Oct 30, 2013

ධනුෂ්ක සහ කුසල් කෙන්යාවට එරෙහි ජයට මුල් වෙති

            
Mashtayage Danushka Gunathilaka
Mathurage Don Kusal Janith Perera

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කෙන්යානු ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති දෙවන සහ තෙවන තරග වලදී ද ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ජය ගැනීමේ අවස්ථාව හිමි වුණා.කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීම පහසු කළ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරා අපූරු පිතහරඹයන්හි නියැලීම කැපී පෙණුනා.‍
දෙවන තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය පන්දු ඕවර් 20 නිමා කළේ ලකුණු 187 ක් ලබමින්.එහිදී ක්‍රියාත්මක වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 44 දී ලකුණු 70 ක් ලැබූ අතර එයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා.
http://www.espncricinfo.com/ci/engine/match/682217.html එම තරගයේ ලකුණු සටහනට ඉහත සබදතාවයෙන් පිවිසිය හැකි අතර තෙවන තරගයේ ලකුණු විස්තරයට පහත දැක්වෙන සබදතාවයෙන් පිවිසිය හැකියි.http://www.espncricinfo.com/ci/engine/match/682219.html
එහිදී කාසියේ වාසිය ලැබපළමුව පන්දුවට පහර දුන් කෙන්යාව ලකුණු 122 ට සීමා කිරීමට මූලිකත්වය ගත් ජීවන් මෙණ්ඩිස් ලකුණු 14 ට කඩුලු 4 ක් ලබා ගත්තා.පිළිතුරු ඉණිමේදී සීසීසී පිටිය දෙවනත් කළ කුසල් ජනිත් පන්දු 47 දී ලකුණු 81 ලැබූ ජනිත් ගේ පිත්තෙන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් එල්ල වුණා.
තරගාවලියේ සිව්වන තරගය හෙට කොළම සීසීසී පිටියේදීම පැවත්වීමට නියමිතයි.
www.supirikrida.com

Oct 29, 2013

බලකොටු බිම වැටේ

D S I සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග සදහා කණ්ඩායම් තේරීපත් වීමේදී නිරන්තරයෙන් ඒ සදහා සුදුසුකම් ලබන මාදම්ප සේනානායන සහ ධම්මිස්සර විද්‍යාලවල කණ්ඩායම් සදහා මෙවර අඩු අවස්ථාවක් ලබා දීමට සමත් වූ සෙසු පාසල් කණ්ඩායම් පාසල් වොලිබෝල් කිරීටය සදහා විවාත තරගකාරී පසුබිමක් ඇති කිරීමට සමත් වුණා.නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යලයේ අවුරුදු 14 න් පහළ බාලක සහ බාලිකා වොලි‍බෝල් කණ්ඩායම් පමණක් අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර මාදම්ප සේනානායකයට අවසාන තරගයට ප්‍රවේශ වීමට හැකි වූයේ අවුරුදු 14 න් පහළ බාලක කුසලානයට තරග වැදීම සදහා පමණයි.
ලාංකේය වොලිබෝලයේ චිවර ලකුණ ලෙස ප්‍රකටව සිටින පුස්සැල්ලේ ඥාණතිලක ස්වාමීන්වහන්සේ ගේ මග පෙන්වීමෙන් පිටියට බට රක්වාන රත්නාලෝක විද්‍යාලය අවුරුදු 14 න් පහළ බාලිකා අවසන් තරගයට ප්‍රවේශ වූයේ චීවරයේ සමාජ වගකීම ලෙස විවිධ අරුත් සමාජය තුල ක්‍රියාකාරීව පවතින යුගයක අලුත් සංස්කාතියක් නිර්මාණය කරමින් විම ද විෂේශත්වයකි.ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම අවුරුදු 16 න් පහළ බාලිකා අවසන් තරගයට ප්‍රවේශ වෙද්දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නට ද සබරගමුවේම කණ්ඩායමක් සුදුසු වන අතර ඒ අවස්ථාව දිනා ගන්නේ ගලිගමුව මධය විද්‍යලයයි.
තරගාවලියේ කැපී පෙණෙනම කණ්ඩායමක් බවට පත් වු සීදුව දවිසමර විද්‍යාලය මෙවර අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරග සදහා සුදුසුවන අතර අවුරුදු 16 න් පශල අවසාන තරගයේදි ඔවුන්ට එදිරිව නැගි සිටින්නේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම වන අතර අවුරුදු 18 න් පහළ අවසාන තරගයේදි දවිසමරයේ එදිරිවාදියා වන්නේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය කණ්ඩායමයි.අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගයට තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ ආණමුඩුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර පහත දැක්වෙන්නේ ඒ වයස් කාණ්ඩවලින් තෙවන සහ සිව්වන ස්ථාන ලැබූ කණ්ඩායම් ලේඛනයයි.
අවුරුදු 14 න් පහළ බාලක
තෙවන ස්ථානය - රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය
සිව්වන ස්ථානය-   හුංගම විජයබා ජාතික පාසල

අවුරුදු 14 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලය
සිව්වන ස්ථානය -අම්පාර උහන හිමිදුරාව මහා විදයාලය

අවුරුදු 16 න් පහළ බාලක
තෙවන ස්ථානය -ධම්මිස්සර මධ්‍ය විද්‍යාලය
සිව්වන ස්ථානය -වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය

අවුරුදු 16 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -අම්පාර වෑවින්න විදයාලය
සිව්වන ස්ථානය -ආණමුඩුව මධ්‍ය මහා විද්‍යාලය

අවුරුදු 18 න් පහළ බාලක
තෙවන ස්ථානය -වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය
සිව්වන ස්ථානය -ධම්මිස්සර මධ්‍ය විදයාලය

අවුරුදු 18 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය
සිව්වන ස්ථානය -හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදයාලය
ඉහත ප්‍රතිපල ලේඛණ නිරීක්ෂනයේදී ඉහළම ප්‍රගතිය පෙන්වා ඇති දිස්ත්‍රික්කය ලෙස අම්පාර කැපී පෙනෙනවා.එම පළාතෙන් කණ්ඩායම් දෙකක් අවසාන කණ්ඩායම් හතර දක්වා පැමිණ තිබිම විෂේශ සිදුවීමක් ලෙස දැකිය හැකියි.සදමඩුල්ල,හුලංනුගේ මෙන්ම අම්පාර ඩීඑස් සේනානයක මධ්‍ය මහා විද්‍යාලයද කාලයකට එපිට ජාතික සූරතා පවා අත්කර ගනිමින් කැපි පෙණුනත් වසර පහක පමණ ඉතිහාසය ගත් විට එසේ අහිමිව ගොස් තබූ කීර්තාය යළි සැපැමිණිමක් ලෙස මේ අවස්ථාව හැදින්විය හැකියි.එසේම නැගෙනහිර පළාතේ ආධිපත්‍යය දරා සිටි ත්‍රිකුණාමලය මිහිදු විද්‍යාලීය වොලිබෝල් බාලිකාවන් යටපත් විම ද මේ ප්‍රතිපල නිරීක්ෂයේදී පැහැදිළි වෙනවා.
සබරගමුවේ පාසල් වොලිබෝලයේ නැවුම් පිබිදීමක් දකින්නට ලැබීම ද මේ ප්‍රතිපල ලේඛන නිරීක්ෂයේදී පැහැදිළි වන අතර නමුත් අවසාන තරග සදහා පිවිසි කණ්ඩායම් නිරීක්ෂනයේදී එම පාසල් සියල්ල,පුත්තලම,හම්බන්තොට,ගමපහ,රත්නපුර,කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් වලට සිමා වි තිබෙන බව පැහැදිළි වන අතර සෙසු දිස්ත්‍රික්ක වල ජාතික ක්‍රීඩාව වන වොලිබෝලය තවමත් උසස් තලයකට ප්‍රවේශ වි නොමැති බවට ඒ මගින් සාක්ෂි සැපයෙනවා.D S I තරගාවලිය මේ අනාගතය වෙනුවෙන් කරන මෙහෙවර සත්කාර්යය ඉදිරියට ජාතික තලයෙන් රැක දීමට නම් මේ අලුත් පිබිදීම් දෙස බලා සිනාසී අත්පොළසන් දීමට අමතරව විශාල වැඩ කොටසක් ජාතික ක්‍රීඩාවේ පරිපාලකයන් ලෙස කාලයක සිට වැජඹෙන පිරිසට අලුත් චින්තනයක් ඇති කර ගැනීමට සිදු වෙනවා.
WWW.SUPIRIKRIDA.COM 

Oct 28, 2013

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු හයක ජයක්

Dilhara Lokuhettige in his delivery strideශ්‍රී ලංකාවේ සංචාරය කරන කෙන්යානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති 20 - 20 පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් අත් කර ගත්තා.කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ කෙන්යානු නායක කොලින්ස් ඔබායෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිල්හාර ලොකුහෙට්ටිගේ සහ රමිත රඹුක්වැල්ල ඉදිරියේ අසරණ වූ කෙන්යානු පිතිකරුවන් ගේ ඉණිම ලකුණු 125 ට සීමා වුණා.ලෙකුහෙට්ටිගේ ලකුණු 20 ට කඩුලු 3 ක් ලබා ගත් අතර රමිත කෙන්යානු ඉණිම වෙනුවෙන් අනගි සේවයක් කළ ස්ටීව් ටිකලෝ (44) ගේ කඩුල්ල ද සමග ලකුණු 23 ට කඩුලු 3 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිමේ ජයග්‍රාහී ලකුණු 18 වන ඕවරයේ තෙවන පන්දුවේදී වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 37 ක් එක් කළ අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබා නොදැවි සිටියා.නායක දිනේෂ් චන්දිමාල් ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු ප්‍රමාණය 25 ක් වූවා.ටිකලෝ සිය පළපුරුද්ද ප්‍රයෝජනයට ගනිමින් කෙන්යාව වෙනුවෙන් ලකුණු 24 ට කඩුලු දෙකක් ලබා ගත්තද එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ්‍ය වළකන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.
www.supirikrida.com

Oct 27, 2013

මැකලම් සහ ටේලර් බෝලෙට හුරු වෙන්න නවතියි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 10 දා සිට 21 දා දක්වා පැවත්වෙන එක්දින තරග තුනකින්  සහ 20 - 20 තරග දෙකකින් සමන්විත තරගාවලිය සදහා නවසිලන්ත කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් දෙපළ වන බ්‍රෙන්ඩන් මැකලම් සහ රොස් ටේලර් සහභාගි නොකිරීමට නවසීලන්ත ක්‍රිකට් පරිපාලනය තිරණය කර ඇත.එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එලැඹෙන ටෙස්ට් සංචාරයේදී වඩාත් හොදින් ප්‍රයෝජන ගැනීම සදහා ඔවුන් දෙදෙනා රතු පන්දුවට හුරු කිරීම සදහා මෙම තීරණය ගත් බව එරට ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයද ඉදිරියට එක් දින සහ 20 - 20 තරග පමණක් යෙදි තිබියදී සුදු පන්දුවෙන් ක්‍රීඩා නොකර රතු පන්දුව භාවිතයට ගැනෙන සිව් දින තරගාවලියක් සංවිධානය කළ අතර එම තරග වලින් පසුව අද දින සුදු පන්දුවෙන් කෙන්යාව සමග වන තරගයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com

ආසියානු ජර්මන් හුවමාරුව යටතේ යාපනේ ‍මේස පන්දු තරග

සියානු සහ ජර්මන් හුවමාරු වැඩ පිළිවෙල යටතේ යපනයේ පැවත්වෙන මේස පන්දු තරගාවලිය සදහා අයදුම්පත් කැදවීම මේ දිනවල සිදු වෙමින් පවතියි.දෙසැම්බර් 21,22 සහ 23 යන තෙදින තුළ යාපනය සහ වව්නියා මේස පන්දු සංගම් වල මූලිකත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී සංවිධනය වන මෙම තරගාවලිය ආශ්‍රිත තරග කාල සටහන සැකසීම දෙසම්බර් 14 දා පස්වරු 4.00 ට යාපනය මධ්‍ය මහා විදුහල් ශාලාවේදී පැවත්වීමට නියමිතය.චන්දන පෙරේරා, සංවිධායක කමිටු සභාපති,51/35,රුක්මලේ,පන්නිපිටිය යන ලිපිනයට අදාළ අයදුම්පත් නොවැම්බර් 2 දාට පෙර ලැබෙන සේ යොමු කළ යුතු අතර තරගාවලිය සදහා අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ සහ 21 න් පහළ ලෙස තරග පැවත්වෙන අතර විවෘත කාන්තා සහ පිරිමි ලෙසද අවුරුදු 40 න් ඉහළ පිරිමි කාන්තා ලෙස සහ අවුරුදු 35 න් ඉහළ පිරිමි සහ 40 න් ඉහළ කාන්තා ලෙස ද තරග ඇතුළත් කර ඇත.
දැනට මෙම ආසියානු ජර්මන් ක්‍රීඩා හුවමාරු වැඩ සටහනේ සභාපතිත්වය දරන්නේ නාත්තන්ඩිය,මාරවිල පාරේ පදිංචිව සිටින ඩෙට්මාර් ඩොරින්ය.
www.supirikrida.com 

Oct 26, 2013

හිස් පුටුත් එක්ක සාක්කුත් පිරවෙයිද?

සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ පිහිණුම් තටාංගණයට අයත් ප්‍රේක්ෂකයන්ට අයත් සියළු ප්‍රදේශයන්ට ආසන සවි කිරීමට උත්සාහ කරන බවක් වාර්තා වන අතර එම ආසන සවි කිරීම හරහා ඇතැමුන් සිය සාක්කුද පුරවා ගැනීමේ උවමනාවෙන් කටයුතු කරන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.දැනට ඇතැම් මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව් කිරීම් නිසා මිළදී ගැනීමේ කාර්යය නැවතී තිබෙන බවත් සුගතදාස අධිකාරියේම ඇතැම් නිලධාරීන් මේ ක්‍රියාවට කැමැත්තක් නොදැක්වීමත් එම මිළදී ගැනීම පමා වීමට හේතු වී තිබෙන බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශයෙන් අධිකාරිය පාලනයේදී නිසි පරිදි කටයුතු නොකිරීම සහ ඇතැම් විට අධිකාරියේ දැණුම්දීම් ඉක්මවා යමින් තීරන වලට එළැඹිම ද නිසා අධිකාරයේ සේවා සහ නිෂ්පාදන ක්‍රියා වෙනුවෙන් අනිසි ගෙවීම් සිදුවන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙන කරුණු වලින් අනාවරණය වෙනවා.ඒ සම්බන්ධයෙන් උදාහරණ පෙන්වා දෙන එම ආරංචි මාර්ග ධාවන පථයේ තියෙන දුබලතා නිසා එම ගෙවීම් කිරීමට අධිකාරියේ වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකුම අකමැත්ත ප්‍රකාශ කර තිබියදී ත් ක්‍රීඩා අමාත්‍යංශය හරහා එම ගෙවීම් සිදු කිරීමට අවශ්‍යය කටයුතු කිරීමට පියවර ගැනීම පෙන්වා දෙනවා.
මේ වන විටත් ඉතා දුලබ මට්ටමේ පවතින සුගතදාස ධාවන පථය ලංකාවේ එලන ලද වේගවත්ම ධාවන පථයක් ලෙස කැපි පෙණුනද ඉතා සුළු කාලයකින් එහි ඇතිරීමේ කටයුතු නිසි පරිදි සිදු වී තිබීම නිසා එය භාවිතයට ගැනීමට නොහැකි මට්ටමට විනාශ වි තිබෙනවා.මේ සම්බන්ධයෙන් වන වගකිව යුතු කාලය ඉක්මවා නොතිබෙන තත්ත්වයක් තුළ එම සමාගම නැවත ඉදි කිරීම් සිදු නොකරන්නේ නම් එම ආයතනයට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම මෙන්ම සියළු මුදල් ගෙවීමටත් ප්‍රථම  ධාවන පථය අබලන් විම නිසා එය නොගෙවන ලෙස අධිකාරියේ ඉහළ නිලධාරින් කරන ලද ඉල්ලීම් ද නොතකා එම ගෙවීම් කිරීම ආදී කරුණු නිසා අමාත්‍යංශයේ කාගේ හෝ කුමනාකාරයේ හෝ සම්බන්ධයක් මෙම ධාවන පථයත් සමග ඇත්දැයි යන්න පිළිබදවද විශාල සැකයක් උපදින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ නිසා පුටු සවි කිරිමේ කාර්යය ද කාලයත් සමග එහි උණුසුම මැකෙන්නට දී වැඩි මිළට මිළ දී ගැනීමට ඉඩ ඇතැ බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ එම මිළදී ගැනීමේ කාර්යය වඩාත් සාධාරණ ලෙස ඉටු කිරීමට අවශ්‍යය පරිසරය නොපමාව සකස් කිරීමට පියවර ගත යුතු බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැහැදිළි කරනවා.
www.supirikrida.com 

Oct 25, 2013

නිරෝගි ක්‍රීඩකයෙක් තැනීමට ඔලිම්පික් කමිටුව මුල් සවිමත් කරයි

ක්‍රීඩා තරග වලදී  සිදුවන වැරදි භාවිතාවන් සහ ඉරියව් ආදි කරුණු හේතු කොට ගනිමින් ආබාධ වලට ගොදුරු වන සංඛ්‍යාවේ ඉහළ යාමක් දකින්නට ලැබෙන අතර දැඩි තරගකාරීත්වය වානිජකරණයට ලක් වීමත් සමග ඉහළ යාම ද මෙයට හේතුවක් ලෙස දැකිය හැකිය.මේ තත්ත්වය මත වඩා විද්‍යානුකූල පරිසරයක වෛද්‍ය උපදෙස් මත ක්‍රීඩකයාගේ පුහුණුව සිදු වීම මෙන්ම ශාරිරික සහ මානසික වශයෙන් පීඩාවන් හෝ රෝග තත්ත්වයන් ඇති නොවන පරිදි යහපත් සෞඛ්‍ය පරිසරයක් නඩත්තු කර ගැනිම ද වර්ථමානයේ අත්‍යවශ්‍යය කරුණක් බවට පෙරලෙමින් ඇත.
මේ තත්ත්වය සැළකිල්ලට ගත් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදෛවෙද්‍යවරුන්ගේ දැණුම ඉහළ නැංවීම පිණිස තෙදින වැඩ මුළුවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.දෙසැම්බර් 6 සිට 8 දක්වා පැවත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය කමිටුව මෙහෙයවන මෙම දේශනමාලාව පැවත්වීමට ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය ද හිමි වී ඇත.
ක්‍රීඩා ‍වෛද්‍ය විද්‍යාව පිළිබද වෛද්‍ය කේෂ්ත්‍රයේ විශාල උනන්දුවක් මෙන්ම පිබිදීමක සහ අවශ්‍යතාවයක් ඇති වෙමින් පවතින මොහොතක ඊට සහභාගි වීමට බලාපොරොත්තුවන වෛද්‍යවරුන් ඒ සදහා සහභාගි වන්නේ නම් හැකි ඉක්මණින් සහභාගීත්වයට සුදුසු කාරණා සම්පූර්ණ ගැනීමෙන් පාඨමාලාව වෙනුවෙන් ඉඩ ලබා ගැනීමට හැකි සුළු පිරිස අතරට එක් වීමේ හැකියාව ඇත.ලියාපදිංචි ගාස්තු ඇතුළු සියළු විස්තර ජාතික ඔලිම්පික් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් (www.srilankaolympic.org ) ලබා ගැනීමේ හැකියාව ඇති අතර ජාික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය අංශයේ සභාපති වෛද්‍ය  සී තුරෙයිරාජා (දුරකථන අංක 0777755188) හෝ ගයත්‍රි ලියනගේ (0112 684420 ) හරහා මේ සම්බන්ධයෙන් වැඩි දුරාත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.
පහත සදහන් අප වෙබ් අඩවිය ඔස්සේ ද ජාතික ඔලිම්පික් කමිටුවේ වෙබ් අඩවියට සම්බන්ධ විමට අවස්ථාව ඇත.
www.supirikrida.com