ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ
අවසාන තරගයට සුදුසුකම් ලැබූ මධුෂ්ක මිලාන් දිසානායක එම ඉසව්වේදී සිය උපරිම
දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 2.17 ක දක්ෂතාවයක් දක්වමින් හත් වන ස්ථානය දිනා
ගැනීමට සමත් විය.මීටර් 2.03 න් සිය පිමි ඇරඹූ මිලාන්,මීටර් 2.17 වන සිය උපරිම දක්ෂතාවයට
දෙවන පිම්මෙන් පිවිසීමට සමත්විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRLhtjpIqBB2PfecCMCMkug0kCM_-qhq7iHU-z5hLltI13kfBTk_GDLXhoDj-JlnxxtGe0bfjPD7CehN9o8YRDoMQuVs0Cl5_Rljjl9hJRUXu8ZXGacVAYZH0TEodmNGl1bwREU0LDqKo/s400/supun+viraj.jpg)
මේ අතර කාන්තා උස පැනීමේ අවසාන තරගයට පිවිසීමට නිමේෂා
මධුෂානි සිරිවර්ධන දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය.වැඩි උසකට යාමට අවශ්‍යය ශක්තිය
ඉතිරි කර ගැනීම සදහා මීටර් 1.75 කින් සිය පිමි ඇරඹීමට නිමේෂා තීරණය කළද ඇයට ඉක්මවා
යාමට ලැබුණේ එම උස පමණි.එයටද සිය තෙවන උත්සාහයෙන් පිවිසි නිමේෂා,සිය මූලික තරගයට
ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් 16 ක් අතරින් 11 වැන්නිය වූවාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වීමට
සිටි ඉදුනිල් හේරත් ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා මෙම තරගාවලියට ඉදිරිපත් නොවුණු
බැවින්,මිලාන් ගේ උස පැනීමේ අවසාන තරගයෙන්
පසුව ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවසන් වන අතර,සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩාකාවන්
අතරින් සුපුන් විරාජ් රන්දෙණිය මීටර් 110 කඩුලු මතින් දිවීම තරගයේ නව ජාතික යොවුන්
වාර්තාව තත්පර 13.90 දක්වා ගෙන එමින්ද,මිලාන් මධුෂ්ක දිසානායක සිය පෞද්ගලික
දක්ෂතාවය මීටර් 2.17 දක්වා වර්ධනය කර ගනිමින්
දැක් වූ දක්ෂතාවය අගය කළ යුතුය.මිලාන් ගේ දක්ෂතාවය ලාංකේය කණිෂ්ඨ උස පැනීමේ
ක්‍රීඩක දක්ෂතා අතර දෙවැනි වන්නේ එම ඉසව්වේ කණිෂ්ඨ ජාතික වාර්තාව වන මංජුල කුමාර
2002 දී කින්ග්සටන් හි දී පිහිටුවා ඇති මීටර් 2.18 දක්ෂතාවයට පමණි.
No comments:
Post a Comment