තරගාවලියේ තරග හතරක් මේ දක්වා නිමාවට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව මේ වන විට 2 - 1 ක් ලෙස ඉදිරියෙන් සිටියි.සිව්වන තරගයද ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබියදී ඇති වූ වර්සා තත්ත්වය හේතු කර ගෙන තරගය අතහැර දමන්නට විනිසුරුවන් සහ තරග තීරක විසින් ගන්නා ලද තීරණය අභියෝගයට ලක් කරන බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබදව ජගත් ක්‍රිකට් කවුන්සිලයට තොරතොරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ තත්ත්වය තරගාවලියේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රවේශම් සහගත විය යුතු බවට කරන අනතුරු ඇගවීමක් බදු වන අතර ඇතැම් විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයන් 11 දෙනාට අමතරව විනිසුරුවන් සහ තරග තීරකයා ද ශ්‍රී ලංකාවට එරෙහිව සිටිය හැකි බවට කරන පූර්ව දැණුම් දීමකි.
No comments:
Post a Comment