![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixVfK1RWinHqPEWYbDUmVxMgENmui39VE_T-Dw0YfUpeEqHebOg5GUBX0z1xmlKekvXOK8DqrnkPDLprXkqPPqAzzp5tpkYheXC0lVCCyTFzSdnDub0Cfez1p8I4GXj8b5PTMwQCojxsM/s320/semini&marisha.jpg)
නමුත් මෙවර කණ්ඩායමට තේරීමෙන් පසුව ඇයට සිය සමීප ඥාතියෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කණ්ඩායමෙන් ඉවත් වන බවට දුන් ලිපිය ද ඇයගේ ක්‍රීඩකත්වය සමිබන්ධ වගකීමේ පෞරශ්‍යයට හානිකර එකක් බැවින් එම නායකත්වය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා කරන්නට ඉඩ ඇත.
බොහෝ විට අත්දැකීම් ලබා ගැනීම මූලික කර ගෙන සේමිණිට උප නායකත්වය පිරිනමා මරීෂාට නායකත්වය ලබා දීමට ද ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පැහැදිළි කරන අතර ඇතැමුන් කණ්ඩායමේ අවසාන තේරීම් සදහා සුදුසුකම් ලබා සිටින පැරණි ක්‍රීඩකාවකට ලබා දීමට ද උත්සාහයක් පවතින බව සැළ වන අතර ඒ පිළිබදව අදාළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ එවැනි ක්‍රීඩිකාවන්ට ඇති අභියෝගය නායකත්වය දිනා ගැනීමට වඩා කණ්ඩායමට තේරී පත් වීම බවය.නායකත්වයට මරීෂාට යම් චෝදනාවක් හරහට සිටින්නේ නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට ද නායකත්වය අභියෝගයක් විය යුතු බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග තීරණ ගැනීමේදී සභාපතිණිය වඩා යහපත් දේ කිරීමට නායකත්වය දෙනු ඇති බව ප්‍රකාශ කළාය.
අප සභාපතිණිය ලක්ෂ්මි වික්ටෝරියා ඇමතූ අතර දැනට කණ්ඩායමේ අවසාන සංචිතය සැකසීමේදී සේනටර් ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් විශාල පිරිසකට එම අවස්ථාව අහිමි කර තිබෙන බැවින් මාතර පැවත්වෙන තරගාවලියේදී නැවත තේරීමක් කරන්නේදැය විමසා සිටින්නට යෙදිණ.එවැනි තේරීමකට කල් වැඩි බව පෙන්වා දුන් ලක්ෂ්මි,සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුරුන් ද යන්න තවමත් තීරණය කර නොමැති බව පෙන්වා දුන්නාය.ඇය එහිදී පැහැදිළි කළේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තරගාවලියට ක්‍රීඩා කරන විට සහ අවසාන කණ්ඩායම නම් කිරීමේදි බලන ලෙසය.ඇය අළුත්ම ක්‍රීඩිකාවක් වනු ඇති බව පෙන්වා දුන් සභාපතිණිය එම ස්ථානයට අලුත් ක්‍රීඩිකාවක් නිර්මාණය කිරීම සිය අපේක්ෂාව බව පෙන්වා දුන්නාය.
www.supirikrida.com
No comments:
Post a Comment