Jul 11, 2012

සුපුන් ගේ සුවද පමණක් ඉතිරි වේ


ජූලි 10 දා ඇරඹි ජගත් කණිෂෟඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී ප්‍රථම දිනයේ තරග වැදි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් අවසාන පූර්ව වටයට පිවිසෙමින් තව දුරටත් සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කර ගැනීමට මීටර් 110 තඩුලු පැනීමේ කණිටු සූරයා වන සුපුන් විරාජ් රන්දෙණිය පමණක් සමත් වී ඇත.එම ඉසව්වේ පස්වන මූලික තරගය නියෝජනය කළ සුපුන් විරාජ් එහි දෙවන ස්ථානය දිනා ගත්තේ ජේම්ස් ග්ලරඩ්මෑන් ට පමණක් දෙවැනි වෙමින් ය.
ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මල ක්‍රීඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනූ සුපුන් මෙහිදී වාර්තා කළ කාලය වන තත්පර 13.90 සිය පැවති කණිෂෟට ජාතික වාර්තාව අලුත් කිරීමක් වීම කැපී පෙනෙයි.ඉකුත් ජගත් යොවුන් සූරතාවලියට ද ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමුවැන්නා සුපුන් වූ අතර නමුත් එවකට පැවති පරිපාලනය සුපුන්ට එම අවස්ථාව දීම ප්‍රතික්සේප කළේය.ඉන් අ‍ධෛර්‍යට පත් නොවු සුපුන් තමන්ට ලැබුණු අවස්ථාවන් වලින් සිය හැකියාව ඉදිරියට ගෙන විත් බලධාරීන්ට නිසි පිළිතරු ලබා දෙන්නට සමත් විය.ඔහු යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසාන තරගය නියෝජනයට සුදුසුකම් ලබා ගත් අතර අනතුරුව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.මේ වන විට ඔහු ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අද (11) පැවත්වෙන් අවසාන පූර්ව තරග වලට සුදුසුකම් ලබා සිටින්නේය.
මේ අතර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනූ දුලාජ් මධුශංක මෙහිදී සිය හොදම පෞද්ගලික කාලයට එන්නට හෝ ඒ ආසන්නයට පැමිණිමට ද අපොහොසත් වූ අතර ඔහු ඉසව්ව නිමා කළේ තත්පර 49.43 ට වූ අතර ඔහුට සිය මූලික තරගයේ හිමි වූයේ හයවන තැනය.‍මීටර් 3000 කාන්තා ඉසව්වේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූ චාමිකා ජයමිණි ට ද සිය හොදම දක්ෂතාවය වාර්තා කිරීමට හැකි නොවූ අතර ඇය ඉසව්ව නිමා කළේ 11:13.91 ට වූ අතර ඇය එම තරගය නිමකළ 18 දෙනා අතරින් 15 වැන්නිය වූවාය.
මීටර් 100 මූලික තරගයට සහභාගි වූ අශාන් කුමාරට ද සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට නොහැකි වූ අතර ඔහු සිය මූලික තරගය නිම කළේ හත් වැන්නාට වූ අතර ඔහු ඒ සදහා තත්පර 11.32 ක කාලයක් ගත කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සුපුන් විරාජ් සිය තරගයේ දෙවැනි ස්ථානය සටහන් කරමින් නිමා කළ අයුරු දැක්වෙන තරග නිමාව සටහන් වන තාක්ෂනික ඡායාරූපය වන අතර ඔහු තරගයට මුහුණ දුන් පස්වන මං තීරුව සංඛේතවත් කරමින් ඔහුගේ පාදයේ ඇලවී තිබෙන අංක පහ දැකිය හැකිය.
 www.supirikrida.com

No comments: