මහනුවර රණබිම විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාව සදහා පිවිසි පසුව ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ උප නායකත්වය සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දැරූ තීක්ෂණ ගම්මන්පිළ විසින් රචිත බේස්බෝල් මූලික දැණුම 01 ග්‍රන්ථය අරලියගහ මන්දිරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළි ගන්වන්නට යෙදුණා.දැනට සිංහල බසින් සම්පාදිත බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධ පළමු මෙන්ම එකම ග්‍රන්ථය ද වන මෙම කෘතිය පිරිනැමීමේ අවස්ථාවේදී ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණය සහ බේස්බෝල් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබදවද ජනාධිපතිවරයා,ගම්මන්පිළිගෙන් තොරතොරු විමසා තිබෙනවා.
නුගේගොඩ සරසවි පොත් ප්‍රකාශනයන්ගේ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන බේස්බෝල් මූලික දැණුම 01 කෘතිය දැනට ජාතික පුස්තකාලයෙන් ක්‍රීඩා අමාත්‍යංශ පුස්තකාලයෙන් මෙන්ම ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ පුස්තකාලයෙන්ද පරිශීලනය කිරීමට හැකියාව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment