ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට විවිධ ප්‍රචාර පැතිර ගියද,එහි පළමු වැන්නා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සිය සමු ගැනීම ඊයේ ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ අතර එහි නිල නිවේදනය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ප්‍රකාශ කරන්නට ද නියමිතය. ලාංකේය ක්‍රිකට් යම් ආකාරයක විප්ලවීය වෙනසකට බදුන් කළ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පයෙන් ඇදීම් රාශියක් මත කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස වරප්‍රසාද ලත් පාසල් වලට අභියෝගයක් වෙමින් ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත් විය.එහිදී ඔහු දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට එරෙහිව ලබන පළමු ටෙස්ට් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට නායකයෙකු ලෙස ක්‍රියා කළේය.
නොබෝ දිනකින් 37 වැනි වියට පා තබන්නට නියමිත ඩිල්ෂාන් තමාගේ අවසාන ටෙස්ට් ඉණිමේදී ද අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් විය.ටෙස්ට්,එක්දින සහ 20 /20 යන තරගාවලි ත්‍රත්වයේම දක්ෂතා දක්වා ඇති ඩිල්ෂාන් එම තරග ක්‍රම තුන යටතේම ශතක ලබා ගැනීමේ දුර්ලභ භාග්‍ය්‍යට හිමි කම් කියන්නේය.
අපූරු හැකියාවන් සහිත ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් කණ්ඩායමට පැමිණියේ කඩුළු රැකීමේ අත් ආවරණ පැළද ගැනීමට වුවත් එහිදී ඇති තරගකාරීත්වය වටහා ගැනීමෙන් පසුව දග පන්දු යවන්නෙකු බවට පත් වූ ඩිල්ෂාන් එක්දින සහ 20 / 20 තරග ජයග්‍රහණය කරා රැගෙන යා හැකි පන්දු යවන්නෙකු වූ අතර එම තරග වලදී එම කාණ්ඩයන් හී ලොව හොදම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට පත් වන්නට සමත් විණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නොව ලොව සියළුම පන්දු රකින්නන් හා සසදද්දී ප්‍රවීන විචාරකයන් පවා ඩිල්ෂාන්ව ලොව හොදම පන්දු යවන්නා ලෙස සළකා ප්‍රකාශ නිකුත් කළ අවස්ථා එමටය.කඩුල්ල අසළ සිට මෙන්ම පිටියේ ඈත කෙළවර ද ඩිල්ෂාන් පන්දු රකින ආකාරයත් නැවත කඩුල්ලට පන්දුව භාර දෙන ආකාරයත් ප්‍රශස්ත මට්ටක තිබීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සදහා අතිශයින් තීරනාත්මක අවස්ථා වූ උදා කළ බව නොරහසකි.
වරක් ලොව හොදම 20 / 20 ක්‍රීඩකයා ලෙස අයිසීසී සම්මානයට පත් ඩිල්ෂාන් මෙවරත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් කැපී පෙණුනම 20 / 20 ක්‍රීඩකයා බවට පත් විය.සිය ක්‍රිකට් ජීවිතය ක්‍රිකට් පවතින තුරු සිහිපත් වීමට යමක් ඉතිරි කළ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මේ සමග ඉහතින් වන ඡායාරූපයේ තිබෙන ඩිල්ස්කූප් පහරේ නිර්මාතෘවරයාය.අභිත සටන්කාමියෙකු මෙන්ම සිය පෞද්ගලික සෞඛ්‍යය නොසළකා හරිමින් හෝ කණ්ඩායමට අවශ්‍යය විටෙක පිටියට බැස කණ්ඩායම වෙනුවෙන් පිත්ත හසුරුවන්නට පසුබට නොවුණු ඩිල්ෂාන් කණ්ඩායම් හැගීමෙන් ක්‍රියාකරන ක්‍රීඩකයෙකු බව කිව යුතුය.
නමුත් ඔහුට කණ්ඩායමේ නායකත්වය හිමි වූ පසු ඔහු තුළ තිබූ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට ගරු කරමින් ඔහුගේ නායකත්වයේ ගමණට දිරි දෙන්නට ඉදිරිපත් වූ අවස්ථා අප දුටුවේ අඩුවෙන්ය.ඩිල්ෂාන් නායකත්වයේදී අසාර්ථක වූවා ද අසාර්ථක වීමට අවශ්‍යය පරිදි සෙස්සෝ ක්‍රියා කළා ද යන්න දෙවරක් සිතිය හැකි තරමට එහිදී ඇතැම් ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය සැක උපදවන සුළුය.එහෙත් ඩිල්ෂාන් ඒ ඕනෑම නායකයෙකු යටතේ තමාට දිය හැකි හොදම සහයෝගය දෙමින් ක්‍රියා කළා විනා රට ගැන නොතකා කටයුතු කරන අයෙකු නොවන බව හැම විටම පැහැදිළි කළේය.
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මිත්‍රශීලී ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් සිය දෙවන විවාහ උත්සවය පැවත් වූවේද ඉන්දියාවේය.උපතේ සිටම හොද බෞද්ධාගාමික චාරිත්‍රවල නිරත වෟ ඇති ඩිල්ෂාන් ගේ පියා ඉස්ලාම් භක්තිකයෙකු වූ බැවින් ඔහු ජාතික කණ්ඩායමට පිවිසෙන විටත් තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් නම් විය.නමුත් සිය මවට වඩාත් සමීපව ජීවිතය හැඩ ගසා ගත් ඩිල්ෂාන් පසුව තිලකරත්න මුදියන්සෙලාගේ ඩිල්ෂාන් ලෙසින් සිය පෙළපත් නාමයේ සිටම වෙනස් විය.නමුත් ඔහුගේ පෙළපත කිසිවිටෙක ක්‍රීඩා ලෝලීන්ට වැදගත් නොවූ අතර ටීඑම් ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැක වූ දායකත්වය හැම විටෙම ඔව් හූ ඉහළින් වර්ණනා කරන්නට බැදී සිටියහ.
ශ්‍රී ලංකාව අනු සූරතාවය දිනා ගත් ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන්න යුවරාජ් සිං ට හිමි වන්නට බල පෑ ප්‍රධානතම සාධකය වූයේ ඔවුන් ලෝක සූරයන් වීමය.යම් ආකාරයකින් ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ නම් තරගාවලියේ සූරයා වන්නට තිබුණේ ද ඩිල්ෂාන්ය.
කෙසේ වුව ජ්‍යෙෂ්ඨයන් නවකයන්ට අවස්ථාව ලබා දී ඉවත්වීම දිගින් දිගටම ජ්‍යෙෂ්ඨයන් අසාර්ථක වීම මත සිදු නොවිය යුතු එකක් බව පැහැදිළි කරමින් ඩිල්ෂාන් ඉවත්වීම කවුරුත් ආදර්ශයට ගත යුතුය.ඩිල්ෂාන් කවදත් ආදර්ශයට ගත යුතු ලෙස ක්‍රීඩාව කර ගෙන ගිය අතර ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් කිසිවක් ක්‍රීඩාවට බලපෑමක් කර නොගන්නට තරම් තිබුණු මානසික විශ්වාසය සහ ආත්ම ශක්තිය ඒ අතරින් ඉතාමත් වැදගත්ය.
පහත දැක්වෙන සබදතාවය ක්‍රික්ඉන්ෆෝ ඔහුගේ ඡායාරූප පළ කරමින් ඔහුගේ විශිෂ්ඨතම ඉණිම් කිහිපයක් නම් කර ඇති පිටු සදහා පිවිසීමට ඔබට උදව් කරනවා ඇත.
http://www.espncricinfo.com/srilanka/content/gallery/678301.html
එසේම එම නිල වෙබ් අඩිවියට අනුව ඩිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමු ගන්නා විට ජාත්‍යන්තර සහ පළමු පෙළ තරග වලදී පිත්තෙන් සහ පන්දුවෙන් පෑ ඇති දස්කම් දැක ගැනීමට මේ සමග පහතින් දක්වන සබදතාවය ඔබට සහය වනවා ඇත.
http://www.espncricinfo.com/srilanka/content/player/48472.html
www.supirikrida.com

1 comment:
කළුතර මහා විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වශයෙන් සහ ඔහුගේ මව් පාර්ශවයේ පවුලේ හිතවතෙකු වශයෙන් ඔහු පිලිබඳ ආඩම්බරය ප්‍රකාශ කරමි.
Post a Comment