ඉන්දියාවේ නව දිල්ලි නුවර ක්රියාත්මක නීතිඥ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 226 ක දැවැන්ත ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිතිකරුවෝ මෙම තරගයට නියිමිතව තිබු පන්දු වාර 30 තුළ කඩුලු 3 ට ලකුණු 336 ක් ලබා ගත්තේ පන්දු ඕවරයකට ලකුණු 10.36 ක දළ වේගයක් රදවා ගනිමින්ය.ශ්රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹි ප්රියන්ත රජපක්ෂ ලකුණු 100 ක් ලබා ගනිමින් සිය ඉණිම අත් හිටවු අතර ඔහු සමග ඉණිම ඇරඹු උදිත රාජසේකරගේ දායකත්වය ලකුණු 68 ක් විය.යොහාන් ජිනසේන මෙවර තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය සදහා පිවිසෙමින් නොදැවී ලකුණු 57 ක් ලබා ගත් අතර රොෂාන් ඩී රෆායෙල් ගේ පිත්තෙන් එක් වූ ලකුණු ප්රමාණය ලකුණු 38 ක් විය.තුසිත පල්ලේවත්ත නොදැවී එක් කළ ලකුණු ප්රමාණය ලකුණු 35 කි.
පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තය අසරණ කිරීමට ශ්රී ලංකාවේ දැවැන්ත ලකුණු පූවරුව වුව ද ප්රමාණවත් වූ නමුත් ඒ අතරට පිවිසි ප්රදීප් හීන්කෙන්දගේ දග කැවෙන පන්දුව ඔවුන් වඩාත් අසරණ තත්ත්වයකට ඇද දැමූ අතර ප්රදීප් ගේ දකුණත් පිට දග පන්දු ඉදිරියේ එංගලන්ත පිතිකරුවන් ලකුණු 7 ක් ලබා ගනිද්දී ප්රදීප් ඔවුන්ගේ කඩුලු පහක් ලබා ගැනීමට සමත්වීම කැපි පෙණින.පන්දු ඕවර 30 තුළ කඩුලු 7 ට ලකුණු 114 ට සීමා වූ එංගලන්ත ඉණිම අඩාල කරන්නට ප්රදීප් ට සහය වූ තරංග අබේකෝන් සිය දකුණත් පිට දග පන්දුවෙන් කළ දඩයමේ පලය වූයේ ලකුණු 21 ට කඩුලු 2 කි.
www.supirikrida.com
1 comment:
සුපිරියි.
Post a Comment