ශ්‍රී ලංකා
පැසිපන්දු සම්මේලනය විසින් මෙහෙයවන ලද නවම් මාවත රිය ගාල කේන්ද්‍ර කර ගනිමින්
පැවති 3x 3 වීදි පැසි පන්දු තරගාවලියේ තෙවැනි අදියරේ පිරිමි
සූරතාවය හිමි කර ගත් Colombo
Lakers
කණ්ඩායම රුසියාවේ පුවත්වෙන අන්තර්ජාතික ක්‍රීඩා සමාජ අතර තරගාවලියට සහභාගී වීමට
සුදුසුකම් ලබා ගත්තේය.මෙම අදියර තුනේ පළමු අදියරේදී Colombo
Lakers සහ
Nation Trust Bank කණ්ඩායම් සම සූරතාවය අත් කර ගත් අතර දෙවන
අදියරේ ජය හිමි වූයේ Nation Trust Bank කණ්ඩායමට ය.තෙවන අදියර Nation Trust Bank කණ්ඩායමට එරෙහිව Colombo
Lakers කණ්ඩායම
13 – 8 ක් ලෙස ජය හිමිකර ගත් අතර ලකුණු පරතරය අනුව වැඩි දක්ෂතා දැක් වූ කණ්ඩායම
ලෙස Colombo Lakers
කණ්ඩායම රුසියානු තරගාවලිය සදහා සුදුසුකම්
ලබා ගත්තේය.
විවෘත කාන්තා සූරතාවය හිමි වූයේ 4 For Ever කණ්ඩායමට වන අතර ඔවුන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ
Shepherdions කණ්ඩායම අනු සූරතාවයට හිමිකම් කීවේය.ලකුණු තත්ත්වය 17 –
13 ක් විය.අවුරුදු 18 න් පහළ පිරිමි අවසාන තරගය ඉතාමත් තියුණ මුහුණු වරක් ගත් අතර කොළඹ St
Benedict කණ්ඩායම
එහි සූරතාවයට හිමි කම් කීවේ කොළම ST JOSEPH කණ්ඩායම ලකුණු 19 – 18 ක් ලෙස පරාජයට පත් කරමින්ය.
කලකට පසු කොළඹ ශාන්ත බ්‍රිජට් විද්‍යාලයට
ජාතික මට්ටමේ පැසි පන්දු සුරතාවයක උණුසුම විදින්නට සැළැස් වූ එම විද්‍යාලීය
අවුරුදු 18 න් පහළ පැසි පන්දු කණ්ඩායම ලකුණු 11 – 8 ක් ලෙස Josephions කණ්ඩායම පරාජය කරමින්
අවුරුදු 18 න් පහළ සූරියෝ වූහ.
අවුරුදු 15න් පහළ සූරතාවය Asian International
School විසින් හිමිකර ගත් අතර ඔවුන් ට තියුණු අභියෝගයක්
එල්ල කළ GATEWAY International School
ලකුණු 16 – 18 ක් ලෙස එහි අනු සූරතාවයට හිමිකම්
කීවේය.අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවයට හිමිකම් කීවේ Track Masters කණ්ඩායම
වන අතර අනු සූරතාවය ColomboInternational School විසින් හිමි කර ගත් අතර අවසාන තරගයේ ලකුණු තත්ත්වය 15 – 12 ක් ලෙස
දැක්විණි.
තරගාවලිය පළමු වරට සංවිධානය කළ
තරගාවලියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක වු අතර එහි යහපත් ගමනක පෙර මග ලකුණු බොහෝ
දකින්නට ලැබිණ.නමුත් තරගාවලියේ වගකීම් බෙදී යාමේ දී විනිසුරු පාලනය,තරගාවලිය
මෙහෙයවීම ආදී කාරණා වලදී ක්‍රීඩා පුහුණුකරුවන් යොදා ගැනීමේ දි අනවශ්‍යය සැක ඇති
වීම වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ගැනීම වැදගත් වන අතර හවැනි අවස්ථාවන් වල
දී සංවිධානයේ වගකීම් පැවරි පුහුණුකරුවන් වේ නම් තමන්ගේ කණ්ඩායමක් සහභාගි වන තරගයක
දී අඩුම තරමේ එහි පුහුණුකරු සීමාවේ අසුන්
නොගෙන සිටීමට තරම් හෝ ස්වයාං විනයක් ඇති කර ගැනීම වැදගත් ය.
No comments:
Post a Comment