මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ කරුණු දැක්වීම පරීක්ෂණයක් කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්න සහ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මේ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කරන බව කීව ද ඊයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කෙරෙන තෙක් ඒ පිළිබදව අමාත්‍යවරයා දැනුවත්ව නොතිබිණ.එහිදී අප කරුණු පෙන්වා දෙමින් පරපාලනය වරදක් කිරීම සදහා ක්‍රීඩා සමාජවල ලිඛිතව ක්‍රීඩා සමාජ වලින් අවසර ඉල්ලද්දී ක්‍රීඩා සමාජයකට හෝ ක්‍රීඩකයෙකුට ඊට විරුද්ධව කරුණු දැක්වීමෙන් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩා සමාජයට හානිකර තත්ත්වයක් ඇති වේය යන්න අමාත්‍යවරයා පිළිගත් අතර එම ප්‍රායෝගික තත්ත්වය සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අවබෝධ කර නොගැනීම පිළිබදව කණස්සල්ල පළ කළේය.
ඒ අනුව මේ පිළිබදව වහාම සොයා බැලීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
www.supirikrida.com
No comments:
Post a Comment