Feb 17, 2013

මුළු උතුරම සබරගමුවට

මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහී දිස්ත්‍රික් කණ්ඩායම් අතර තරග නියෝජනය කිරීම සදහා උතුරු පළාතට අයත් දිස්ත්‍රික් පහම නියෝජනය කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් එම තරගාවලියට සහභාගි වීම සදහා බලංගොඩට පැමිණීම විශේෂ සිදුවීමක් විය.ඒ අනුව උතුරු පළාතේ යාපනය,මුලතිව්,කිලිනොච්චි,මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් තරගාවලියට සහබාගි වූ අතර ඒ අතරින් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කරමින් පැමිණි කන්කසන්තුරේ කාන්තා කණ්ඩායමට යාපනය මහජන විද්‍යාලය නියෝජනය කරමින් පැමිණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ පුලගරාසි වැනි ක්‍රීඩිකාවන්ද ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.
නමුත් කන්කසන්තුරේ කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක් වූ එහි නියෝජිතයෙකු පවසා සිටියේ කන්කසන්තුරේ තවමත් සිවිල් සමාජය වෙත සපුරා නිදහස හිමි වූ ප්‍රදේශයක් නොවන බවය.සාමාන්‍ය සමාජය සමග වන ගණු- දෙනු සදහා එම ප්‍රදේශයේ ඉඩ - කඩ අඩු බව පෙන්වා දුන් එම පුද්ගලයා හමුදා අවසරයකින් තොරව දකුණේ අයෙකුට වුව ඒ වෙත ඇතුල්වීමට තවමත් අවසර නැති බව පැහැදිළි කළේය.හමුදා පාලනය යටතට ගෙන තිබෙන එම ප්‍රදේශයේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත වන්නේනම් මීට වඩා යහපත් ලෙස ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමට අවස්ථාව හිමිවන බව  පෙන්වා දුන් එම නියෝජිතයා  මෙය රජයේ අවධානයට යොමුවිය යුතු තත්ත්වයක් බවත් පැහැදිළි කළේය.
www.supirikrida.com

No comments: