Feb 20, 2012

නිලූක පස්වන ජාත්‍යන්තර තරගාවලියත් ජය ගනියි - පරාජිතයා ලෝක කණිෂ්ඨ අනු සූරයා


රානයේ පැවති ජබාර් කසලාන අන්තර් ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය ජයගත් නිලූක කරුණාරත්න, තෙමසකට ආසන්න කාලයක් ඇතුළත  පස්වන ජාත්‍යන්තර තරගයද ජය ගනිමින් සිය හැකියාව විදහා පෙන්වීය.බැඩ්මින්ටන් පරිපාලනයේම ඇතැම් නියෝජිතයන් නිලූක ගේ ජාත්‍යන්තර ජයග්‍රහණවල වටිනාකම හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දරණ තත්ත්වයක් තුළ නිලූක මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 / 17 සහ 21 /15 ක් ලෙස නිලූක විසින් පරාජයට පත් කළේ ලෝක කණිෂ්ඨ අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා වීම ද විශේෂත්ත්වයකි.
නිලූක මෙම ජයග්‍රහණ අතරතුර ලොව මුල් පෙළේ සිටින ර්‍කඩකයන් 30 දෙනා අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පරාජය කර තිබෙන අතර මේ කිසිවක් ගැන අවධානය යොමු නොකොට මෙම ක්‍රීඩකයා මේ සියළු ජයග්‍රහණ ලබා ගන්නේ තරගයකින් තරගයකට අවශ්‍යය ශාරීරික යෝග්‍යතාවය සැකසීම වෙනුවෙන් ශෘරිරික සම්භාහකයෙකුගේ හෝ සහය නොමැතිව බව අමතක කරමින් ඇතැම්හූ දක්වන අදහස් සුපිරික්‍රීඩා පිළිකලෙන් යුතුව හෙළා දකිමු.අප කිහිප වාටෙකදීම පෙන්වා දුන්න ද මේ වන විටත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා අවශ්‍යය සුදුසුකම සපුරා තිබෙන නිලූක වෙනුවෙන් තව දුරටත් ඉදිරියට යාම වෙනුවෙන් අවශ්‍යය දායකත්වය ලබාදීම වෙනුවෙන් අවශ්‍යය භෞතික වටපිටාව නිර්මාණය කිරීම පසෙක ලා පරිපාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමෙන් පැමිණි ඉහළම තැන මෙසේ හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දැරීම ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේම අභාග්‍යයකි.
නිලූක ට මෙම තරගාවලි සියල්ල වෙනුවෙන් ඔහු වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයෙන් ලැබෙන අනුග්‍රාහකත්වයත් මනිලාල් ප්‍රනාන්දු ගේ අත දීමත් විශාල ශක්තියක් වී ඇති අතර,හිටපු ඇතැම් බලධාරීන් ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩකයාගෙන් ලැබිය හැකි ජයග්‍රහණ ගැන නොසිතා ඔහුගේ තරග දිවිය හමාර කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පනවන ලද තරග තහනම අඩු කිරීමට ගත් උත්සාහයද මේ ජයග්‍රාහී ගමණට විශාල ශක්තියක් වී ඇත.

ඉන්දියාවට දැවැන්ත පරාජයක් ඕස්ට්‍රේලියාව යළිත් ලකුණු සටහනේ පෙරට


දින දෙකකට පෙර ශ්‍රී ලංකාව වෙතින් ලද දැවැන්ත පරාජයේ වාඩුව ඉන්දියාවෙන් ගත්  ඕස්ට්‍රේලියාව කොමන්වෙල්ත් බැංකු තරගාවලිය යටතේ ඊයේ පැවති තරගය ලකුණු 110 කින් ජය ගැනීමට සමත් වුණා.බ්‍රිස්බේන් හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ලත් ඕස්ට්‍රේලියාව තම නියමිත පන්දු වාර 50 තුළ ලකුණු 288 ක් ලබා ගත්තා.කිසිදු පිතිකරුවෙකු විශාල ලකුණු ප්‍රමාණයකට නොගියද ඕස්ට්‍රේලියානු ඉණිමේ හොද කඩුලු සබදතා ඇතිවන අයුරු කැපී පෙණුනා.
ප්‍රථම කඩුල්ල ට මැතිව් වේඩ් සහ ඩේවිඩ් වර්නර් විසින් ලකුණු 70 ක් ද,තෙවන කඩුල්ලට මයික් හසී  සහ පීටර් ‍‍ෆොරස්ට් අතර ලකුණු 100 ක් ද ඩේවිඩ් හසී සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් හයවන කඩුල්ලට එක් කළ නොදැවුණු ලකුණු 65 ක් ද මෙම ඉණිම ශක්තිමත්ව ගොඩ නැගීමට පදනම වුණා.ඕස්ට්‍රේලියා ඉණිමේ අර්ධ ශතකලාභීන් මතු වූ අතර ඒ අතරින් වඩාත්ම කැපී පෙණුනේ පන්දු 52 ක් තුළ ලකුණු 59 ක් රැස් කළ මයික් හසී යි.පීටර් ෆොරස්ට් ලකුණු 52 ක් රැස් කළා.ඉර්ෆාන් පතන් ලකුණු 61 ට කඩුලු 3 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පිතිතරුවන්ට ස්ථාවර වීමට ඉඩක් ලබා නොදුන් බෙන් හිල්ෆෙන්හස්  සහ බ්‍රෙට් ලී ඉන්දීය පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යැවීමේ ව්‍යායාමයේ දිගින් දිගටම සාර්ථක වුණා.මහේන්ද්‍ර සිං දෝනි පමණක් උඩු ගං බලා යාමට උත්සාහ ගැනීමට වෙහෙස වුව ද හිල්ෆෙන්හස් දෝනි ගේ ඉණිමද ලකුනු 52 ක් ලබා සිටිය දී අවසන් කළා.සමස්ත ඉන්දීය ලකුණු පූවරුව 178 ට සීමා වෙද්දී හිල්ෆෙන්හස් ලකුණු 33 ට කඩුලු 5 ක් ලබා තරගාවලියේ වීරයාට හිමිකම් කීවා.
තරගයේ ලකුණු විස්තරය පහත දැක්වෙනවා.

බොක්සිං වලට සායත් පුළුවන් කලිසමත් පුළුවන්


මෙවර ඔලිම්පික් තරගාවලියට ඇතුළත් වන කාන්තා බොක්සිං ඉසව්වල දී සිය කැමැත්ත අනුව ක්‍රීඩිකාවන්ට කොට කළිසම හෝ සාය භාවිතා කිරීමට අවසර ලැබෙන බව ජගත් ආධුනික බොක්සිං සම්මේලනයේ සභාපති සීකේ වූ පවසනවා.මේ සම්බන්ධයෙන් වන තීරණයට හිටපු ඔලිම්පික් කඩුලු පැනීමේ සූරියක වන වර්ථමානයේ ඇමෙරිකානු ජවන සහ පිටිය ඉසව්වල ක්‍රීඩා කාර්යසාධන නිරීක්ෂන කමිටුවේ  ප්‍රධානි බෙනීටා ෆිස්ටාජෙරල්ඩ් විසින් 300 ක පිරිසක් සහභාගි කරන ලද නිරීක්ෂණයක් ප්‍රතිපල හේතු වූ පැවසෙනවා.
ඒ අනුව ක්‍රීඩිකාවන්ගේ බොක්සිං ඇදුම ලෙස සාය යොදා ගැනීමට මෙන්ම කෙටි කලිසම යොදා ගැනීමට ද කැමැත්ත ඇති පිරිසක් සිටින නිසා මෙවර ඔලිම්පික් තරගාවලියට කාන්තා බොක්සිං ඉසව් වල දී  කලිසමෙන් මෙන්ම කෙටි සායෙන් ද සැරසී ක්‍රීඩා කිරීමට ලැබෙනු ඇත.  

Feb 19, 2012

නිලූක අද තවත් සූරතාවයක් අභියස - ප්‍රතිවාදියා ජගත් කනිෂ්ඨ අනු සූරයා


රාන ජබාර් කුසලාන අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික සූර නිලූක කරුණාරත්න අද එහි අවසාන තරගයට මුහුණ ‍දීමට සුදුසුකම් ලබා සිටිනවා.ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා මෙම අවසාන තරගයේදී නිලූක ගේ ප්‍රතිවාදියා වෙනවා.
ආසියාවේ ප්‍රබලතම බැඩ්මින්ටන් බිම් ලෙස සැළකෙන ඉන්දුනීසියාව,මැලේසියාව,මෙන්ම ජපානය නියෝජනය කරමින්ද මෙම තරගාවලියට ක්‍රීඩකයන් සහභාගි වී සිටියා.වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 63 ට ශ්‍රේණිගතව සිටින නිලූක මෙන්ම ජගත් බැඩ්මින්ටන් අනු සූරයාද ඒ සියල්ලගේ අභියෝග මැඩ අවසන් තරගයට පිවිසීම දකුණු ආසියාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් හිමි වීමක් ලෙස දැක්විය හැකියි.
විදෙස් පුහුණුකරුවෙකුගේ සහය ඇතිව දීර්ඝකාලීන සැළසුමක් ඇතිව සිය රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව නැංවීමේ අභිප්‍රායෙන් කටයුතු කරන ඉරානය ද  මෙම තරගාවලියේ දී වශේෂ දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.අවසන් පූර්ව සහ අර්ධ අවසන් පූර්ව තරග වල දී ඉන්දුනීසියානු සහ ඊශ්‍රායෙල් ජාතික ක්‍රීඩකයන් වන ඩිඩික් පුර්වන්ටෝ (ඉන්දුනිසියා) සහ ඔමිඩ් කරාමි පරාජය කරමින් නිලූක අවසන් තරගය සදහා පිවිස සිටිනවා.  

මයිකල් ක්ලාක් අද යළි තරග බිමට ?



ලව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමග පැවති තරගයට ක්‍රීඩා නොකළ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් අද ඉන්දියාව සමග පැවත්වෙන තරගයේදී ද   යළි ක්‍රීඩා පිටියට පිවිසීම අවිනිශ්චිත බව විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරනවා.ඔහු ක්‍රීඩා නොකළ තරගයේදී හිටපු නායක රිකී පොන්ටින් නායකත්වය දැරූ අතර නමුත් ඔහුට එම තරගයේදී නායකයෙකු ලෙස සතුටුවිය හැකි ප්‍රතිපලයක් නොලැබුණු අතර ශ්‍රී ලංකාව තරගය කඩුලු අටකින් ජය ගත්තේ,වරප්‍රසාද ලකුණක් ද දිනාගනිමින් ය.නමුත් අදත ක්ලාක් ක්‍රීඩා නොකරන්නේ නම් නායකත්වයේ වගකීම පොන්ටින්ටම පැවරෙනු ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරනවා.
කෙසේ හෝ ඉන්දියාව සමග පැවති තරගය මෙන්ම ශ්‍රී ලංකාව සමග පැවති තරගයද පරාජය වී සිටින ඕස්ට්‍රේලියාව අද තරගයට එතරම් හොද මානසික විශ්වාසයකින් මුහුණ දෙනු ඇතැයි කිව නොහැකියි.එසේම මෙම කණ්ඩායම් දෙකම අවසාන තරග දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත පිබිදීම පිළිබදව යම් මානසික පීඩනයක්ට මුහුණ දි තිබෙනු ඇතැයි ද විශ්වාස කළ හැකියි. 

මංචි වොලිබෝල් සූරතාවලිය ඇරඹෙයි


දිවයිනේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වන ජාතික තරගාවලිය වන මංචි වොලිබෝල් ජාතික වොලිබෝල් සූරතාවලියට මෙවර කණ්ඩායම් 4000 ඉක්මවා සහභාගි වනු ඇතැයි වොලිබෝල් පාළක මණ්ඩලයේ සභාපති සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.වොලිබෝල් සූරතාවයක් වෙනුවෙන් වැය කරන විශාලතම  මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන තරගාවලිය වන මංචි තරගාවලිය ක්‍රීඩාවට විශාල ආකර්ශණයක් ඇති කරන බව ද අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.




නමුත් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලය දක්වා පියවරෙන් පියවර දිවෙන මෙවැනි තරගාවලි අවසාන තරග වන තෙක් වොලිබොල් තේරීම් කමිටුවල අධික්ෂණයට ලක් නොවීම සුලභ කරුණක් වී තිබෙනවා.මේ තත්ත්වය වොලිබෝල් පරිපාලකයන් විසින් හදුනාගෙන ජාතික මට්ටමේ මූලික තරග ඇරඹෙන මොහොතේ සිට හෝ මෙම තරගාවලිය ජාතික තේරීම් කමිටුවේ අධික්ෂණයට නතු වෙනවා නම් යහපත් බව සුපිරික්‍රීඩා යෝජනා කර සිටිනවා.
මංචි තරගාවලියේ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ අවස්ථා කිහිපයක්  මේ සමග වන ඡායාරූපවලින් දැක්වෙනවා.
www.supirikrida.com

ලන්ඩන් ඔලිම්පික් බිම හැකියාවන් ඇති කාන්තාවන්ට නිසි තැන හිමිවන තැනක් සෙබස්තියන් කෝ


ක්ෂතාවය අනුව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වයට කාන්තාවගේ දායකත්වය ඉහළින්ම ලබා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් ප්‍රධානි හිටපු මැදි දුර සූර සෙබස්තියන් කෝ පෙන්වා දෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් දකුණු කැලිෆෝර්නියා ඔපිම්පික් කමිටුව විසින් ලොස් ඇන්ජලීස් නුවර සංවිධානය කරන්නට යෙදුණ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පස්වන කාන්තා සහ ක්‍රීඩා සමුළුව අමතමින් කෝ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා කටයුතු අංශයේ ප්‍රධානි ඇනීටා ඩිෆ්‍රාන්ට්ස් මෙම සමළුව මෙහෙයවීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ කෝ, පෙන්වා දී ඇත්තේ ලන්ඩන් ඔලිම්පික් උළෙ‍ල වෙනුවෙන් සේවය සළසන ශ්‍රම බලකායෙන් සියයට 54 ක් කාන්තාවන් බවයි.එසේම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංනිවේදන සහ මහජනසම්බන්ධතා පිළිබද කමිටු සභාපති ධූරය කාන්තාවක් වන ජැකී බ්රොක් ඩොයිලි ට හිමි වී ඇති අතර ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් වන කමිටු සභාපති ධූරය දරන්නේ ද කාන්තාවක් වන ඩෙබී ජෙවාන්ස්ය.මේ ඔලිම්පික් ඉතිහාසයේ මෙවැනි වගකීම් කාන්තාවන් දරන පළමු අවස්ථාව ද වෙනවා. 
ඡායාරූපයේ වම් පසින් ඩෙබී ජෙවාන්ස් ය.දකුණු පසින් ජැකී ඩොයිලි ය.