දැඩි අර්බූද ගණනාවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලන ඒකක අතරේ යහපත් පරිපාලනයක් පවත්වා ගෙන යාමේ භාග්‍යය උදා කරගෙන සිටින ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් පරිපාලනයේ මෙහෙයවීම ඇතිව ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායමක් මේ දිනවල මැලේසියාවේ සංචාරයක යෙදී සිටිනවා.එම පිරිමි කණ්ඩායමට නායකත්වය නදුන් හෙට්ටිආරච්චි විසින් සපයන අතර කාන්තා කණ්ඩායමට නායකත්වය ලක්ෂිකා පීරිස් විසින් සපයනු ලබනවා.එම නායකත්වය යටතේ සහභාගි වන ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායමට ප්‍රභාෂ් ඉන්ද්‍රජිත්,කුෂාන් මධුරංග,ලහිරු කොඩිතුවක්කු,මහේන්ද්‍ර අමරසිංහ,ජයන් මධුශංඛ,පැතුම් ලියනගේ සහ මනෝෂා චන්ද්‍රසේන ඇතුළත් වෙනවා.
කණ්ඩායම් භාරකරු ලෙස රශ්මික අබයසුන්දර කටයුතු කරන අතර,කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රියන්ත සමරදිවාකරයි.සහය කණ්ඩායම් කළමණාකරු ලෙස නලීන් නානානයක්කාර කටයුතු කරන අතර කණ්ඩායම් පුහුණුකරු ධූරය චරිත් අමුගොඩආරච්චිට හිමිව තිබෙනවා.
www'supirikrida.com
No comments:
Post a Comment