![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia31OTJxgkaBXQfd-YMOIOJHp12Lhvo5NuM0SOaDPAoc5msXpyWnV5sZwLRaDaaJwvFzF_FD4rrCkWtKravtZR5yJuvqdTyHUM5hqdkqVdNAaetcUf-UcZM2vQc-oevUaKgurnFPe-hB0/s1600/cartoon-fight.jpg)
එම නිසා ඊයේ පවත්වන්නට යෙදුණ රැස්වීම සදහා ප්‍රසන්න හෝ සභාපතිවරයා ද සහභාගි වී නැති අතර 10 දෙනෙකුටත් අඩු පිරිසක් සහභාගි වීමේ තත්ත්වය තුළ රැස්වීමක් පැවත්වීමේ හැකියාව ලැබී නැත.මීට හේතුව ලෙස හිටපු මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු කළුතර මලල ක්‍රීඩා සංගමයේ සභාපති පදවියට පත් කිරීමට පිරිසක් දරන උත්සාහය හේතු වී ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔහුට විරුද්ධ කොටස් සෘජුව සභාවක ඒ බව ප්‍රකාශ කිරීමට හෝ ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඇති නොහැකියාව මත මලල ක්‍රීඩා සංගමයේ රැස්වීම් වලට සහභාගිවීම වළකන්නට නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් සිටින බව දැන ගන්නට ඇත.
කළුතර මලල ක්‍රීඩා නිලවරණය පැවත්වීමට පළමු වරට උත්සාහ කළ අවස්ථාවේ එම සංගමයේ සභාපතිවරයා වන බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක සුමේධ එපිටකඩුව ම, රීතිමය කරුණක් මත එම රැස්වීම පැවත්වීම වැළක් වූ අතර මේ වන විට ඔහුගේ ආදර්ශය මත සෙසු පිරිස්ද ක්‍රියාත්මක වෙමින් සිටින අතර අද වන විට ඔහුට අවශ්‍යය පරිදි ද රැස්වීමක් කැදවා ගත නොහැකි තත්ත්වයක් තුළ ඔහු ද තනතුරෙන් ඉල්ලා අස්වීමට උත්සාහ දරණ බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මේජර් ජෙනරාල් පාලිත වර්ථමාන මලල ක්‍රීඩා සභාපති යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දයා රත්නායකට ප්‍රථමයෙන් හිටපු සභාපිතවරයා වූ අතර ඉකුත් වසරේ පාලිතයන්ට එක දිගට වසර ගණනක් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරීම මෙන්ම ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ද පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දුන්නේ නැත.ඒ අනුව මේජර් ජෙනරාල් දයා රත්නායකයන්ගේ නායකත්වය යටතේ පත් වූ මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වූ සේවය කිරීමට අපොහොසත් වූ අතර එම නිසා විශේෂයෙන් ලංකාවේ මලල ක්‍රීඩාව සමග පැවති ජාත්‍යන්තර සබදතා අහෝසි වෙමින් ද,තේරීම් කමිටුවක් නිවැරදිව පවත්වා ගැනීමට නොහැති වීමේන් අද ද (ජනවාරි 20) මුම්බායි අදියර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වසර ගණණක් සහභාගි වූ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකු මැරතන් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරග ගණනාවක්ම අහිමි වෙමින් බලාපොරොත්තු වූ සේවයට ළගා වීමට නොහැකි තත්ත්වයට පත් වී සිටියි.
www.supirikrida.com
No comments:
Post a Comment