ඉන්දියාවේදී ඇරඹෙන සිව්වැනි නීතිඥ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව දක්වන දස්කම් පිළිබදව තොරතොරු දැන ගැනීමට අප www.supirikrida.com වෙබ් අඩවියේ දක්වා ඇති ඉහතින් ඇති බැනරය තෙරපීමෙන් දැක ගැනීමට අවස්ථාව ඇත.සිව්වන වරටත් නීතිඥ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන අසේල පටබැදි ගේ නායකත්වයෙන් යුතු මෙවර කණ්ඩායම දේශිය ක්‍රිකට් පිටිය තුළ ද ඉහළ දස්කම් දක්වා තිබෙන තත්ත්වයක් තුළ මෙවර තරගාවලිය පිළිබද ඉහළ බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත.
තරගාවලියේ තරග 14 දා ඇරඹෙන අතර මේ වන විටත් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මෙහෙයවන පළමු පෙළ තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙමින් විශ්වසනීයත්වයෙන් තරග වදින නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් ද ඇතුළත්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්දක් ඇති පළමු පෙළ කණ්ඩායම් පුහුණුකරුවෙක් මෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණනාවකගේම පුහුණුකරු ලෙස කටයුතු කර ඇති රන්ජන් පරණවිතාන ඔවුන් නිසි පරිදි තරග සදහා මෙහෙයවනු ඇත.
කෙසේ වුව.පළමු නීතිඥ ලෝක කුසලාන තරගාවලියේදීම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මෙවර නායකත්වය දරන අසේල පටබැදි ඉන් අනතුරුව පැවති තරග වලදී ද විෂේශ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය නියෝජනය කරන ප්‍රවීන ක්‍රිඩකයන්ගේ අවධානයට ලක් වන අතර එම තත්ත්වය තේරුම් ගෙන වැඩි අවධානයකින් කටයුතු කිරීම අසේල ගේ නායකත්වයේ වගකීම වනු ඇත.එමෙන්ම සෙසු ක්‍රීඩකයන්ද අසේල ට වැඩි පීඩනයක් ඇති නොවනාකාරයෙන් සිය උපරිමය ලබා දීමට කටයුතු කළහොත් මෙවර තරගාවලියේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් තිබෙන බව පැහැදිළිය.
උප නායක මනේෂ් වැවිල ද සිව්වන වරට තරගාවලිය නියෝජනය කරන අත්දැකීම් ඇති පන්දු යවන්නෙකු වන අතර කණ්ඩායමේ වේග පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමෙහිලා ඔහුට විශාල වගකීමක් දරන්නට වනු ඇත.
No comments:
Post a Comment