Feb 18, 2013

හුංගමට යන කණ්ඩායම් අට බලංගොඩ දී තෝරා ගැනේ


 නාධිපති රන් කුසලාන 2013 තරගාවලියේ අවසාන පූර්ව තරග දක්වා වන කණ්ඩායම් නිර්ණය කර ගැනීම සදහා දිස්ත්‍රික් සූරයන් අතර පවත්වන තරගාවලිය බලංගොඩ මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති අතර එහිදී කාන්තා අංශයෙන් මාවතගම කැෂුවලයින්,නාත්තණ්ඩිය යුනයිටඩ්,සියඹලාගොඩ කපිල සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම් තේරී පත් විය.පිරිමි අංශයෙන් නාත්තණ්ඩිය යුනයිටඩ්,බොරැලස්ගමුව බලරැස්,දෙබෑගම රන්තරු සහ ගම්පහ සියනෑතරු කණ්ඩායම් තේරී පත් විය.

අවසාන කණ්ඩායම් හතර අතර තරග කණ්ඩායමකට තරග දෙකක් ලැබෙන පරිදි එකිනෙකා හමුවන අයුරෙන් පැවත්වෙන අතර එහි පළමු තරග වටය ද බලංගොඩ දී පැවත්වීමට නියමිතව තිබිණ.නමුත් වැසි සහිත තත්ත්වය නිසා පිරිමි අංශයේ දෙබෑගම රන්තරු සහ නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම් අතර තරගය පැවත්වීමට නොහැකි විණි.පැවත් වූ තරගය වූ බලරැස් සහ සියනෑතරු අතර තරගයෙන් ප්‍රබල වර්ථමාන ජාතික කණ්ඩායම් සාමාජිකයන්ගෙන් සමන්විත සියනෑතරු කණ්ඩායමේ රැස් කදම්භය හීන කළ බලරැස් සිය හැකියාවන් වල ප්‍රභාවෙන් සියනෑතරු කණ්ඩායම අඩපණ කරමින් වට 3 - 2 ක විශිෂ්ඨ ජයක් ගබා ගැනීම කැපී පෙණින.
කාන්තා අංශයේදී ද නාත්තණ්ඩාය යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ තරුණ ජවයට එරෙහිව චන්දිමා අකරවිට එල්ල කළ සුවිශේෂි ප්‍රහාරය කැපී පෙණුන අතර ඇය හමුවේ ඉතා අසීරු අත්සාහයක් දරමින් නැගී සිටි නාත්තණ්ඩිය තරුණ ක්‍රීඩිකාවෝ තරග වට 3 - 1 ක ජයක් අත් කර ගැනීමට සමත් වූහ.මාවතගම කැෂුවලයින් තරගයද ජාතික තලයේ ක්‍රීඩිකාවන් අතර තරගයක් වූ අතර එහිදී ප්‍රගපලය වූයේ ද තරග වට 3 - 1 ක ජයකි.එම ජයග්‍රහණය කැෂුවලයින් කණ්ඩායමට හිමි විය.මෑත වකවානුවේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩිකාව බවට පත්ව සිටි ලීනා සදමාලී ආබාධිත තත්ත්වයෙන් පසු පළමු වරට මෙවර ජාතික තලයේ තරගාවලියක ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඇය යලිත් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් සිටින බව මෙම තරගාවලියේදී කැෂුවලයින් ජයග්‍රහණ ශක්තිමත් කරමින් පැහැදිළි කිරීම ද ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට සතුටු විය හැකි කරුණකි.

No comments: