බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන
14 වන CLASSIC BADMINTON CHAMPIONSHIPS තරගාවලියට අදාළ අයදුම්පත් www.supirikrida.com අඩවියේ මේ ප්‍රවෘත්තියට අදාළව පළ වී තිබෙන බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලෝගුව ඇති ස්ථානය තෙරපීමෙන් (click) ලබාගත් හැකි අතර ඒ සමග තරගාවලියට අදාළ නිතිරීති සහ කොන්දේසි ද සදහන් වේ.ආධුනික අංශයෙන් අවුරුදු 20 න් ඉහළ සහ අවුරුදු 40න් ඉහළ කාන්තා සහ පිරිමි ලෙස කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවත්වෙන අතර අවුරුදු 14 න් පහළ සහ අවුරුදු 19 න් පහළ ලෙස මේ තරගාවලිය ආශ්‍රීතව ක්‍රියාත්මක බාලක සහ බාලිකා තරග කේවල සහ යුගල ලෙස ක්‍රියාත්මක වේ.
අගොස්තු 4 දා සිට 6 වන දා දක්වා මොරටුව විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ජූලි මස 21 වන දා ය.
www.supirikrida.com
No comments:
Post a Comment