Jul 28, 2012

DSI වොලිබෝල් අවසාන තරග පළමු දිනයේ වැඩි ගෞරව සබරගමුවට

DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග ඊයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ඊයේ පැවති අවසාන තරග වල දී වැඩි ගෞරව සබරගමුවට අත් විය.ඊයේ පැවති අවුරුදු 14 න් පහළ බාලක අවසාන තරගයේ දී සීදුව දවිසමර විද්‍යාලය මාදම්ප සේනානායක විද්‍යාලය පරාජය කරමින් ජය ගත්තේ වට 3 - 0 ක් ලෙස ය.එහිදී ලකුණු තත්ත්වය වූයේ 25-19,25-15 සහ 25 - 22 කි.එම වයස් ඛාණ්ඩයේ බාලිකා තරගයේ දී අනුරාදපරය පූවරසන්කුලම විද්‍යාලය පරාජය කරමින් කොබ්බෑවෙල ගලිගමුව කීර්තිරත්න විද්‍යාලය  ජය ගත්තේය.එහිදී ලකුණු තත්ත්වය 25 - 15,15 - 25,25 - 22 සහ 25 - 21 ක් විය.
නැවත අවුරුදු 16 න් පහළ බාලිකා තරගයේද ජයග්‍රහණය සබරගමුවට හිමි වු අතර එහිදී ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය විසින් තොඩුවාව ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය පරාජයට පත් කළේ ලකුණු 25 - 12,25 - 12 සහ 25 - 21 ක් ලෙස ය.
www.supirikrida.com

පළමු ඉදිරිපත් වීමට තිළිණි

මෙවර ලන්ඩන් ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමුව තරග වැදීමේ අවස්ථාව හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි ජයසිංහට ය.ඇය හ්‍රී ලංකා වෙලාවෙන් හෙට (29) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 13.30 ට පැවත්වීමට නියමිතය.තිළිණි සහභාගි වන කාණ්ඩයට ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඇතුළත් වීම නිසා ඇය ට තරග දෙකක් හිමි වන අතර ඒ අනුව ඇය 30 දා 18.15 ට දෙවන තරගයට සහභාගි වන්නේය.තිළිණිට මෙන් ක්‍රීඩක කණ්ඩායම 3ක් වන කාණ්ඩයකින් තරග වැදීමට නිලූකට සිදුව ඇති අතර ඒ නසා ඔහු ජපන් ක්‍රීඩකයාට එරෙහිව පවත්වන තරගයෙන් අනිවාර්යෙන් ජය ගත යුතුය.
පිහිනුම් සූර හේෂාන් උනම්බුව මීටර් 100 පසුපස ආර තරගයට ශ්‍රී  ලංකා වේලාවෙන් 15.33 ට පමණ සහභාගි වන්නේ 29 වන දා ය.පිහිණුම් සූරි රෙසිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයට සහභාගි වන අතර ඇය අගෝස්තු 14 දා 14.30 ට තරග බිමට පිවිසෙන්නේය.මංගල සමරකෝන් වෙඩි තැබීම් ඉසව් දෙකක් සදහා සහභාගි වන අතර මීටර් 50 එයාර් රයිෘල් ඉසව්ව සදහා ඔහු තරග වදින්නේ 30 වැනි දින 13.40 ට ය.මංගල බිම වැතිර මීටර් 50 රයිෆල් ඉසව්ව සදහා සහභාගි වන්නේ අතෝස්තු 30 පස්වරු 23.45 ට  ය.
කලෙක සිටම ලන්ඩනයේ ම ජීවත් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරෙ 12 දා ලංකාවෙ වේලාවෙන් 15.30 ට මැරතන් තරගයට ඉදිරිපත් වෙයි.ක්‍රිස්ටීව් මෙරිල් සොනාලි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව සදහා සව බාගි වන්නේ අගෝස්තු 05 දා 23.30 ට ය.

බලය වෙනුවට රසය මතු කළ ආදරණිය ලන්ඩන් සමාරම්භය

Spectacular sights mark the opening of the Gamesලොවෙන් අඩක් සියතට ගෙන සිටි රණකාමී අතීතයේ ගිලී එය අභිමානයෙන් සමරන්නට යාමේ දුර්දාන්ත ආශ්වාදය විදිනු වෙනුවට ලන්ඩන් සමාරම්භය සමරන්නට එංගලන්තය තෝරා ගෙන තිබුණේ ආදරණීය ආශ්වාදයක් තිළිණ කළ රසවත් සමාරම්භයකි.එංගලන්තයේ නැගී සිටීම ප්‍රාථමික අවධියේ සිට සිදුවීමට බල පෑ මානව ශක්තිය සහ කැපවීම ඇගයීමට ලක් කළ සමාරම්භක උළෙලේ ඊ ළග පියවර වෙන් වූයේ එංගලන්තයෙන් මතුව ලෝකය රසවත් කළ කලාකරුවන්ගේ සහ කලා නිර්මාණ වල අගය ස්මරණය කිරීම පිණිස ජගත් වේදිකාවක් සැකසීමට ය.
තාක්ෂණය භාවිතා වුව ද එය මිනිස් ක්‍රියාකාරකම් පැහැදිළිව හදුනා ගැනීමට උපකාරකයක් ලෙස භාවිතා වුණා විනා තාක්ෂනයෙන් පෙළහර පෑමට උත්සාහ කළ බවක් නොපෙණින.නර්ථනය මෙන්ම රංගනයට ද විශේෂ අවධානයක් යොමු කර තිබූ අතිශයින් දැවැන්ත වූ සමාරම්භක උළෙලකි.නමුත් එයට දී තිබූ සරල හැඩය නිසා එය සරල බව විසින් දැවැන්ත බව සගවා ගත් මනහරම සමාරම්භක උළෙලක් ලෙස දැකිය .
එසේම මෙම සමාරම්භක උළෙල තුළ සම අයිතීන් සුරැකීමට යොදා තිබූ අවධානය අති විශිෂ්ඨය.සෑම අංගයකදීම පාහේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයක්ගේ හැකියාවන් ඒ සමග මුසු කිරීමට කටයුතු යොදා තිබිණ.එසේම ඔලිම්පික් ධජය ඔසවන ස්ථානයට කැදවා තිබූ ලොව බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයා බවට පිළි ගැනෙන මොහොමඩ් අලීට එම ධජයට අත තබන්නට යැයි කියූ ඉල්ලීම ඇසෙන්නටවත් එය දකින්නටවත් සංනිවේදන ශක්තියක් නොමැති වීම දෑසට කදුළු නංවන සුළු එකක් විය.මානව සමානත්මතාවය ඉහලින් අගය කළ අලි, වර්ගයකට එරෙහිව යුධ ප්‍රකාශ කළ විට රජය වෙනුවෙන් එයට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් සහ ප්‍රතිපත්තී ඇති අයෙකු වී සිටියේය.ඒ නිසාම සිය ඔලිම්පික් පදක්කම ගගට වීසි කරන්නටත්,ඒ වෙනුවෙන් හිරබත් කන්නටත් තීරණය කළ අලි වැනි නිර්භීත ශක්තිවන්තයෙකු ගේ දෑතට,දෑසට සංනිවේදනයක් නොදැනීම කෙතරම් වේදනාබර විය හැකිද?
ටයිකොන්ඩො ක්‍රීඩිකා සාරා ස්ටීවන්සන් විසින් ක්‍රීඩක ප්‍රතිඥාවද,බොක්සිං විනිසුරු මික් බාසි විනිසුරු ප්‍රතිඥාවද ලබා දුන් අතර යොවුන් කැළකගේ දෑතින් ලද ආලෝකය තුරුළු කරගෙන ඔලිම්පික් පහන ආලෝකවත් වන්නට  විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ධජය ගත් නිලූක කරුනාරත්නගේ කණ්ඩායම් නායකත්වය යටතේ සමාරම්භක පෙරහැරට එක් වී සිටිය අතර,ජාතික අනන්‍යතාවය තහවුරු කරන කාන්තා සහ පිරිමි විලාසිතාවක් මෙන්ම ඊට ඔබින වර්ණ සංකලනයකින් ද යුත්ඇගලුම, ලාකේය ක්‍රීඩක සහ නිලධාරි කණ්ඩායම ආකර්ශණිය ස්වරූපයක් ලබා දුන්නේය.නමුත් ඒ ආකර්ශණීය හැඩයට වෙනස් යුරෝපීය ඇදුමක් සොදුරු පිරිස මැද තිබුණෙන් ඒ අලංකාරයට වඩා වෙනස් දේ වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීම කණගාටුදායක විය.ඒ නොගැලපෙන වැඩේ යෙදුණේ කණ්ඩායම් ප්‍රධානි දේවා හෙන්රිම වීමද අපේ යාන්ත්‍රණයේ හැඩතල පෙන්වීමක් ලෙස හැදින්විය හැකි අතර කතාවට තමා සම්මතයේ පිහිටා ඔවා දෙනු පරහට යන්න කීවද දේවා එය එසේ නොව තමන් කෙසේ සිටියත් පරහට ඔවා දෙන පංතියේ වරප්‍රසාදිතයෙකු බව පැහැදිළි කළේය.
www.supirikrida.com

SLPL තරග කාල සටහන අලුත් වෙයි



ර්බූද ගණනාවක් මතු වෙමින් තිබුණද SLPL  20 - 20 තරගාවලිය පවත්වන බවට සනාථ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධය කළමණාකරු රජිත් ප්‍රනාන්දු තරගාවලියේ වෙනස් වූ අලුත්ම තරග කාල සටහන මාධ්‍යය වෙත යොමු කර තිබෙනවා.අගෝස්තු 11 දා ඇරඹී අගෝස්තු 31 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ අවසාන තරගය වන විට තරග 24 ක් පැවත්වීමට නියමිතයි.පහත දැක්වෙන්නේ එම තරග කාල සටහනයි.
  

Jul 27, 2012

දෙවරක්ම රන් අත හැරුණු ජැක් ට ජීවිතය අත හැරෙයි

Jack Davis
ජැක් 1952 දී දෙවන ස්ථානය දිනා ගනිමින්
මීටර් 110 කඩුලු මතින් දිවීම සදහා ඔලිම්පික් රිදී පදක්කම් දෙකක් දිනා සිටි ඇමෙරිකාවේ ජැක් ඩේවිස් ජීවිතයෙන් සමු ගත්තේය.මිය යන විට 82 වැනි වියේ පසු වු ජැක්,1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලේදී සහ 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේදී රීදී පදක්කම් දිනා ගන්නට සමත් විය.
හෙල්සින්කි උළෙලේ දී තත්පර 13 .7 කින් රිදී පදක්කම සදහා පිවිසි ජැක් 1956 දී එය රන් පදක්කමක් කර ගැනීම සදහා විශාල උත්සාහයක නියැලුන ද අවසාන සීමා ඉර මතදී එම වාසනාව අහිමි වී ගියේය.ඔහු සහ තවත් ඇමෙරිකානුවෙකු වන ලී කැල්හොන් වෙතින් ලද පරාජය නිසාය.නමුත් එහි අවසාන ප්‍රතිපලයේ සදහන් වූයේ ප්‍රථමයා සහ දෙවැනියා වූ ජැක් යන දෙදෙනාම තත්පර 13.5 කින් ඉසව්ව නිම කර ඇති බවය.
www.supirikrida.com

ජපන් හපනුන්ට ලෝක සූරයෝ පැරදෙති

ලෝක සූරයෝ මෙන්ම දිගින් දිගටම ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ රැදී සිටින ස්පාඤ්ඤයට කලකට පසුව පරාජයේ තිත්ත රස විදින්නට සැළස් වූ ජපානය ඊයේ ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියේ මූලික තරගයේදී ගෝල 1-0 ක් ලෙස ස්පාඤ්ඤය පරාජයට පත් කරන්නට සමත් විය.තීරනාත්මක ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමේ හපන්කම පෑ ජපනා වී‍මේ භාග්‍යය ලත් උත්සුයි තරගයේ 34 වන විනාඩියේදී ජපානය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය.
උත්සුයි 34 වන විනාඩියේදී මෙම ගෝලය රැස් කළ අතර 41 වන විනාඩියේදී ස්පාඤ්ඤ මැද පෙළ ක්‍රීඩක මාටිනස් රතු කාඩ්පත් අවවාදය ලැබ පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගයේ ලද වාසිය දිගින් දිගටම රැක ගන්නට ජපානයට තවත් පහසු විය.වඩා නීත්‍යානුකූල ක්‍රීඩා රටාවක නියැලි ජපානය වෙනුවෙන් ගෝලය ලැබු උත්සුයි 46 වන විනාඩියේදී පිටියෙන් ඉවත් වී ඒ වෙනුවට සයිටෝ පිටියට කැද වූ අතර ඔහු 61 වන විනාඩියේදී කහකාඩ් අවවාදයක් ලැබුවා හැරෙන්නට වෙනත් කිසිදු ජපන් ක්‍රීඩකයෙකු එවැනි අවස්ථාවකට මුහුණ නොදුන් අතර ස්පාඤ්ඤ ක්‍රීඩකයන් දෙදෙනෙකු කහකාඩ් පත් අවවාදය ද අයෙකු රතු කාඩ් අවවාදය ද ලැබීමෙන් පැහැදිලි වන්නේ ජපානය කෙතරම් බලපෑමක් ස්පාඤ්ඤ ලෝක සූරයන් වෙත එල්ල කළා ද යන්නය.
ඊයේ පවත්වන්නට යෙදුණ තරග අට අතරින් හරි අඩක්ම ජය පරාජය නොවිසදුනු තරග වීම විශේෂ සිදුවීමක් විය.හොන්ඩුරස් සහ මොරොක්කෝ තරගය (2 -2),මෙක්සිකෝව සහ කොරියාව (0-0),ගැබොන් සහ ස්විට්සර්ලන්තය (1-1) සහ සත්කාරක එංගලන්තය සහ සෙනෙගාල් (1-1) අතර තරග එසේ ජය පැරදුම නොවිසදි තරගයි.
මේ අතර උරුග‍ුවේ කණ්ඩායම සවුදි අරාබියාවට එරෙහිව ගොල් 2 - 1 ක් ලෙස ජය වාර්තා කළ අතර බෙලාරුස් විසින් නවසීලන්තය ගෝල 1 - 0 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.ඊයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා වූ තරගය වූ බ්‍රසිලය සහ ඊජිප්තුව අතර තරගයෙන් ගෝල 3 - 2 ක් ලෙස ජය ලබන්නට බ්‍රසීලය සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤයට පරාජයේ තිත්ත රස් විදින්නට සැළැස් වූ ජපන් ගෝලයේ හිමිකරුවා වූ වූ උත්සුයි ගෝලය ලබා ගැනීමේ ප්‍රිතිය පළ කළ අයුරුයි.
www.supirikrida.com

DSI වොලිබෝල් වසන්තය අද නාවලපිටියේදී

ලාංකේය වොලිබෝලයේ අනාගතය වෙනුවෙන් අවශ්‍යය ශක්තිමත් පදනම නිර්මාණය කිරීම සදහා පැවත්වෙන වඩාත් සංවිධානාත්මක වූ ක්‍රීඩා තරගාවලිය වන DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලිය සහ කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අද සහ හෙට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පිරිමි සුපර් වොලිබෝල් අංශයේ අවසාන තරග තුන සදහාම මාදම්ප සේනානායකය තේරී පත් වීම මේ වසරේ ද විශේෂ කොට දැකිය හැකි අතර කලෙකට පසුව වෙන්නප්පුව ජොෂප්වාස් විද්‍යාලය අවසාන තරගයකට පිවිස තිබීමද කැපී පෙනෙන තත්ත්වයකි.
මෙවරද කැන්දලන්ද විද්‍යාලයට වඩා පෝෂණීය බිමකට සිය ගුරු වෘත්තියේ දායකත්වය වෙනස් කළ පුස්සැල්ලේ පඥ්ඥාසේකර හිමියන් මෙවරද කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ බාලිකා අවසාන තරගයට වර්ථමාන සේවා ස්ථානය වන රක්වාන රත්නාලෝක විද්‍යාලයේ දැරියන් කැදවා ගෙන ඒමට සමත් වී තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි.
අභිනවයෙන් ඉදිකරන ලද ජයතිලක ක්‍රීඩාංගණ ගාහස්ථ ක්‍රීඩාංගණයට පිවිසෙන ජාතික මට්ටමේ පළමු අවසාන තරග වන අතර එය ස්වාධින රූපවාහිණියෙන් සජීවී ව ප්‍රචාරය කෙරෙන බැවින් ජයතිලක ක්‍රීඩා සංකීරණය පිහිටා ඇති සොදුරු වට පිටාව ගැනද රටට දැක ගන්නට ලැබෙනු ඇත.වර්ථමානයේ පවතින ක්‍රීඩා සංකීරණ අතර ආකර්ශණිය කෙළිබිමක් ලෙස පිහිටි වට පිටාව හරහා ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලබන්නට හැකි වූ ජයතිලක කෙළි බිමට ක්‍රීඩාවේ අනාගතය පැහැපත් කිරිම සදහා සැකසි DSI වොලිබෝල් තරග පිවිසීම අගය කළ යුතුය.
www.supirikrida.com