පළමු මොහොතේ තේරීම් කමිටුව ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බව කියන පුහුණුකරුවන්ගේ කීර්තිය රැකදෙන හැරමිටි බවට පත් කිරීමට ගත් උත්සාහය මාධ්‍ය වාර්තා කර ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලද මැදිහත් වීම හේතුවෙන් යම් තරමකට නිවැරදි වුව ද,යළිත් පුද්ගල අවස්ථාවන් පදනම් කරගෙන වරප්‍රසාද පිරිනැමීම තුළින් තරගාවලියේ මුඛ්‍ය අර්ථය ගිලිහී යමින් පවතිනවා.
ඒ ආකාරයට කදුරට - ඌව කණ්ඩායමේ ආරම්භය වෙනුවෙන් දායක වීමේ වරප්‍රසාදය තිලාන්ට හිමි වී තිබුණ ද, ඔහුට අසාර්ථකත්වයෙන් ගොඩ එන්නට නොහැකි වූ අතර නමුත් ඔහු සමග ඉණිම ඇරඹූ දිමුත් කරුණාරත්න ලකුණු 80 ක් ලබා ගත්තා.කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහර දුන් කදුරට - ඌව කණ්ඩායම වෙනුවෙන් දිමුත් ට අමතරව සිය තුන් ඉියව් දස්කම් පළිබදව නැවත සහතිකයක් සැපයූ සචිත්‍ර සේනානනායක වේගවත් ලකුණු 43 ක් ලබා ගත්තා.
පිළිතරු ඉණිමට පිවිසි බස්නාහිර කණ්ඩායම අසරණ කළ,වමතින් පා දග පන්දු යවන දුලංජන මෙණ්ඩිස් ලකුණු 33 ට කඩුලු 5 ක් ලබා ගනිමින් බස්නාහිර කණ්ඩායමට ලකුණු 80 ක පරාජයක් සදහා යාමට අවශ්‍යය මූලික පදනම සකස් කර දුන්නා.තිලාන්ට මේ අවස්ථාවේ දී පන්දු යවන්නේකු ලෙස ද දක්ෂතා අතරට ඒමට අවශ්‍යය පසුබිම සකස් කර දීම වෙනුවෙන් යම් උත්සාහයක් තිබෙන බව පැහැදිළි වූ අතර යළිත් කලෙකින් ජාතික කණ්ඩායමේ පන්දු යවන්නාගේ භූමිකාවට දායක වී නැති ඔහු කදුරට - ඌව කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනා අතර සිට ක්‍රියාත්මක වනු දක්නට ලැබුණා.තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසීමේ හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600411.html
බස්නාහිර කණ්ඩායම මෙන්ම තරගාවලියේ සිය දෙවන පරාජයට ඊයේ මුහුණ දුන් කණ්ඩායම වූයේ උතුර නැගෙනහිර කණ්ඩායමයි.ඔවුන් රුහුණ කණ්ඩායම ඉදිරියේ කඩුලු 7 කින් පරාජයට පත් වුණා.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් උතුර - නැගෙනහිර කණ්ඩායමට සිය පන්දු වාර 50 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.සැළකිය යුතු ඉණිමක් දක්නට නොලැබුණු උතුරු - නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ සමීර සොයිසා ලකුණු 37 ක් රැස් කළා.
පිළිතුරු ඉණිමට පිවිසි රුහුණ කණ්ඩායම,35 වන ඕවරයේ සිව්වන පන්දුවේදී අදාළ ඉලක්කයට කඩුලු 3 ක් පමණක් දැවී පිවිසුණු අතර එහිදී අශාන් ප්‍රියාංජන ලකුණු 63 ක් ලබා නොදැවී සිටින්නට සමත් වුණා.තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසීමේ හැකියාව තිබෙනවා
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600410.html
No comments:
Post a Comment