Feb 22, 2013

මුරලිගේ දග කැවීම වෙළද සේවා ඇකඩමියට

ලෝකයේ පහළ වූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙස ලෝක පූජිත ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට සහ ගෞරවයට පත් මුත්තයියා මුරලිදරන් පසුගියදා වෙළ සේවා ක්‍රිකට් පාසලේ පුහුණුව ලබන ක්‍රිකට් ර්‍කීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් සම්බන්ධ කෙටි දේශන වැඩ මුළුවකට සහභාගි වුණා.ඔහු මෙන්ම තවත් ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිස්ඨ දග පන්දු යවන්නෙකු ලෙස සැළකෙන,වර්ථමාන‍යේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී කණිෂ්ඨ පුහුණුකරු වන රොජර් විජේසූරිය ද එක්ව සිටියා.
වයස අවුරුදු 13 න් පහළ,15 න් පහළ සහ 17 න් පහළ දරුවන් 170 ට පමණ පුහුණු පහසුකම් සැපයෙන වෙළද සේවා ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව ලබන ක්‍රීඩකයන් විසින් එම කෙටි දේශනය තුළ දි මතු කරන ලද ප්‍රශ්න වෙනුවෙන් මුත්තයිා මුරලිදරන් ඉතාමත් නිහතමානී ව පිළිතුරු ලබා දුන් අයුරු කාගේත් ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් වුණා.රොජර් විජේසූරියද එම අවස්ථාවේදී ක්‍රීඩකයන් නැගූ ගැටළු නිරාකරණය කිරීම සදහා සුවිශේෂි මැදිහත්වීමක් කිරීම කැපී පෙණුනා.
ඡායාරූපයෙන් දැක්වෙනුනේ මුරලිදරන් වෙනුවෙන් සැකසි පැය දෙකක වීඩියෝ දර්ශනයක් සහිත වැඩ සටහනකින්ද සමන්විත එම කෙටි දේශනයන්ට සහභාගි වූ ක්‍රීඩකයන් අමතමින් වෙළද සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක එම දෙශනයන් සංවිධානය කිරීමට බලපෑ කරුණු පැහැදිළි කළ ආකාරයයි.එම අවස්ථාවට එක වූ වෙළද සේවා පුහුණු පාසලේ ප්‍රධානී නලීන් වික්‍රමසිංහ,වෙළද සේවා ක්‍රිකට් සංගමයේ තරග කමිටු සභාපති මහේෂ් ද අල්විස් සහ සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමග රොජර් විජේසූරියද ඡායාරූපයේ සිටිනවා.
www.supirikrida.com

No comments: