Oct 8, 2013

සකස්තානයේ අල්මාති හී පැවත්වෙන ලෝක ආධුනික බොක්සිං තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා.මෙම මස 14 සිට 27 දක්වා පැවත්වෙන මෙම තරගාවලියට පොදු රාජ්‍ය මාන්ඩලීය බොක්සිං සූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභි සුරේෂ් පට්ටියආරච්චි කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් තරග වදිනවා.ඔහු ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ ද මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතර අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්.ඔහු තරග වදින්නේ කිලෝග්‍රෑම් 60 බර පංතිය නියෝජනය කරමින්.
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට සම්බන්ධ ගයාන් ජයවීර මෙම තරගාවලියට එක්වන්නේ කිලෝග්‍රෑම් 56 යටතේ වන අතර කැෂුවලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන රොෂාන් මධුශංක තරග වදින්නේ කිලෝග්‍රෑම් 75 බර පංතිය යටතේයි.තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ අමිල අරවින්ද වන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස ඩයන් ගෝමස් කටයුතු කරනවා.
www.supirikrida.com

1 comment:

Unknown said...

MAS linea eke Malith Prabashwara? 49-52kg gahanna kena nadda?