ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ තරගයේ
සුදුසුකම් ලැබීමේ වටයෙන් අවසන් වටය නියෝජනය සදහා සුදුසුකම් ලැබූ තරගකරුවන් 12 දෙනා
අතරට එක්වීමට ශ්‍රී ලංකාවේ මිලාන් මධුෂ්ක දිසානායක සමත් විය.ආසියාව නියෝජනය කළ ක්‍රීඩකයන්
අතරින් මිලාන් හැරුනු විට කසකස්ථාන සහ ඊශ්‍රායල් ක්‍රීඩකයා පමණක් අවසන් වටයට තේරී
ඇති අතර චීනය,කටාරය,ජපානය,කොරියාව,චීන තායිපේ,ඉරානය සහ ඉන්දියාව නියෝජනය කරමින්
සහභාගි වූ ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව උදා වුණේ නැත.
මීටර් 2.14 ක උසක් සිය පළමු උත්සාහයෙන්ම ඉක්මවා යමින්
මිලාන් මෙම අවස්ථාව උදා කර ගත් අතර ඔහු මීටර් 2.10 න් සිය පිමි අරඹමින් සිය ශක්තිය
වැය නොකර උපරිමයට ළගා වීමට ගත් අභියෝගාත්මක තීරණය ජය ගැනීම විශේෂයෙන් ඇගයිය යුතුය.
මේ අතර මිලාන් හැරුණුවිට පෙරේදා තරගවැදි තරගකරුවන්
අතරින් නව කණිෂ්ඨ හ්‍රී ලංකා වාර්තාවක් සමග මීටර් 110 කඩුලු පැනීමේ තරගයේ අවසාන
පූර්ව තරගයට සුදුසුකම් ලැබූ සුපුන් විරාජ් ට නීත්‍යානුකූල නොවන ධාවනයකින් තරගයෙන්
ඉවත් වන්නට සිදු වීම නිසා තව දුරටත් ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව
අහිමි විය.
දැනට හ්‍රී ලංකාව වෙනුවෙන් තරග නොවැදි සාමාජිකයෙකුට
සිටින්නේ උස පැනීමේ ක්‍රීඩිකා නිමේෂෘ මධුෂානි සිරිවර්ධන පමණක් වන අතර ඇය සිය තරග
ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයට 13 දා ඉදිරිපත් වන අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසාන
තරගයට මිලාන් සහභාගි වන්නේ ද එදිනමය.
3 comments:
We are proude about you
We are proude
We are proude
Post a Comment