Feb 18, 2013

හය වන වරටත් කිරුළ ඕස්ට්‍රේලියාවට

Australians with their World Cup trophy
කාන්තා ලෝක කුසලාන අවසන් තරගය ලකුණු 114 කින් ජයගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ හයවන වරටත් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සූරියෝ වීමේ භාග්‍යය උදා කර ගත්හ.අවසාන තරගයේදී අපහසුවකින් තොරව ලකුණු 114 ක ජයක් අත් කර ගත් ඕස්ට්‍රේලියාව සූරතාවය පිළීබදව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් දුටු සිහිනය අනු සූරතාවයෙන් නිමා කළහ.
ඕසට්‍රේලියානු සංස්කෘතියට අනුව සීමිත පන්දු වාර තරග වලදී බොහෝවිට කරන අයුරෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ ක්‍රමවේදය අනුගමණය කළ ඕස්ට්‍රේලියාව සිය පන්දු ඕවර් 50 අවසානයේදී ලකුණු 259 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් පමණක් දැවෙමින්ය.ඕස්ටේට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෙස් කැමරන් පන්දු 76 දී ලකුණු 75 ක් ලැබූ අතර රිචෙල් හෙයින්ස් ලකුණු  52 ක් රැස් කළාය.ඕස්ට්‍රේලියානු ඉණිමේ අග භාගය ප්‍රවේගවත් කළ නායිකා ජුඩී ෆීල්ඩ්ස් (නොදැවී 36) සහ එලයිස් පෙරී (නොදැවී 25) එක් කළ නොබිදි ලකුණු 50 ක සබදතාවයද නිසා ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 259 ක් දක්වා දිගු විය.
තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව බවට පත් වූ නවසීලන්ත නායිකා සුසී බෙට්ස් සමස්ත තරගාවලියේ ලකුණු 407 ක් ලැබූ අතර ඇයට පමණක් දෙවැනිව සිටි කොදෙව් ක්‍රීඩිකා ස්ටෙෆනි ටේලර් ව එලයිස් පෙරී විසින් ලකුණු 5 ට පිටියෙන් ඉවත් කිරීමත් සමග කොදෙව් ඉණිමට හිස ඔසවන්නට අවස්තාවක් නොලැබිණ.විශෙෂයෙන් පෙරී ලකුණු 19 ට කඩුලු 3 ක් සහ දග පන්දු යවන ක්‍රීඩිකා ලීසා ස්ටැල්කර් ලකුණු 20 ට කඩුලු 2 ක් ලබමින් ඇති කළ පීඩනය  ඉදිරියේ කොදෙව් ඉණිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ‍නායිකා මෙරිස්සා ඇගුලේරාට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 23 ක් පමණි.කොදෙව් ඉණිම ලකුණු 145 ට සීමා වීමට පන්දු යැවීම තරමටම පන්දු රැකීමේ සුවිශේෂි දක්ෂතාද බල පෑ අතර අවසාන තරගයේ සියළු ගෞරව ඕස්ට්‍රේලියාව සතු වූයේ මෙවර ලෝක කුසලානයේ හිමිකාරීත්වය ලකුණු 114 ක ජයක් සමග ඕස්ට්‍රේලියාව සතු වෙමින්ය.
තරගාවලියේ පස්වන ස්ථානයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා පෙන් වූ අතර හොදම පිතිකාරිණියන් වර්ගීකරණයේදී දිපිකා රසාංගිකා සිව්වන ස්ථානයට පැමිණියාය.පන්දු යැවීමේදී ද චාමිණි සෙනවිරත්න සහ ශෂිකලා සිරිවර්ධන වැඩිම කඩුලු ලාභින් අතර මුල් දස දෙනා වෙත පැමිණ සිටි අතර චමරි අතපත්තු,කෞශල්‍යා ලොකුසූරිය වැනි ක්‍රීඩිකාවන් ලෝකයේ අවධානය ශ්‍රී ලංකා‍ව දෙසට හැරවීමට සමත් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කැපී පෙණින.
www.supirikrida.com

No comments: