Mar 5, 2013

මාලිංගගේ පන්ෂන් කතාව ගැන ක්‍රිකට් පරිපාලනය ඇක්ෂන් ගන්න සූදානම් වෙයි

ක්‍රිකට් ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ලසිත් මාලිංග ක්‍රීඩකයන් සහභාගි වුණේ ගිවිසුම් අත්සන් කිරීමට නොව එහි පැවති පන්ෂන් එකකට යැයි පවසමින් මාධයට බොරු කීම මෙන්ම මාධයවේදීන්ට පරිබව කිරීම පිළිබදව පරීක්ෂණයක් පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන ඇත.එම පරීක්ෂනය පැවත්වීමේ වගකීම ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක අජිත් ජයසේකරට පැවරීමට තීරණය කර ඇත.
මින් පෙර ද ලසිත් මාලිංග එක්දින සහ 20 - 20 තරග වලට සහභාගි වෙමින් අනෙක් ක්‍රීඩකයන්ට වඩා වැඩි මුදලක් ඉල්ලමින් බලපෑම් කළ අතර නමුත් ක්‍රිකට් ආයතනය එය ලබා දීමට එකග වූයේ නැත.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක කුසලාන ජයක් ගෙන දීමට නායකත්වය දෙමින් ක්‍රීඩකයන්ට සුපිරි ආර්ථික පසුබිමක් ඇති කිරීමෙහි ලා මුල් වී ක්‍රියා කළ අර්ජුන රණතුංග කටයුතු කරන සමයේද ලසිත් මාලිංගගේ හැසිරීම පිළිබදව විවිධ චෝදනා එල්ල විය.එහිදී බොහෝ මාධය ලසිත් මාලිංගගේ හඩට ඉඩ දෙමින් ඔහුගේ පාර්ශවයෙන් කරුණු පවසන්නට ඉඩ ලබා දෙමින් ක්‍රියා කළ අතර එම මාධ්‍ය වෙත මාලිංග මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම දෛවෝපගත සිදුවීමකි.
www.supirikrida.com

සෝහ්ර්, පියාඹන ගැහැණියගේ එක් වාර්තාවක් ඩැහැ ගනියි

Jenn Suhr next to the scoreboard after breaking the World indoor Pole Vault record with 5.02m (Kirby Lee)


කාන්තා රිටි පැනීමේ ඉසව්වේ අලුත්ම තරුව බවට පත් වෙමින් ඉකුත් ඔලිම්පික් රන් පදක්කමට හිමි කම් කී ජේන් සෝහෝර් ඇය නමට ලියැවුණු පළමු ලෝක වාර්තාවට හිමිකම් කියන්නට සමත් වුණා.ඒ ඇමෙරිකානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 5.02 ක දක්ෂතාවයක් දක්වමින්.ඒ අනුව කාන්තා ගෘහස්ථ රිටි පැනීමේ ලෝක වාර්තාව ලොව බිහි වූ ස්පිරිතම රිටි පනින්නිය ලෙස සැළකෙන පියෘඹන ගැහැණිය ලෙසින් විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවාට අහිමි වන අතර  සෝහෝර් ඇමෙරිකානු රිටි පැනීමේ වාර්තා නවයකටද හිමිකම් කියනවා.
වාර්තාව පිහිටුවීමෙන් පසුව ඇය විවෘත රිටි පැනීමේ වාර්තාවද ඉදිරියේදී සිය නමට ලියා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළ අතර යෙලීනාට අභියෝග කළ හැකි අයෙක් යළි බිහි වේ යැයි සිතීම අපහසු බවට මලල ක්‍රීඩා ලෝකය තුළ මතු වූ වාර්තා බොරු කිරීමට බොහෝ විට සෝහෝර් හෙට දිනයේ සමත් වනු ඇතැයි මෙම ගෘහස්ථ ලෝක වාර්තාව හරහා ලෝකයට කියා පෑවාය.
www.supirikrida.com

කිත්රුවන්ගෙන් රුවන්මය ඉණිමක්

Kithuruwan Vithanage scored 157 not outබංගලාදේශය සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩක කණ්ඩායම සමග පැවත්වෙන තෙදින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කිත්රුවක් විතානගේ ක්‍රීඩා කළ සුපිරි ඉණිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 410 දක්වා එසැවිණි.පන්දු 165 කින් නොදැවී ලකුණු 168 ක් රැස් කළ කිත්රුවන්ගේ ප්‍රහාරාත්මක ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ කොළඹ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරන කිත්රුවන් විතානගේ එම ඉණිම ගොඩ නැගීමේදී පස්වන කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියංජන (83) සමග එක්ව ලකුණු 157 ක සබදතාවයක් පැවත් වූ අතර නව වන කඩුල්ලට ලහිරු ගමගේ (18) සමග එක්ව ලකුණු 78 ක සබදතාවයක් පැවත්වීය.
බංගලාදේශ පන්දු යවන්නන් අතරින් ෂොහාග් ගාසි ලකුණු 104 ට කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තෙදින තරගයේ අවසාන දිනය අද වන අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602471.html
www.supirikrida.com

Mar 4, 2013

සනත් ඉදිරියේ ක්‍රීඩකයෝ පාදයක් පසු පසට ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමට අකමැතිව සිටි ක්‍රීඩකයන් සනත් ජයසූරිය සමග පැවති සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ එකම ඉල්ලීමක්වත් ජය ගැනීම පසෙකලා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම අත්සන් කිරීමට එකග වී ඇත.ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි නිලධාරීන් කිසිවෙක් මෙම සාකච්ඡාවට සහභාගි වී නැති අතර ඒ වෙනුවෙන් සහභාගි වූ සනත් ජයසූරිය ක්‍රීඩකයන්ගේ එක ඉල්ලීමක්වත් ලබා නොදී අදාළ ගිවිසුම අත්සන් කර ගැනීම සදහා ඔවුන්ව පොළඹවා ගැනීමට සමත්ව ඇත.
මෑතකදී සිය ක්‍රිකට් ජීවිතය අවසන් කිරීමට නියමිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම ඉල්ලීම සදහා කණ්ඩායමම පොළඹවා ඇති බව වාර්තා වන අතර එම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්ද මේ පසුපස එම ඉල්ලීම් වෙනුවෙන් ක්‍රීඩකයන් පෙළ ගැස්වීමට උදව් දී ඇත.
www.supirikrida.com

Mar 3, 2013

කොරියානු බේස්බෝල් අධිරාජ්‍යයට ලන්දේසි ප්‍රහාරයක්

බේස්බෝල් ලෝකයේ වැඩිම අවධානයට ලක්වන තරගාවලිය වන ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එහි මූලික වටයේ තරගයක දී නෙදර්ලන්තය කොරියාව පරාජයට පත් කරමින් ලකුණු 5 - 0 ක ජයක් වාර්තා කිරීම ඊයේ දිනයේ කැපී පෙනෙනම සිදු වීම බවට පත් වුණා.ජපානය සහ බ්‍රසීලය අතර තරගයෙන් ජපානය 5 - 3 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.චයිනීස් තායිපේ කණ්ඩායම ලකුණු 4 ක් රැස් කළ අතර ඔවුන්ට එරෙහිව තරග වැදි ඕස්ට්‍රේලියාව ලබා ගත්තේ එක ලකුණක් පමණයි.බ්‍රසීලය සිය දෙවන පරාජයද අත් කර ගත්තේ කියුබානු කණ්ඩායම වෙතින් වන අතර එහිදී කියුබාව 5 -2 ක් ලෙස බ්‍රසීලය පරාජය කරන්නට සමත් වුණා.
www.supirikrida.com

ක්‍රිකටර්ස්ලාගේ බවුන්සර් වලට ඇමතිගෙන් හුක් පහරවල්

රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අපේ රට ජාත්‍යන්තර වශයෙන් විශාලතම කීර්තියක් ලබා ඇති සහ ලාංකිකයන් විශාල වශයෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් විමධයගත කිරීමටත්- එහි පහළින් ඉහළට ඒමට සිටින පිරිසට ලැබෙන පහසුකම් වැඩි දියුණු කිරීමත් සදහා මේ රටේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබුණත්, තමන්ගේ මඩිය ගැන පමණක් සිතා කටයුතු කිරීමට ඔවුන් ගෙන ඇති තීරණයට තමන් කිසිසේත් එකග නොවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන්නේ නම් බංගලාදේශ සංචරය සදහා අලුත් කණ්ඩායමක් නම් කිරීමට ක්‍රිකට් ආයතනයට අවශ්‍යය උපදෙස් ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
රටේ ක්‍රිකට් සදහා අතිශයින් විශාල මුදලක් උපයමින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ක්‍රීඩක කළමණාකාරවරයෙකු කරගෙන යන කූඨ ව්‍යාපාරය පිළිබදව මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනමාධය මගින් මෙන්ම අර්ජුන රණතුංග වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් ද පෙන්වා දුන්නද ක්‍රිකට් පරිපාලනය හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඒ පිළිබදව අවධානය යොමු කළ බවක් නොපෙණින.මේ අවස්ථාවේ හෝ ඒ පිළිබදව අවධානය යොමු කිරීම රටේ ක්‍රීඩාව වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා කිසිදු බලපෑමකට යටත් නොවි එම තීරණයේ රැදී සිටීම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත පිණිස වනු ඇතැයි අප විශ්වාස කරමු.
‍ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සිය වරප්‍රසාද දිනා ගැනීම පිණිස ජාතික කණ්ඩායම අපහසුවට පත් කළ ද රටේ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩකයන්ට කරනු ලබන ගෙවීම් වල තත්ත්වය බිද වැටී සිටියදී තමන් සතු කීර්තිය හෝ බලය ඒ වෙනුවෙන් වැය කිරීමට නොපෙළඹෙන මේ ක්‍රීඩකයන් සිය පෞද්ගලික අවශ්‍යයතා වෙනුවෙන් මෙවැනි තීරණ වලට එලැඹීම තමන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර සදහා අසීරුවෙන් මුදල්  වැය කරන සහ තරග නැරඹීමට ගොස් තමන්ගේ විදුලි බිල වැඩි කර ගන්නා අසරණම ක්‍රිකට් ලෝලියාට ද නිගරු කිරීමක් බව අපේ අදහසය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන ගිවිසුම් මුදලෙන් 25% ක් ලබා ගැනීම,සිය නෝනාවරුන්ට ලැබෙන සංචාර වරප්‍රසාදය රැකගැනීම මෙන්ම මෙම ජාතික සංචිත‍ය ලෙස ගෙවීම් ලබන 23 දෙනාගේ කණ්ඩායම මේ දක්වා කොටස් හයකට බෙදා දක්වා තිබුණත් එය හතර දක්වා අඩු කිරීම  නවතා ගැනීමත් මෙම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම සදහා බලපාන හේතු අතර වේ.
මෙවැනි අත්සන් කිරීමක් ප්‍රතික්ෂේප කරමින් රටේ ක්‍රීඩාවේ පැවත්ම තහවුරු කිරීම පිණිස කළ යුතු ඉල්ලීම් ලෙස ක්‍රිඩා සමාජ මට්ටමේ තරගවල ක්‍රීඩක ගෙවීම් වැඩි කිරීම,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගිවිසුම් මුදලින් 25% ගෙන එය ප්‍රාදේශීය ක්‍රිකට් යටිතල පහසුකම් දියුණු කිරීමට යොදා ගැනීම ආදිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රීඩකයන්ට ජාතික හැගීමක් නොතිබීම පිළිබදව අප කණගාටු වන අතර හතරේ සීමාවෙන් පිටත සිටින පිරිස් ද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා වැදගත් බව නොසිතීම කණගාටුදායක තත්ත්වයකි.
www.supirikrida.com

ගෝලයන්ට වැරැද්දූ අයට තටු දෙන්න දගලන බේස්බෝල් ගුරෙක්

ජාතික නායකයන් දෙදෙනෙකුටම සෙවණ දීමේ දුලබ භාග්‍යය ලත් දකුණේ ප්‍රසිද්ධ පාසලක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක බේස්බෝල් ක්‍රීඩා සමාජයක ප්‍රධානත්වය දරන අයෙක් කරනු ලබන ක්‍රියාවන් ගැන අපට තොරතොරු වාර්තා වුණේ එම විද්‍යාලය හරහා බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගෙන්.
මේ ප්‍රධානියා යටතේ පුහුණුව ලබා ජාතික තලයට පිවිසි බේස්බෝල් ගෝලයන් දෙදෙනෙකු එම ක්‍රීඩාවේ  විනිසුරු සංගමයේ ප්‍රධානින් බවට පත් වෙනවා.නමුත් මේ ප්‍රධානින් පරිපාලනයේ අතකොළු පිනවන්න සූදානම් නොමැති විට සිදු වන්නේ සංගමය විසුරුවා හැරීම.ඒ විසුරුවා හැරීමේ පරමාර්ථය මොනවට පැහැදිළි කරමින් මෙම පරිපාලනය සංචාරයෙන් සංචාරයට තනතුර මාරු කරමින් එම සංචාර වලට එක් කරන හිතවතෙක්ට ජපානයේ පැවත්වෙන විනිසුරු පුහුණුවක් ලබා දෙනවා.ඒ පුහුණුවට පෙර ජපාන කනගාවා කණ්ඩායම ශ්‍රී ලංකාවට සැපත් වූ විට එම තරගයක සහය විනිසුරු ලෙස කටයුතු කරද්දි,මේ ජපාන සංචාරයට යන පුද්ගලයා තරගය විනිශ්චය කරන අතරතුර ප්‍රාථමික ශ්‍රේණියක දරුවෙක්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාවක යෙදෙනවා.ඒ සිය ජංගම දුරකතනය භාවිතා කිරීමයි.
මේ නිසා එම තරගය විනිශ්චයේ යෙදෙමින් සිටි ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා වන සුජීව විජේනායක තරගය අතරමග නවතා දමනවා.සුජීව එතෙකින් නොනැවතී තරගය අතරතුර ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ වරදවත් සිතා ගත නොහැකි ප්‍රායෝගික නැති පුද්ගලයෙක් විනිසුරු කටයුතු වලට යෙදීම ගැන කම්පා වී ඒ පිළිබදව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පවා වාර්තා කරනවා.ක්‍රීඩා අමාත්‍යවරයා පවා මේ පිළිබදව විවේචනය කළත් පරිපාලනය සිය හිතවතාව ජපන් සංචාරයට එක් කිරීමට අවශ්‍යය කටයුතු සකස් කර ගන්නේ විනිසුරු සංගමයක් නොතිබීමේ අවස්ථාව සිය අවශ්‍යයතාවය තහවුරු කර ගන්නට යොදා ගනිමින්.
මේ ආකාරයට සිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනෙක් දැරූ ජාතික වගකීම් වලින් නෙරපා හැරීමෙන් නොනැවතී,එම අවස්ථාව ජාතික වගකීම් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිතා කළ පරිපාලනයකට සහය දෙමින් පරිපාලනයේ පහළ තනතුරු කිහිපයකට තරග වැදීමට ගෙන ඇති තීරණය මෙන්ම අසාධාරණයට ලක් වූ දෙදෙනා පරිපාලනයට එරෙහිව යමින් ප්‍රධාන තනතුරු දෙකකට තරග වැදීම හේතු කර ඔවුන් පීඩාවට පත් කිරීම හෙළා දකින බවද  එම විද්‍යාලයට සම්බන්ධ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනා පවසා සිටියා.
'පාසලට සම්බන්ධ අයෙක් අසාධාරණයට ලක් වූ විට ඊට එරෙහිව එකතු වීම අපේ සම්ප්‍රදායක්.මෙතනදි ඒක බිදල දාලා තියෙනවා.අපි මේ ගැන අපේ විද්‍යාලයෙන් නිර්මාණය වූ මේ වෙලාවේ මේ රටේ සිටින ප්‍රධානතම පුද්ගලයාව පවා දැනුවත් කරනවා යනුවෙන් එම පිරිස සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් කියා සිටියා.
www.supirikrida.com