වසරක පමණ කාලයක සිට මෙම දින දෙක තුළ තරග පැවත්වීමට කාලය සකසා ගෙන සිටිය දී,විනිසුරුවන් සහභාගි නොවීම සහ එයට විනිසුරුවන් වෙන් කර නොතබා ගැනීම පිළිබදව වගකීම ද බේස්බෝල් පරිපාලනයටම හිමි විය යුතුය.මේ මොහොතේ ජාතික තරගාවලියේ දිගුවක් ලෙස පැවත්වෙන ලීග් තරගාවලියේ දී බේස්බෝල් පරිපාලනය ගනු ලැබූ හාස්‍යජනක තීරණයක් හේතුවෙන් ජාතික තරගාවලියේ දී වෙනත් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී තවත් ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.මේ තත්ත්වය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අවධානයට ලක් වී තිබෙන කරුණකි.
මෙවැනි අසාධාරණ ක්‍රියා පසුපස සිටින බේස්බෝල් පරිපාලනයේ එක් නිලධාරියෙකු මේ වන විට බලසම්පන්න චරිත වල නම ඈදා ගනිමින් විවිධ පාර්ශවයන් වලින් ඊට එරෙහිව නැගෙන විරෝධතා මැඩ පැවත්වීමට උත්සාහයක් ගනිමින් සිටින බව ද සැළ වේ.පරිපාලනයේ ක්‍රියා වලට නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාගේ සියළු ආශිර්වාදය හිමිවන බව කියමින් ඊට එරෙහිව නැග එන බලවේගවල ආවේගය මැඩ පවත්වන හෙතෙම යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඇතැම් ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂයන්ගේ ආශිර්වාදය ලබා ගන්නා බවට අනතුරු අගවමින් සිටියි.
මේ අතර දරුණුම තත්ත්වය ඇති වී තිබෙන්නේ මෙම පුද්ගලයා ක්‍රීඩා පිටි සෙවීම වෙනුවට ඊට එරෙහිව අදහස් දක්වන්නන් සදහා සොහොන්පිටි සෙවීම සිය කාර්යය බවට පත් කර ගෙන තිබීමය.බේස්බෝල් පරිපාලනයට සම්බන්ධ හිටපු සුපිරිතම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන ව්‍යාපාරිකයෙකුගේ මැර හමුදාවක් මගින් මෙම කාර්යය කරන බවට විරුද්ධවාදීන්ට පණිවිඩ යැවීම මෙන්ම මධ්‍යස්තව සිටින පුද්ගලයන්ට එම මැරයන් මගින් ආරක්ෂාව ලබා දිය හැකි බව කියමින් ඔවුන් විරුද්ධව මත පළ කිරීමට ඇති ඉඩ වැළක්වීම අලුත්ම සංදර්ශනය වී ඇත.බොහෝ විට එම ව්‍යපාරිකයා රටේ ප්‍රබලතම දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුද බව පවසමින් කරන මේ බිය වැද්දීම් පිළිබදව මීට පෙර නම් සදහන් පුද්ගලයන් මෙන්ම එම ව්‍යාපාරිකයාද නොදන්නවා විය හැකි අතර ඇතැම් විට ඔහු ගේ පවුල් පසුබිම හා සසදද්දී එවැනි මැර හමුදාවන් සමග සබදතා ඇති පුද්ගලයෙකු ලෙස සිතීමට ද අපහසු බව ඒ පිළිබදව කරුණු පැහැදිළි කරන බේස්බෝල් ක්ෂ්ත්‍රයේම පිරිසක් පවසති.
නමුත් මේ වන විට මේ සම්බන්ධයෙන් මරණ තර්ජන එල්ල වූ ඇතැම් පිරිස් සිය ආත්ම ආරක්ෂාව පතා ඒ පිළිබදව පොලිසියේ සටහන් තැබීමට පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
www.supirikrida.com
No comments:
Post a Comment