Jan 9, 2012

ලංකාවේ පිරිමි වොලිබෝලය ස්ථාන 13 කින් එසැ වේ


සුගිය වර්ශයේ දක්වන ලද දක්ෂතා සැළකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ‍පිරිමි වොලිබෝල් වර්ගීකරණයේ ස්ථාන 13 ක් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම 91 වන ස්ථානයට පත් වී ඇත.කාන්තා වොලිබෝල් කණ්ඩායමට ඉකුත් වසරේ නව මුහුණු රැසක් එක් වූ අතර නමුත් ඔවුන් ද ශ්‍රී ලංකා කාන්තා වොලිබෝලය ජාත්‍යන්තර වර්ගීකරණයේ පහළට වැටීම වළක්වා රැදී තිබුණු 103 වන ස්ථානයේම රදවා ගන්නට සමත් වී ඇත.
ආසියාවේ පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතර ජාත්‍යන්තර වර්ගීකරණයේ මුල් කණ්ඩායම් 10 අතර ඇත්තේ එක් කණ්ඩායමක් පමණි.ඒ චීනය වන අතර ඔවුන් 10 වන ස්ථානයේ පසු වෙයි.කාන්තා අංශයේ දී ආසියාවේ කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇති අතර ජපානය තෙවන තැන ද චීනය පස්වන තැනද පසු වෙයි.

සචිත් ‘පෙට්සා’ යටතට

 

ශ්‍රී ලංකා ජාතික හෙල්ල විසි කිරිමේ සූරයා වන සචිත් මධුරංග පින්ලන්තයේ කොර්තාන් අධි ශ්‍රේණි පුහුණු කදවුරේ වැඩිදුර පුහුණුව සදහා එහි හෙල්ල වීසි කිරීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන පෙට්රි පීරොනන් යටතට පත් කර ඇත.පෙට්සා යන සුරතල් නාමයෙන් හදුන්වන ඔහු හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස පින්තන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකි.33 හැවිරිදි පෙට්සා ක්‍රීඩකයෙකු ලෙස දක්වා ඇති උපරිම දක්ෂතාවය පීටර් 76.38 කි.
වීසිකිරීමේ සහ සාමුහික ඉසව් පුහුණු කිරීමට ජගත් මලල ක්‍රීඩා සම්මේලනය අධි ශ්‍රේණියේ පුහුණු කදවුරක් ලෙස නම් කර ඇති මෙම පුහුණු කදවුරේ වීසි කිරීම් පුහුණුකරුවන් ලෙස ජේන් ඇලිනි (කවපෙත්ත),ආර්ටෝ පින්ටා-ආඩෝ(මිටිය) සහ පෙට්සා සහ හැනූ කැන්ගාස් (හෙල්ල) වීසි කිරීමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. 

Jan 8, 2012

මුල් අවස්ථාවෙන් ඔලිම්පික් යන්න කාටවත් බැරිවන ලකුණු


න්ඩන් ඔලිම්පික් තරගාවලිය සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කේවල ඉසව් සදහා සහභාගි වන තරගකරුවන් කවරේද යන්න තීරණය කිරීමේ දී පළමු අවස්ථාව හිමි වන්නේ පළමු සිව්දෙනා අතර එක රටකින් තිදෙනෙකු සිටින්නේ නම් එම තිදෙනාට වුවත් මේ වන විට කිසිදු රටකට එම අවස්ථාව දිනා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පැහැදිළි වෙයි.පළමු සිව් දෙනා අතර මැලේසියානු ජාතිකයෙක්,චීන ජාතිකයන් දෙදෙනෙක් සහ ඩෙන්මාර්ක් ජාතිකයෙක් සිටින අතර පස්වන ස්ථානයේ සිටින චීන ක්‍රීඩකයා සහ ඩෙන්මාර්ක් ක්‍රීඩකයා අතර හිමි වරප්‍රසාද ලකුණු ප්‍රමානය අතර විශාල පරතරයක් තිබෙන බැවින් මුල් සිව් දෙනා ගේ ශ්‍රේණිගත කිරීම් වෙනස් වේ දැයි සැක සහිතය.එසේ වෙනස් වුවහොත් පමණක් චීනයට ක්‍රීඩකයන් තිදෙනෙකු නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය හැකිය.
ඔලිම්පික් සුදුසුකම් ලැබීම සදහා වන දෙවන වරප්‍රසාදය වන මුල් 16 දෙනා අතර එක රටක් නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්ථාව ලැබීම දිනා ගැනීම සදහා මේ වන විට මුල් 16 දෙනා අතර ක්‍රීඩකයින් දෙදෙනා බැගින් රැදෙන චීනය,කොරියාව,ජපානය,ඉන්දුනීසියාව සහ ඩෙන්මාර්කයට අවස්ථාව හිමිවන ලකුණු දැකිය හැකිය. 
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් ශ්‍රේණිගත කිරීම්වල 77 වන ස්ථානයේ පසුවන නිලූක කරුණාරත්න ට එක් රටකට එක් අයෙකුට බැගින් හිමිවන ස්ථානයක් දිනා ගැනීමට  විශාල ඉඩ කඩක් ඇති අතර ඔහු ට ඉදිරියේදී ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට ලැබෙන අවස්ථාවන් අනුව සිය ශ්‍රේණිගත කිරීම් කළමණාකරනය කර ගනිමින් මෙම අවස්ථාව දිනා ගැනීම සදහා පසුබිම සකස් කිරීමට මෙරට ක්‍රීඩා බලධාරීන් ගේ අවධානය යොමු විය යුතුව ඇත.   

සෝයි ජයග්‍රහණයකින් වසර අරඹයි


කෙන්යාවේ එඩ්වින් සෝයි ජයග්‍රණයකින් වසර අරඹමින් ඉතාලියේ පැවති 55 වන කැම්පැකියෝ ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරගය ජය ගත්තා.ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසානය දැඩි තරගකාරී ස්වරූපයක් ගත් අතර එඩ්වින් මෙන්ම කෙන්යාවේම වින්සන්ට් චෙප්කොක් සහ ඉතියෝපියාවේ කින්දෙ අටනාවු අතර කරට කර සටනක් ප්‍රදර්ශනය වුණා.ඒ අතරින් සෝයි හා සමානව  විනාඩි 29:13 ක කාලයක් වාර්තා කළ චෙප්කෝයි තරගයේ දෙවැනියා වූ අතර ඊට තත්පරයකට පිටුපසින් සිටි ඉතියෝපියාවේ අටනාවු තෙවැනි ස්ථානය දිනා ගත්තා.
කාන්තා තරගයේ ජයග්‍රහණයේ ගෞරවය ද කෙන්යාවට දිනා දුන් මර්සි චෙරොනෝ (විනාඩි 19:26) සහ සිල්වියා කිබෙට් (19:47) තරගයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගත්තා.පිරිමි තරගයේදී මෙන්ම මෙම තරගයේද තෙවන ස්ථානය ඉතියෝපියාවට හිමි වූ අතර ඇෆෙරා ගෝඩ්ෆේ ඉතියෝපියාවට එම ගෞරවය දිනා දෙමින් විනාඩි 19:49 කින් තරගය අවසන් කරන්නට සමත් වුණා.

Jan 7, 2012

ශ්‍රී ලංකාවට ඉණිමක පරාජයක් වෙනුවට කඩුලු 10 ක පරාජයක්


අවුරුදු 3ක් පුරාවට සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගන්නට බලා සිටි දකුණු අප්‍රිකාවට එම ජයග්‍රහණය ඉණිමක පරාජයන් දෙකක් සමග භුක්ති විදින්නට තිබූ අවස්ථාව අහිමි කළ තිලාන් සමරවීර ගේ ධෛර්‍යවන්ත ශතකය නිසා ශ්‍රී ලංකාව විදින්නට ගිය ඉණිමක පරාජයේ වර්ගපලය කඩුලු 10 ක පරාජයක් දක්වා අඩු කර ගන්නට හැකිවිය.මෙම තරගාවලියේ දෙවන ශතකයත් ලැබූ සමරවීර ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 342 ට සීමා වෙද්දී සමරවීර ලකුණු 115 ක් සමග නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් (63) සමග සමරවීර පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 142 ක සබදතාවය නොවන්නට ශ්‍රී ලංකා දෙවන ඉණිම වඩාත් අසරණ වන්නට තිබූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම තරගයේදී යළි සාර්ථක වූ ජැක් කලිස් සිය සුපුරුදු තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලු 3 ක් ලකුණු 35 ට දවා ගත්තේය.තරගාවලිය පුරාම අසාර්ථකව සිටි කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප් ටවුන් හී දී දකුණු අප්‍රිකානු ප්‍රථම ඉණිම කඩුලු 4 ට ලකුණු 580 දක්වා රැගෙන යන්නට වාරු වෙමින් රැස් කළ අගනා ද්විත්ව ශතකය ද සමග පන්දුවෙන් පෑ මෙම දක්ෂතාවයද පාදක කර ගනිමින් ඔහු තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලිය පුරාවටම ලකුණු අතර සිටි ඒබී ඩිවිලියර්ස් තරගාවලියේ වීරයා ලෙස නම් කළේය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දි පිතිකරුවන් ලෙස පෙන්වන අසාර්ථකත්වයට අමතරව තෙවන තරගයේදී පන්දු යවන්නන් ලෙස ද අසාර්ථක බවක් ප්‍රදර්ශණය කළ අතර එය ශ්‍ර ී ලංකාවේ ක්‍රිකට් අඅනාගතය සම්භන්ධයෙන් තව දුරටත් අවධානය යොමු කළ යුතු බවට ලද ඉගියක් බදු විය.තරගයේ සම්පූර්න ලකුණ විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගන්නට හැකියාව ඇත.

සචිත් අද පුහුණුව අරඹයි


 ශ්‍රී ලංකා හෙල්ල වීසි කීරීමේ සූරයා වන සචිත් මධුරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් ලැබුණු ප්‍රදානයක් මත පින්ලන්තයේ කෝර්තාන් හී පුහුණුව සදහා පිටත්ව ගිය අතර අද ඔහු ගේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.පින්ලන්තයේ පවතින සීතල කාලගුණයට හුරුවීම තරමක් අසීරු කාර්යයක් බව පවසන සචිත් එම පුහුණු මධ්‍යස්ථානයේ ඇති පහසුකම් පිළිබදව දැඩි සතුටට පත් වී සිටියි.
‘මීටර් 80 සීමාවට අනිවාර්යයෙන් යන්න පුළුවන්’ යැයි පවසන සචිත් මෙවැනි පහසුකම් ශ්‍රී ලංකාවේ තිබුණේ නම් තම පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සමග ද එම සීමාවට යාමට හැකියාව ලැබෙනු ඇති බව පවසයි.වර්ථමානයේ ඉදිරියෙන්ම සිටින හෙල්ල වීසි කිරීමේ සූරයා වන නෝර්වේ හී ඇන්ඩ්‍රියස් තොර්කිල්ඩ්සන් මෙන්ම පින්ලන්තයේ ටෙරෝ පිට්කමාකි වැනි ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන්ම සිටින වීසි කරීමේ සූරයන් විශාල පිරිසක් පුහුනුව ලබන කෝර්තාන් හී අත්දැකීම් සහ මග පෙන්වීම මත ලාංකේය හෙල්ල වීසි කිරීමේ ඉසව්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සචිත් ට ශක්තිය හා දිරිය ලැබේවා යැයි සුපිරික්‍රීඩා ප්‍රාර්ථනා කරන්නෙමු.
ඡායාරූපයේ දැක්වෙන්නේ කෝර්තාන් හී පුහුණුව ලබන ටෙරා පිට්කමාකි ක්‍රීඩා කරන ආකාරය යි.

දැල් පන්දුව තවත් පියවර දෙකක් පහළට


සියානූ දැල් පන්දු සූරතාවය හිමි ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මේ වන විට ආසියානු සූරතාවයෙන් පසුව ඇති වූ වෙනස් කම් සමග සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 20 වන ස්ථානය යි.ආසියාවේ තොවැනියන් ව සිටි ශ්‍රී ලංකාව නැවත දැල් පන්දු සූරියන් බවට පත් කිරීමට වෙහෙස වූ දැල් පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස ඉවත් කර ඒ වෙනුවට හයසින්ත් විජේසිංහ පත්කිරීම සදහා පුහුණුකාරිය තෝරන ක්‍රමවේදය සකස් කිරීමේ සිටම කටයුතු කළ හිටපු දැල්පන්දු පරිපාලනය ගත් අමනෝඥ ක්‍රියාවත් සමග මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් ස්ථාන 6 ක් පහළට වැටී ඇත.
හයසින්ත් පුහුණුකාර ධූරයට පත් වීමෙන් ඉනික්බිතිව සංවිධානය කරන්නට යෙදුණ ස්කොට්ලන්ත සංචාරයෙන් ලද පරාජයත් ඉන් අනතුරුව පසුගියදා සිංගප්පූරුවේ පැවති සය සාමාජික ජාත්‍යන්තර දැල් පන්දු තරගාවලියේ දී ලද දැවැන්ත පරාජයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වර්ගීකරණයේ පෙර නොවූ විරූ අයුරින් පහත වැටී ඇත.මේ තත්ත්වය මත බොහෝ විට 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය අහිමිවීමට ද ශ්‍රී ලංකාවට ඉඩ ඇති බව පෙන්වා දෙන දැල්පන්දු විචාරකයන් එසේ නොවන්නටනම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරගවලදී විශාල ජයග්‍රහණ ලබා ගැනීමට සිදු වනු ඇති බව ද පෙන්වා දෙයි.
මේ වන විට ජාතික මට්ටමේ ප්‍රධාන ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වර්ථමාන පුහුණුකාරිය යටතේ පුහුණුවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව සිංගප්පූරු තරගාවලිය ප්‍රතික්ෂේපකළ එම ක්‍රීඩිකාවෝ පසුව පැවති ජාතික සූරතාවලිය නියෝජනය කරමින් ඒ පිළිබදව සනාථ කළ හ.දැල්පන්දු පරිපාලනයට සම්බන්ධ පිරිස් ද මේ වන විට පුහුණුකාරිය සිය අවශ්‍යයතාවයන් සදහා යොදා ගනිමින් ඇයගේ අවශ්‍යයතාවය මත හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර තමාට වරප්‍රසාද ලබා ගැනීම සදහා ජාතික තරගාවලිය සදහා ද සුදුසුකම් නොලද කණ්ඩායමක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාතික ණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගැනීම ද දැක්විය හැකිය.
ජාතික පුහුණුකාරිය සිය ආධිපත්‍යයට ලාංකේය දැල් පන්දුව කෙතරම් දුරට යටත් කර ඇති ද පැහැදිළි කරන සිදු වමක් පසුගියදා ඇය සාමාජිකත්වය දැරූ ජාතික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් තේරීමේ දී වාර්තා වී ඇති අතර ඇයගේ උවමනාවට ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ ක්‍රීඩිකාවකට ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා දීමට යාම අවසන් මොහොතේ වැළකී ඇත්තේ එම තේරීම සදහා සහභාගි වූ අයෙකුට ඇය ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ බව සිහිපත් වීමෙනි.
මේ ආකාරයේ විහිළු මඩුවක් වී ඇති ශ්‍රී ලංකා දැල්පන්දුවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා යළිත් තිලකා ජිනදාසගේ සේවය ලබා ගැනීම කෙරෙහි විමසිලිමත් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුව ද ඇය මේ වන විට බෘනායි හී දැල් පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ ප්‍රධානියා ලෙස පත්ව ඇති නිසා ඇයගේ පැමිණිම පිළිබදව විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත.