ජූලි මස 10 දා සිට 15 දා දක්වා ස්පාඤ්ඤයේ පැවත්වෙන ජගත්
කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද
අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටි ක්‍රීඩක කණ්ඩායම 7 ක්
වුවත් තරගාවලිය සදහා එක් අයෙකු අසනීප තත්ත්වය මත සහභාගි නොවූ බව සුපිරික්‍රීඩා වෙත
වාර්තා විය. තරගාවලිය සදහා මීටර් 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටි
ඉදුනිල් හේරත් අසනීප තත්ත්වය නිසා තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට එක් නොවූ බව
වාර්තා වේ.
මේ අතර තරගාවලිය ආරම්භ කරමින් එරට වේලාවෙන් පෙ.ව.9.00 ට පැවත්වෙන
මීටර් 3000 කාන්තා ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චාමිකා ජයමිණි සහභාගි වන අතර
ඇය රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.එදිනම එම ඉසව්වේ අවසාන තරගය 12 දා
පැවත්වෙන අතර ඇයට මූලික තරග වලදී දක්වන
දස්කම් මත ඒ සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත.
මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගිවන සුපුන්
විරාජ් රන්දෙණිය එරට වේලාවෙන් පෙ.ව.11.35 ට එහි මුලික තරග වලට සහභාගි වන අතර 12.35
ට ඇරඹෙන මීටර් 100 පිරිමි මූලික තරග වලට අෂාන්ත කුමාර ඉදිරිපත් වීමට නියමිතය.මීටර්
400 පිරිමි මූලික තරගයට ඉදිරිපත් වන ආසියාතික කණිස්ඨ මලල ක්‍රීඩා උළෙලේ සූරයා වන
දුලාජ් ධනුෂ්ක එම ඉසව්වේ මූලික තරග වලට සහභාගි වන්නේ එරට වේලාවෙන් ප.ව.6.05 ට ය.
එම ධාවන තරග ඉසව් තුනේම අවසාන පූර්ව තරග 11 දා පැවත්වෙන
අතර පිරිමි උස පැනීමේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග ද 11 දා පැවත්වේ.එසේම ජගත් කණිෂ්ඨ මලල
කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ වේගවත්ම තරුණයා තීරණය කරන මීටර් 100 අවසාන තරගය ද එදිනම
පැවත්වීමට නියමිතය.තරගාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ සහ මීටර් 400 පිරිමි
ඉසව් වල අවසාන තරග පැවත්වෙන්නේ 12 දා ය.
No comments:
Post a Comment