විෂේශයෙන්ම ලාංකේය දැල් පන්දුවේ දක්ෂතා පහත වැටීමේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන තිලකා ජිනදාස ඉවත් කිරීමේ කාර්යය සාධාරණියකරනය කිරීමට මාධ්‍යට කරුණු ඉදිරිපත් කිරීමට එවකට පරිපාලනයට සහය වූයේද මෙම පුහුණුකාරිය ය.
සිය දරුවා දෙවැනි කොට සිය අභිමතාර්ථ වෙනුවෙන් පෙරට ඒමෙන් ලොව උත්තරීතරම ගුණය නොසළකා හැරියද දැල්පන්දුවේ සිටින මව්වරුන් වැඩි දෙනෙකුම එම මතයේ පිහිටා අදාළ තැනත්තිය පුහුණුකාරිය ලෙස අමාත්‍යවරයාට ඉදිරිපත් කරන්නට කටයුතු කළ ද ක්‍රීඩා අමාත්‍යවරයා තව දුරටත් ඒ පිළිබදව හදාරමින් සිටින බව වාර්තා වෙනවා.කෙසේ හෝ දුව දෙවැනි කොට මව පෙරට ගෙන එන්නට කටයුතු කරන්නනේ නම් දැල් පන්දු පරිපාලන නිලධාරීන් මවට මෙන්ම දියණියට ද දැනෙන නීතිමය විනයානුකූල ක්‍රියාමාර්ගයකට ද පිවිසිය යුතුව තිබෙනවා.මවට ඉඩ දී ඉවත්වීමට දියණිය ගත් තීරණය නිසා ජාතික සංචිතය වෙත පිවිසීමට ක්‍රීඩිකාවකට ඇති ඉඩ ඇහිරීම සදහා එම ක්‍රීඩිකාව වගකිව යුතුව තිබෙනවා.
අදාළ ක්‍රීඩිකාවට බලපෑමකින් සංචිතයට නොආවද ඇය දක්ෂ ක්‍රීඩිකාවක් වුව ද,මව වෙනුවෙන් සිය ස්ථානය බැහැර කිරීමට ගත් තීරණයෙන් ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිදු වී තිබෙන බව පිළිගත යුතු වෙනවා.එම තේරීම ද ආන්දෝලානාත්මක ව අතර යළි පැමිණෙන ක්‍රීඩිකාවකට අවස්ථාව සෑදිම සදහා ඇයට අභියෝගයක් විය හැකි පිරිස් මූලක වටයෙන්ම ඉවත් කර තිබීම එම ආන්දෝලනයට හේතු වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment