Jan 18, 2012

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට ඩක්වර්ත් ලුවිස් හරහට හිටියි

ප්ලෙසිස්

රග පහකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන සිටි දකුණු අප්‍රිකාවට අභියෝගයක් ලබා දි නැවත තරගාවලියට ප්‍රවේශ වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ ඩක්වර්ත් ලුවිස් න්‍යාය විවාත මුහුණුවරක් ගෙන තිබූ තරගයේ තීරණය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් නිමාවට පත් කළේය.තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම 34 වන ඕවරය නිමාවට පත් වන විට ලබා සිටි ලකුණු 179 ඒ අනුව ඔවුන්ට ලකුණු 4 ක ජයක් ලබා දෙන්නට ප්‍රමාණවත් විය.
තරගයේ කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකිම සහ දුවද්දී දවා ගැනීම් හමුවේ නියමිත පන්දු වාර 50 කඩුලු 9 ට ලකුණු 266 ක් ලබා නිමා කළේය.එහිදී උපුල් තරංග ලකුණු 58 ක් රැස් කළ අතර ඔහු සහ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට පන්දු වාර 18.3 ක් තුළ ලකුණු 94 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඩිල්ෂාන් ඉතා විශ්වාසදායක පහරදීමක නිරත වුව ද ඩේන් ස්ටෙයින් ගේ අති විශිෂ්ඨ පන්දු රැකීම ඩිල්ෂාන් ගේ ඉණිම ලකුණු 33 දී අත් හිටුවාලීය.කුමාර සංගක්කාර පන්දු 37 දි ලබා ගත් ලකුණු 38 මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරිමට පිතිකරණ නාමාවලියේ උසස් වීමක් ලද නුවන් කුලසේකර පන්දු 38 දී ලද ලකුණු 40 ත් වාරු කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 සටන්කාමි ලකුණු 266 කින් නිමා කරන්නට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි දකුණු අප්‍රිකාවට සිය පළමු කඩුලු 3 ලකුණු 52 ක් තුළ අහිමි කර ගන්නට සිදු වූයේ ලසිත් මාලිංග ගේ (20/2) සහ ඩිල්ෂාන් ගේ (22/1) පන්දු යැවීම ඉදිරියේ ය.එතැනි සිට පිටියේ එක් වූ ෆැෆ් ඩු ප්ලෙසිස් (72) සහ ජීන්- පෝල් ඩුමිනි (25 ) සිවිවන කඩුල්ලට ලකුණු 61 ක සබදතාවයක් පැවත් වූ අතර පස්වන කඩුල්ල සදහා ප්ලෙසිස් සමග එක් වූ නායක ඒබී ඩිවිලියර්ස් (නොදැවී 39) තවත් ලකුණු 34 ක සබදතාවයක් ද පවත්වමින් දකුණු අප්‍රිකාව වේගවත් ලකුණු ලබා ගැනීමකට ප්‍රවේශ කරන්නට සමත් විය.ප්ලෙසිස් ඇන්ජලෝ මැතිව්ස් සහ සංගක්කාර එක්ව ද ඩුමිනි නුවන් කුලසේකර කඩුල්ලට එල්ල කළ සෘජු පන්දු ප්‍රහාරයකින් ද දුවද්දී දැවී යාමත් සමග තරගය නවතන තෙක්ම පන්දු ඕවර 50 පවත්වා ගෙන ගියේනම් ශ්‍රී ලංකාවට ජයගත හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබිණ.
නමුත් තිලකරත්න ඩිල්ෂාන් ට පිට පිටම සිය නායකත්වය යටතේ අත් විදින්නට සිදුවූ සිව්වන එක්දින තරගාවලියට මාර්ගය විවෘත කළ කාලගුණය තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය දක්වා රැගෙන ගිය අතර එහි ප්‍රතිපලයක් ලෙස ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් තිබූ තරගය දකුණු අප්‍රිකාවට ජය ලබා දෙමින් අවසන් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපුමෙන් පිවිසිය හැකිය.


දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පසුබෑම වෙනස් කිරීම සදහා මෙම සංචාරයෙන් පසුව කණ්ඩායම සම්බන්ධයෙන් වෙනස් කම් කිහිපයක් කිරිම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එය ක්‍රීඩක වෙනස්වීම් වලට සීමා නොවුණු කණ්ඩායමේ වෙනත් වගකීම් පැවරි නිලධාරීන් සම්බන්ධයෙන් ද සිදු වන වෙනස් වීමක් විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පෞද්ගලිකව මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවත් දක්ෂතා මෙන්ම ක්‍රීඩකයන් කණ්ඩායම වෙනුවෙන් දක්වන කණ්ඩායම් හැගිමත් සිය අවධානයට ලක් කරමින් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී බලපානු ඇති බවය.නව ක්‍රිකට් පරිපාලනයට ද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් සහ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින පහල වැටීම නවතාලීම සදහා අවශ්‍යය පියවර ගැනීම කෙරෙහි ඉදිරි දින කිහිපයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

කෙන්යාව මැරතන් සංචිතය නම් කරයි

මැකාවු

එඩ්නා
මැරතන් ධාවනයේ ඉහළ දක්ෂතා දක්වන කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා ක්‍රීඩකයන් හය දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇතුළත් මැරතන් සංචිතයක් නම් කිරිමට කෙන්යානු මලල ක්‍රීඩා බලධාරින් පියවර ගෙන ඇත.එහිදි පිරිමි අංශයේ ප්‍රමුඛත්වය ඉකුත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලි මැරතන් තරගය ජය ගත් ප්‍රැට්ට්‍රික් මැකාවු ට හිමි වී ඇති අතර කාන්තා අංශයේ ප්‍රමුඛත්වය එම තරගාවලියේ කාන්තා මැරතන් තරගය ජයගත් එඩ්නා කිප්ලගාට් ට හිමි වී ඇත.


එම්මානුවෙල්

කිරුයි


මෝසස්

ජෙෆ්රි

කිප්සෑන්ග්



පිරිමි අංශයෙන් මෙම සංචිතයට බොස්ටන් සහ නිව්යෝර්ක් මැරතන් තරග ජය ගත් ජෙ‍ෆ්රි මුතායි,ජගත් තරගාවලියන් හි ද්විත්ව රන් පදක්කම් ලාභි ඇබෙල් කිරුයි,චිකාගෝ මැරතන් තරගය ජයගත් මෝසස් මොසොප්,ෆ්‍රැන්ක්ෆර්ට් ජයග්‍රාහකයා වන විල්සන් කිප්සෑන්ග් සහ ජගත් මැරතන් බිමේ කිරුළ හිමි එම්මානුවෙල් මුතායි ද මෙම සංචිතයට ඇතුළත් වී ඇත.

ෆලොරන්ස්

ජෙෆ්ටූ

ලීඩියා
සැරොන්

මේරි


කාන්තා අංශයෙන් එඩ්නාට අමතරව ඇය ජයගත් ලෝක සූරතා මැරතන් තරගයේ දෙවන ස්තානය දිනූ ප්‍රිස්කා ජෙෆ්ටූ,තෙවන ස්ථානය දිනූ සැරොන් චෙරොප්,ලන්ඩන් තරගය ජයගත් මේරි කෙයිටනී,බර්ලින් තරගයේ ජයග්‍රාහිකාව වූ ෆ්ලොරන්ස් කිප්ලගාට් ඇතුළත් වී ඇති අතර සියල්ලන් විශ්මයට පත් කරමින් සිය දක්ෂතා නිසි ලෙස නඩත්තු කරමින් තරුණ ක්‍රීඩිකාවන්ට අභියෝගයක් එල්ල කරන ප්‍රවීන ක්‍රීඩිකා ලීඩියා කෙරෙමෙයි ද මෙම සංචිතයට ඇතුලත් ව සිටින්නීය. 

Jan 17, 2012

දොස්තර ගේ ක්‍රීඩා සැත්කම වරදියි


ක්‍රීඩා පණත සංශෝධනය කිරිමේ දී එම කටයුත්ත භාරව සිටි පිරිස අතර සිටි ප්‍රබල වෛද්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල අනවශ්‍ය ලෙස පුළුල් කරමින් විශාල පිරිසකට අසාධාරණයක් වන අන්දමින් ඇතුළත් කළ වගන්ති සම්බන්ධයෙන් වර්ථමානයේ ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ පිරිස් දැක් වූ විරෝධතාවය හේතු කර ගෙන එම වගන්ති ඉවත් කිරීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බව දැන ගන්නට ඇත.
එම පණත හරහා ක්‍රියාත්මක වන බලතල පත්වන ඕනෑම ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අදාළ වන අතර ඒ අනුව පුද්ගලයා අනුව ක්‍රීඩාවට ඇති විය හැකි විශාල ගැටළුකාරී තත්ත්වයන් දකින්නට ලැබෙන බවත් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ අයෙක් සුපිරි ක්‍රීඩා වෙත පෙන්වා දුන්නේය.යම් පොදු ප්‍රතිපත්තිමය රාමුවකට ලාංකේය ක්‍රීඩා පරිපාලනය රැගෙන ඒම මිස සියළු බලතල ක්‍රීඩා අමාත්‍යවරයා මත පටවා අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති මත ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෙම පණත සංශෝධනය කිරීමෙන් උත්සාහ කිරීම රටට අවශ්‍යය කරන ස්ථීර ක්‍රීඩා ප්‍රතිපත්තිය වෙනුවට පත්වන ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අවශ්‍යයතා පරිදි ක්‍රීඩාව මෙහෙයවීමට මග පෑදීම ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධියට විශාල ලෙස හානිකර තත්ත්වයක් ඇති කළ හැකි බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

සිල්කි ගෙන් මේ වසරේ හොදම පිම්ම


ව ජර්මන් ගෘහස්ථ රිටි පැනීමේ ජාතික වාර්තාවක් තබමින් ඉකුත් 15 දා ලෙවර්කුසෙන් හී පැවති නෝර්ඩ්හෙන් ප්‍රාදේශීය ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ රිටී පැනීමේ ඉසව්ව ජය ගන්නට සිල්කි සිල්කි ස්පිගෙල්බර්ග් සමත් වූවා ය.ඇය එහිදී වාර්තා කළ මීටර් 4.77 ක උස මේ වසරේ ගෘහස්ථ තරගාවලියක මෙන්ම එළිමහන් ක්‍රීඩා තරගයකදී ද වාර්තා වූ හොදම කාන්තා රිටී පැනීමේ දක්ෂතාවය වන්නේය.
එළිමහන් ක්‍රීඩා තරගයක හොදම දක්ෂතාවය ලෙස මීටර් 4.75 ක දක්ෂතාවයක් දක්වා ඇති 25 හැවිරිදි සිල්කි යුරෝපා මලල ක්‍රිඩා සූරතාවලියේ රිදී පදක්කම් දෙකක උරුමක්කාරියකි. ඊට අමතරව ඇය මලල ක්‍රීඩා ජීවිතය ආරම්භයේ දී 2001 වසරේ පැවති ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහිකාව වන්නටත් 2003 වසරේ පැවති යුරෝපා කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී රිටි පැනීමේ ඉසව්ව ජය ගන්නටත් සමත් වී ඇත.

කලිස් සහ අම්ලා වෙනුවට කොලින් සහ පීටර්සන්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන තෙවන එක්දින තරගයේ දී පළමු තරග දෙකේ දි සාර්ථක වූ හසීම් අම්ලා සහ පළමු තරගයේ දී සාර්ථක ඉණිමක් ගොඩනැගූ ජැක් කලිස් ක්‍රීඩා නොකරන බවත් ඒ වෙනුවට කොලින් ඉන්ග්‍රම් සහ ඇල්විරෝ පීටර්සන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක්වනු ඇති බවත් වාර්තා වේ. 
මේ අතරින් වමතින් පන්දුවට පහර දෙන කොලින් ඉන්ග්‍රම්  දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදි ශතක දෙකක් රැස් කරගෙන ඇති ක්‍රීඩකයෙකි.එසේම 89.26 ක ප්‍රහාරක වේගයක් රදවා ගන්නට ද ඔහු සමත් වී ඇත.ඇල්විරෝ පීටර්සක කොලින්ට වඩා අත්දැකීම් ඇති ටෙස්ට් සහ එක්දින තරග වෙනුවෙන් දකුණු අප්‍රිකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි.ටෙස්ට් තරග 10 ක් තුළ දකුණතින් පිත්ත හසුරුවන පීටර්සන් ශතක දෙකකින් සහ අර්ධ ශතක තුනකින් සිය දායකත්වය දකුණු අප්‍රිකාවට ලබා දී ඇති අතර,එක්දින තරග 14 ක් නියෝජනය කර අර්ධ ශතක 4 ක් ලබා ගෙන ඇති දකුණතින් පිට දග පන්දු යැවීමේ හැකියාව ද සතු ක්‍රීඩකයෙකි.

අන්තර්ජාල ඔලිම්පික් ප්‍රවේශපත් කවුලුව යළි විවෘත වේ


නවාරි 6 දා සිට අත්හැර දමන ලද ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර විකිණීම මෙම සතියේ  සිට යළි ආරම්භ කිරීමට නියමිතය.ඇති වූ තාක්ෂණීක ගැටළුකාරි තත්ත්වයන් නිරාකරණය කර ගනිමින්,ප්‍රවේශපත්‍ර අලෙවි ඒජන්තවරයා සහ සංවිධායක කමිටුව විසින් ඇති කරගත් එකගතා ගිවිසුම් මත මෙම ප්‍රවේශපත්‍ර අලෙවිය යළි ආරම්භ කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩල ප්‍රකාශකයා සදහන් කර ඇත.
වෙනත් ව්‍යාජ ප්‍රවේශපත්‍ර අලෙවිකරුවන්ට හසු නොවී,අන්තර්ජාලය හරහා නිවැරදි සේවයක් ලබා දීමේ අරමුණ ඇතිව සහ වැඩි පිරිසකට කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි පරිදි ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමේ අන්තර්ජාල මාර්ගය වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්ත කිරිමද නැවත ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භයත් සමග ඇති වනු ඇත.