Oct 9, 2013

වෙළදසේවා විවෘත බැඩ්මින්ටන් සූරතාවලිය අද ඇරඹේ

වෙළදසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන වෙළදසේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අද ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී ආරම්භ වීමට නියමිතයි.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් සහභාගි වන බැවින් මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකියි.පරිමි අංශයේදී මැක්ලරන්ස් ආයතනය නියෝජනය කරමින් ජාතික සූර නිලූක කරුණාරත්න තරග බිමට පිවිසෙන අතර ජාතික අනු සූරයා වන ඔහුගේ සොහොයුරු දිනුක කරුණාරත්න තරග බමිට පිවිසෙන්නේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරමින්.ඊට අමතරව ජාතික මට්ටමේ දක්ෂතා දක්වා තිබෙන හසිත් චානක සහ .තිසර නිම්මික වැනි ක්‍රීඩකයන්ද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
කාන්තා අංශයේදී නදීහා ගයත්‍රි තරග බිමට පිවිසෙන්නේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරමින් වන අතර තිළිණි ජයසංහ සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.එසේම රුවිනි රත්නසිරි මෙන්ම සෙලාන් බැංකුව නියෝජනය කරන චන්ද්‍රිකා ද සිල්වා කාන්තා අංශය මෙන්ම කාන්තා ප්‍රවීනයන්ගේ තරග අංශයද නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.
අද සිට 13 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගාවලිය සදහා කේවල පිරිමි,යුගල පිරිමි,කේවල කාන්තා සහ යුගල කාන්තා මෙන්ම මිශ්‍ර යුගල තරග ද ඇතුළත් වන අතර  ප්‍රවීන කාන්තා සහ පිරිමි ඉසව් ද ඇතුළත් වෙනවා.එදා - මෙදා තුර ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අලංකාරය පිනිස වැදගත් වූ මෙහෙයක් ඉටු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරග පිටියේ දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව දැක ගැනීමට අද (9) සිට 13  දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උදාවන අවස්ථාව මග හැර නොයන ලෙස වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය බැඩ්මින්ටන් ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.
www.supirikrida.com

No comments: