිදැස පුරවමින් අපූරු පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට්  තරගයේදී ලකුණු 91 ක් ලබා ගැනීමට සමත්විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ තිරිමාන්න කඩුලු දෙකක් ලකුණු 72 ට අහිමි ව තිබියදී පිටියට පිවිස දැවී යන විට ලකුණු පූවරුව 250 දක්වා ඉහළ දැමීමට සිය දායකත්වය දැක්වා තිබිණ.ආරක්ෂාව සහ ආක්‍රමණය යන කරුණු දෙකම රැදුණු තිරිමාන්නගේ ඉනිමට විනාඩි 215 ක් ගත වී තිබිණ.එහිදී පන්දු 151 ට මුහුන දුන් තිරිමාන්න හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් එක් කර තිබිණ.
තිරිමාන්නට අමතරව ලකුණු අතරට පිවිසෙමින් නායක මහේල ජයවර්ධන ලකුණු 72 ක් ලබා ගත් අතර එය අතිශයින් අලංකාර වූ සිත් ගන්නා සුළු ඉණිමක් විය.කලෙකට පසුව විදේශ ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් ලැබූ මහේල නායකත්වය දරන අවසාන ටෙස්ට් තරගය මෙය වන අතර ඇතැම් විට ඔහු ටෙස්ට් පිටියේ දකින්නට ලැබෙන අවසාන තරගයද මෙය විය හැකිය.කෙසේ හෝ මහේල සහ තිරිමාන්නගේ සුපිරි ඉණිම් දෙක සදහා ප්‍රමාණාත්මක සහයෝගයක් නොලැබුණු අතර ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා ගියේ ඩිල්ෂාන් (34) සහ චන්දිමාල් (24) පමණි.ඒ නිසා එම පිතිකරුවන් දෙදෙනාගේ වෙහෙසට සරිලන අවසාන ප්‍රතිපලයක් ලකුණු පූවරුවේ දක්නට නොලැබුණු අතර ශ්‍රී ලංකා ඉණිම ලකුණු 294 දි නිමාවට පත් විය.
පිළිතුරු ඊනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව දෙවන දිනයේ දිවා භෝජනය වන විට ලකුණු 127 ක් ලබා සිටි අතර අහිමි වී තිබුණේ එක කඩුල්ලක් පමණි.ඒ එඩ් ක්‍රවුන් වු අතර ඔහු මේ තරගාවලිය පුරාම පාහේ දැවී ගිය ආකාරයට දුවද්දී දැවී ගියේ ලකුණු 4 ක් පමණක් ලබා සිටියදි ය.ඩේවිඩ් වර්නර් තරගාවලිය පුරාම ලකුණු අතර රැදෙන ක්‍රීඩකයෙකු ලෙස මේ තරගයේදී යළිත් ඒ බව තහවුරු කළේ අර්ධ ශතකයක් රැස් කරමින්ය.පන්දු 37 දි ගලා ආ එම ලකුණු ප්‍රමාණය දිවා භෝජනය වන විට පන්දු 63 දී නොදැවී රැස් කළ ලකුණු 68 ක් බවට පත් වී තිබුණු අතර පිලිප් හියුග්ස් පන්දු 90 ට මුහුණ දි ලකුණු 50 ක් නොදැවී ලබා උන්නේය.
පහත සබදතාවය හරහා තරගයේ සජීවී ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com

ආයුබෝවන් වටනබේ

ශ්‍රී ලංකා පොළව මත ජපානයෙන් පැමිණ සිට වු දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් බවට පත් කිරීමට දහදිය වැපිරු සොදුරු ජපන් හපනා,ශ්‍රී ලංකා ජාතික බේසබෝල් පුහුණුකරු වටනබෙ යසුමා ඊයේ ලක්බිමෙන් නික්ම ගියේය.අපේ පොළව මත සිහිනයක්ව පැවති බේස්බෝල් ක්‍රීඩාංගණ සිහිනය යථාර්තයක් කිරීමට ඔහු දැරූ වෑයමට එරෙහි වූවෝ ද වූහ.සංවිධානාත්මකව ඔහු එම ක්‍රීඩාංගණයේ වැසිකිළි වළද රැගෙන යනු ඇති බවට  ගද ගහන කතා  පැහැරූ පිරිස්, මුඛය පසෙක ලා අධෝ මුඛයෙන් ජාතිකත්වය ගැන කතා කරන්නෝ බවට පත් වෙද්දී  වටනබේ සිය දෙවන නිජබිම බවට ලංකාව පත් කර ගනිමින් ඒ වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන්නට අපවාද - අවලාද ඉදිරියේ නොසැලී කටයුතු කළහ.
අද ලංකාවට කියා ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයක් ඉතිරිව ඇත.එය දකුණු ආසියාවේ ඇති එකම ක්‍රීඩාංගණයද වන්නේය.ඒ නිසාම දකුණු ආසියාවේ තරගාවලියක් පැවත්වීමට සුදුසුම බිම ද එය වන්නේය.අපට බිම ඇතත්,ඇතැමෙකු රැගෙන යතැයි කී වැසිකිලි වළක් එහි දකින්නට නැත.අඩුම ගණනේ අප ඒ වචන පුවත්පිටු තුළ රදන්නට සැළසුම් කළ පුගුළන්ට දැන් අභියෝගයක් ඇත.ඒ අඩුම තරමින් කල් නොයවා එහි තරග වදින්නන් හට ප්‍රමාණවත් කැසිකිළි - වැසිකිළි පහසුකම් ලබා ගන්නට හැකි පරිදි වැසිකිළියක් තැනීමය.මඩප්‍රචාර වෙනුවෙන් සහ සිය පෞද්ගලික නයාය පත්‍ර වෙනුවෙන් ලංකාවේ බේස්බෝලය බුදින්නන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජාතික බේස්බෝලය දෙස වඩා පුළුල් අරුතකින් බලා සිය පෞද්ගලික ඕනැකම් වෙනුවෙන් ලාංකේය බේස්බෝලයේ හැඩතල රකින්නට වැය කරන දේ අඩුම තරමේ ජාතික බේසබෝල් ක්‍රීඩාංගණයට වැසිකිළි කටක් ලබා දීමට භාවිතා කරන ලෙසය.
ආදි නාලන්දියෙකු වූ චාරුක සුරවිර (වර්ථමානයේ ශ්‍රී එෆ් හි ඉහළ විධායකයෙකි) විසින් කරන්නට යෙදුණ යෞවන සම්මාන දිනූ ජුදාස් මුහුණ (පසුව එය තිත්ත කුසලාන නමින් නිර්මාණය විය) නාට්‍යයේ එක් ගීතයක දෙවියන් වහන්සේ නාම පදයක් නොවේ එය ක්‍රියා පදයකි නමින් ගීතයක් විය.(ඉවාන් පවුලූෂා නම් වූ ජනප්‍රිය ගීතයේ පද රචකයාද චාරුකය) මට වටනබේ පිළිබදව සිතද්දී එය සිහිවන්නේ වටනබේ දෙවියන්ට සම යැයි සිතීමකින් නොවේය.ඔහු අසම සම දරා ගැනීමකින් යුතුව නොසැලී සිය සත්භාවයේ සිතුවිල්ල යථාර්තයක් දක්වා ගෙන යන්නට වචනයෙකු හෝ නො'බැන ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට දැක් වූ වෙහෙස ගැන සිතද්දීය.
ඔහු ක්‍රීඩාංගණය විවෘත වෙද්දී අපේ ජාතික ගීතය ගායනා කරන ලද සාඩම්බර විලාශය අපූරුය.එම තරගය විනිශ්චය කරන්නට යොදා සිටි අපේ විනිසුරුවරයෙක් ජාතික ගීය අතරතුර සිය ජංගම දුරකථනයට පැමිණි ඇමතුම් පිලිබදව විමසිලිමත් වෙද්දී (තවත් විනිසුරුවරයෙකුට ද මේ ආකාරයෙන් දුරකථන භාවිත  චෝදනාවම එල්ල වී ඇත.)මේ ජපන් ජාතිකයා මදකුදු නොසැලී සීරුවෙන් සිට ලාංකේය ජාතික ගීතය ගැයූ හැටියෙන් මේ රටේ ඉපදුණු මිනිසුන්ට ද ජාතික ගීතය හරහා ජාතියට සළකන අයුරු මේ අපූරු මිනිසා කියා දුන්නේය.
සේද මාවතේ පැමිණි ඓතිහාසික සුහදත්වයේ ගමනේ අලුත් පිටුවක් ලියූ සොදුරු මිනිසාන!ඔබ සමුගෙන ගියද,ඔබේ මතකය යළි යළිත් අවදි වෙමින් ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ මිහිරියාවේ අන්දරයේ ඔබේ පරිච්ඡේදය අනාගතයට කියවන්නට දීමට ජපානය හෝ කටයුතු කරනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.ක්‍රීඩා අමාත්‍යතුමා දෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දෙස මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා දෙස ද අපි වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්නේ ආදර්ශමත් ජාතික පාඩමක් ලෙස අපේ රටේ ‍බේස්බෝල් ක්‍රීඩාවට ජාතික වටිනාකමක් ලබා දුන් වටනබේ ගේ නමින් අඩුම තරමේ ක්‍රීඩාංගනයේ ලකුණු පූවර්ව හෝ නම් කරාවිය යන විශ්වාසයෙනි.
වටනබේ ඔබට ආයුබෝවන්!ඔබ විසින් ජපානයේ මිතුරු කම යළි අවදි කරමින් මෙරටට ලබා දුන් මිළ අධික බේස්බෝල් ක්‍රීඩාංගණය හරහා ප්‍රදර්ශනය කළ අමිළ මිතුරු මානවී ගුණයට අපි සදා ණය ගැති වන්නෙමු.
www.supirikrida.com