Feb 23, 2013

අමරනාත් පරපුරෙන් අයෙක් බදුරලියට

ලෝක පූජිත ක්‍රිකට් පවුලක් වන ඉන්දියාවේ අමරනාත් පවුලේ සාමාජිකයෙක් වන දිග්විජේ අමරනාත් සිය පළමු පළමු පෙළ ක්‍රිකට් තරගයට ඊයේ සහබාගි වූයේ ශ්‍රී ලංකාවේදීය.23 වැනි වියට පා තබමින් සිටින විජේ හිටපු ඉන්දීය ක්‍රීඩක සුරින්දර් අමරනාත්ගේ පුත්‍රයා වන අතර සුරින්දර් ගේ සහෝදරයා ඉන්දියාව ප්‍රථම වරට ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වා අවසාන තරගයේ වීරයා වූ මොහින්දර් අමරනාත් ය.ඒ දෙදෙනාගේ පියා වන ලලා අමරනාත් ඉන්දියාව බිහිකළ තවත් සුපිරි ටෙස්ට් ක්‍රිකට් වීරයෙක්ය.ලලා ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතුන් දෙදෙනා වන සුරින්දර් සහ මොහින්දර් ද පසු කලෙක ඉන්දීය ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක් වූ අතර එම තෙවන පරම්පරාවේ නියෝජනය කරමින් දිග්විජේ බදුරලිය ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා පිටියට පිවිසියේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිවය.
එහිදී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු පන්දු 59 ට මුහුණ දී එක හතරේ පහරක් සමග ලබා ගත්තේ ලකුණු 15 ක් පමණි.නමුත් ප්‍රබල ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව අති විශිෂ්ඨ ශතකයක් ලබමින් ලකුණු 111 ක් රැස් කළ පබසර වඩුගේ සමග කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීම   වෙනුවෙන් වාර්තා වූ අර්ධ ශතක සබදතා දෙකෙන් එකක් පළමු කඩුල්ලට මාලිංග මලිගස්පේ (22) සමග වූ ලකුණු 62 ක සබදතාවය වූ අතර අනෙක් සබදතාවයේ හිමිකරුවා වූයේ විජේ ය.විජේ පබසර සමග තෙවන කඩුල්ලට පැවත් වූ සබදතාවය ලකුණු 65 ක් විය.
www.supirikrida.com

No comments: