ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මීටර් 1500 ධාවකයා වන චමින්ද ඉන්දික විජේකෝන් ගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථක කර ගැනීම සදහා රැපියල් ලක්ෂ පහක මුදල් පරිත්‍යාගයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය ගත් තීරණයකට ුනුව එම මුදල ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විජේකොන්ට පිරිනැමීම අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම විජේකෝන්ගේ පුහුණුකරුද එම අවස්ථාවට එක් වූ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අදාළ මුදල් පරිත්‍යාගය විජේකෝන් වෙත සිදු කළ අයුරු මේ සමග වන ඡායාරූපයෙන් දැක්වේ.
ලුසෆෝනියා ක්‍රීඩා උළෙල දෙකේදීම මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනූ විජේකෝන්,ආසියාතික මට්ටමෙන් මීටර් 1500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් එකම ක්‍රීඩකයාද වන්නේය.වර්ථමාන දක්ණු ආසියාතික මීටර් 1500 සූරයාද වන විජේකෝන් එම ඉසව්ව විනාඩි 3:40 ට අඩු කාළයකින් නිමා කළ එකම සහ පළමු ලාංකේය ක්‍රීඩකයාද වන අතර ඔහුගේ වර්ථමාන ජාතික වාර්තාව වන්නේ විනාඩි 3:39.61 කි.වසර දොළහක් වන විජේකෝන්ගේ මලල ක්‍රීඩා ජීවිතයේ එම කාලය තුළ,බිද දමා ඇති ජාතික වාර්තා ප්‍රමාණය ද 12 කි.
www.supirikrida.com
No comments:
Post a Comment