Jul 9, 2012

පන්දු යවන්නන් කැපූ ඉනි පිතිකරුවන් ගගට දමන ලකුණු


Thisara Perera wrecked Pakistan's top orderකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඇරඹි තෙවන ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 226 ට සීමා කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා දුන් වාසිය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු පහළ වෙමින් ඇත.මුල් පැය කිහිපය තුළ පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බවට සුපිරි ක්‍රීඩා ඉදිරිපත් කළ මතය තහවුරු කරමින් කාසියේ වාසිය ලබමින් පළමුව පන්දු රැකි ශ්‍රී ලංකාව ලකුණු 56 ක් තුළ පකිස්තානයට කඩුලු 4 ක් අහිමි කරන්නට සමත් විය.නමුත් පස්වන කඩුල්ලට නායක මිස්බා උල්හක් සමග එක් වූ අසාද් සෆීක් ලකුණු 95 ක සබදතාවයක් පවත්වමින් පකිස්තානු ඉනිම යම් ස්ථාවරයකට ගෙන එන්නට උත්සාහ ගත්තේය.නායක මිස්බා ලකුණු 40 ක් සහ සෆික් ලකුණු 75 ක් ලබා ගනිමින් පකිස්තානය ලකුණු 200 සීමාවට රැගෙන යාම නිසා පකිස්තානයේ පළමු ඉණිම ලකුණු 226 ක් ලෙස සටහන් කර ගැනීමට හැකි විය.
පන්දු යැවීමේ දී සිය හොදම ටෙස්ට් පන්දු යැවීම සනිටුහන් කළ තිසර පෙරේරා ලකුණු 63 ‍ට කඩුලු 4 ක් දවා ගත් අතර සිය 150 වන ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ඊයේ සමත් වූ රංගන හේරත් ලකුණු 40 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තේය.කුලසේකර ලකුණු 44 ට එක් කඩුල්ලක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20 ට කඩුල්ලක් දවා ගත් අතර ශ්‍රී ලංකා සංචිතයෙන් කෙතරම් අසාර්ථක වුව ද හැලී නොයෑමේ මහගු වාසනාව හිමි දිල්හාර ප්‍රනාන්දු ඊයේ ද සිය පන්දු ඕවර් 12 තුළ ලකුණු 48 ක් ලබා දි කඩුලු නොලැබූ එකම පන්දු යවන්නා බවට පත්වී සිටියේය.
පිළිතුරු ඊණිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ ඩිල්ෂාන් ගේ අඩුව මැකීමේ වගකීම පැවරී තිබූ දිනේෂ් චන්දිමාල් ලකුණු 8 ට සහ පසුගිය තරග දෙකේම කැපී පෙණුනු සංගක්කාර ලකුණු නොලබාත් දැවී ගිය පසු පිටියට පිවිසි මහේල ජයවර්ධනත් දිනයේ අවසාන ඕවරයේදී ලකුණු 12 ට දැවී යාම  නිසා ශ්‍රී ලංකා ඉණිම ලකුණු 44 ට කඩුලු 3 ක් ලෙස දැක්විණ.තරංග පරණවිතාන නොදැවී ලකුණු 13 ක් ලබා සිටින අතර ක්‍රීඩා පිටියට පැමිණීමට නියමිතව ඇත්තේ තිලාන් සමරවීර ය.දෙවන තරගයේදී තරගයේ වීරයා වූ ජුනයිඩ් ඛාන් ලකුණු 15 ට කඩුලු 2 ක් සහ මොහොමඩ් සාමි ලකුණු 2 ට එක් කඩුල්ලක් ලබා සිටින්නේය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562446.html සබදතාවය හරහා සමස්ත ලකුණු සටහනට පිවිසීමට හැකියාව ඇත

No comments: