මෙම ලැයිස්තු දෙකටම
ඇතුළත් නොවන තිළිණිගේ නම අද ඇතුළත් වන ලැයිස්තුවට ඇතුළත් වන්නේනම් ජූලි නවවන දිනට
පසුව ද තවත් ක්‍රීඩිකාවක් සිය පෞද්ගලික අවශ්‍යයතාවයක් මත හෝ එරට බැඩ්මින්ටන්
පරිපාලනය සහ ජාතික ඔලිම්පික් කමිටුව එවැනි තරගාවලියක් සදහා ප්‍රමාණවත් දක්ෂතා
නොදක්වන බවට තීරණය කිරීම නිසා තරගාවලියෙන් ඉවත්වීම නිසා තිළිණිට ලැබෙන
අවස්ථාවක්ය.එම අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් අතර ද අංක 10 ට සිටින
තිළිණිට ලබාදීම සාධාරණයැයි තීරණය කිරීමේ අයිතිය,ක්‍රීඩා අමාත්‍යංශයට,බැඩ්මින්ටන්
පරිපාලනයට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ඇති අයිතියක් වන අතර ඒ සම්බන්ධයෙන්
තීරණයක් ගැනීමේ අයිතිය තිළිණි ජයසිංහට ද ඇත.
නමුත් මෙම ඡායාරූපය
පැහැදිළි කරන්නේ තිළිණි හෝ වගකිවයුතු කිසිවෙක් ඒ පිළිබද තැකීමක් නොකරන
බවය.ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සහ සහභාගි වන නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරයා ,ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඇතුළු නිලධාරීන් සමග ඡායාරූපයකට පෙනි සිටි අයුරුයි.කෙසේ
වුව ද මෙම කණ්ඩායමට තිළිණි ඇතුළත් වන්නේනම් හිස්තැන් පුරවමින් හෝ සුදුසුකම් ලැබූ
ක්‍රීඩිකාවක ලෙස තරගාවලියට ඇතුළත් වන අතර ඒ අකාරයට වරප්‍රසාද නියෝජනයකින් තොරව තරගාවලියට
සහභාගි වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ මලල ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත්
කුරේ ය.ඡායාරූපයේ දකුණේ සිට තෙවැන්නාට සිටින්නේ කුරේ වන අතර නිලූක ඡායාරූපයේ නැත
ජුණි 12 දා තේරීම
සම්බන්ධ ලේඛණය (කාන්තා)
ජූලි 09 වන දා
තේරීම් සම්බන්ධ ලේඛනය (කාන්තා)
ජුණි 12 දා තේරීම
සම්බන්ධ ලේඛණය(පිරිමි)
ජූලි 09 වන දා
තේරිම් සම්බන්ධ ලේඛණය (පිරිමි)
No comments:
Post a Comment