Sep 10, 2013

බස්නාහිර බැඩ්මින්ටන් තරගාවලියේදී හිමාෂිට ද්විත්ව සූරතා

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන ලද 13 වන ක්ලැසික් බැඩ්මින්ටන් සූරතාවලියේදී කාන්තා අවුරුදු 20 න් ඉහළ තරග අංශයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිමාෂි ෂශිංකා එම වයස් ඛාණ්ඩයේ ඒකල සූරතාවය මෙන්ම ඩීඑස්පී ගුණසේකර සමග එක්ව එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගැනීමට සමත් වුණා.මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව සහ මොරටුව විශ්ව විද්‍යාලී ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගාවලියේ අවසාන තරග මොරටුව විහ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණ ප්‍රතිපල ලේඛණය පහත දැක්වෙනවා.


Classic badminton Championship 2010 organized by

The Western Provice Badminton Association.

Results  

U15 - Girls Singles - Winner Nihinsa R. Medis   (O.L.V. Convent  , Moratuwa )

Runner-up Asvini Senevirathne (Sirimavo Bandaranayake

 Vidyalaya)

Girls Doubles -Winners Lithmi  L.  Gunawardena  ( Vidura  College )

 Sanduni Nimesha  ( Lindsay Girls School)

Runners-up Nihinsa R. Medis & Binuri Sudusinghe  of

 (O.L.V. Convent , Moratuwa )

Boys Singles- Winner H. H. Nilanka  Randilukshana  (Carey College)

Boys Doubles - Winners H. H. Nilanka  Randilukshana  & G. Navindu Navanjana

Runner-up Bevindu Dassanayake  (St. Joseph’s College Colombo)

Runners-up W. Buddhika Rathaweera  & Himesh  R. Premawardena

of  Carey College

of  President’s College,  Maharagama.

U18 - Girls Singles - Winner P. Nimesha  S. Perera  (Central College Piliyandala)

Runner-up Shaziya Samad   (Ladies College)

Girls Doubles -Winners Jithmi  G. Bandara (Sirimavo Bandaranayake Vidyalaya )

Runners-up Shaziyah Samad  & Bhagya Welikala

 &  M. Savindya S. Kuruppu  (Central College Piliyandala)

 from  ladies College

Boys Singles- Winner Johanne de Silva  (S. Thomas College- Mt. Lavinia )

Runner-up Chamindika Abeysinghe (S. Thomas  College – Mt  )

Over 40 Ladies Singles Winner Inoka Mataraarachchi (CMC Sports Club)

Runner-up W. P. Karunarathna (CMC Sports Club)

       Men's Singles Winner Dag  Mohan Jayasooriya

(The lovers Fellowship Badminton Club)

Runner-up Priyanka Samaradivakara  (Nations Trust Bank)

Men's Doubles Winners H.K. Vijitha Sanjeewa  &  Samith Perera

Runners-up Dag Mohan Jayasooriya  &  P.A.P. Perera

 (from  Cool  Max )

(The lovers Fellowship Badminton Club)

Over 20        Men's Singles Winner Ishara Abeysekara   (University of Moratuwa)

Runner-up M. Shawn  P. Perera

Men's Doubles Winners W. P. Darshin Srimal de Silva ((Mellennium IT) &

Runners-up J.A. L. Aravinda  (Brandix)

(Metropolitan Group of Companies)

Harsha Ambepitiya   (JHK)

P. S. Rajapaksha  (University of Colombo)

Over 20        Women’s Singles Winner J.M. Himashi Sasinka (S.L. Air Force)

Runner-up Marina Samaratunga   ( Millennium Information

Women’s Doubles Winners N. Idzani Usoof & Sara Silva from

Runners-up Shanika Wanaguru & Radeeka Abeysundara

 Technologies (pvt) Ltd.)

( Kothalawa  Defense University )

( Swiss  Biogenics  Pvt Ltd )

Over 20        Mixed Doubles Winner D.S.P. Gunasekara & J.M. Himashi  Sasinka

Runner-up Charana Geeganage  &  N. Idzani Usoof

 (S.L. Air Force)

(Kothalawala  Defense  University)
www.supirikrida.com

Sep 9, 2013

ජපානයට ඔලිම්පික්

Tokyo 2020 chief executive Masato Mizuno, Japanese Prime Minister Shinzo Abe, Tokyo Governor Naoki Inose and ambassador Christel Takigawa celebrate as they are awarded the Olympics and Paralympicsර්ජන්ටිනාවේ බුවනෝස්අයර්ස් හී පැවති 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය නම් කිරීමේ අවස්ථාව නිමාවට පත් වූයේ තූර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පරාජයට පත් කරමින් 2020 ඔලිම්පික් සතකාරකත්වය ජපානයට හිමි වෙමින්ය.මේ වසරේ මාර්තු 4 සිට 7 දක්වා සත්කාරකත්වය ලැබූ ටෝකියෝ නුවර සැළසුම් සහ ආරක්ෂාව මෙන්ම පහසුකම් සහ වෙනත් ක්‍රීඩාවන්හී ශක්‍යතාවයන් උදෙසා වන යෝජනා සැළකිල්ලට ගනිමින් කරන ලද ඇගයීම් මණ්ඩලයේ තීරණයට අනුව ජයග්‍රහණය ප්‍රකාශ කරන්නට හේතු විය.
ටෝකියෝ නගරය ඒ ආකාරයට ඇගයීමට ලක් කළ ලෙසම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අගයීම් මණ්ඩලය මාර්තු 18 සිට 21 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවරත් එම මාසයේ 24 සහ 27 යන දින වලදී තූර්කියේ ඉස්තාන්බුල් නගරයත් මේ ආකාරයටම ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුවත් මෙම තීරණය ප්‍රකාශ කරන්නට යෙදිණ 

Sep 8, 2013

යදමින් මිදුණු වේගය වාර්තා පොත් අතරට

ක්තිජනක පානයක් ලෙස භාවිතයට ගත් කිරිපිටි වර්ගයක් හේතුවෙන් තහනම් උත්තේජන භාවිතයට ගොදුරුව කෙටිකාලීන තරග තහනමකට යටත් ව සිටි හිමාෂ ඒෂාන් කෙටි කාලීන දඩුවමෙන් පසුව මෙවර ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වෙමින් මීටර් 100 ඉසව්වේ මූලික වටය ජය ගත්තේ තත්පර 
10 .69 ක කාලයක් වාර්තා කරමින්ය.මූලික තරග වටයේදී වාර්තා වූ මෙම කාලය ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ අවුරුදු 20 න් පහළ මීටර් 100 ඉසව්ව ඉදිරියේ නව වාර්තාවක් සනිටුහන් කිරීමක්ය.
ජාතික තලයේ දී මීටර් 100 වෙනුවෙන් වාර්තා වන කාලය ගත්තද හිමාෂ ගේ වාර්තා ගත කාලය බොහෝ ඉදිරියෙන් තිබෙන අතර අද දින පැවත්වෙන අවසාන තරගවලදී හිමාෂ ට එල්ල වන තරගකාරීත්වය මත ඔහුගේ කාලය තව දුරටත් යහපත් විය හැකිය.කළුතර විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි හිමාෂ ඒෂාන් ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්වේ අවසාන තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ අතර අනතුරුව ඔහු තහනමට ලක්වන විට මීටර් 100 ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ලාංකේය ක්‍රීඩකයා බවට පත් වී සිටියේය.හිටපු කෙටි දුර ධාවකයෙකු වූ චමින්ද පෙරේරා හිමාෂගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.
www.supirikrida.com

Sep 6, 2013

දුර එල්ලයක් අතරමග නවතියි

චිත් මධුරංග කියන්නෙ මේ දක්වා ශ්‍රී  ලංකාවෙන් බිහි වූ සුපිරිතම හෙල්ල වීසි කිරීමේ සූරයා.ඔහුට තවමත් අවුරුදු 23 යි.කිහිප පාරක්ම ජාතික වාර්තාව අලුත් කරපු සචිත් සිය වීසි කිරීම් දුර මීටර් 80 පෙනි පෙනී තිබියදීම සමු ගන්න තීරණය කරලා.අවරුදු 24 ක වීසි කිරීමේ ජාතික වාර්තාලාභියෙකුට එ තරම් ඉක්මණින් සමු අරන් යන්න පාර හදන්න තරම් උත්තේජනයක් හදපු ක්‍රීඩා පරිපාලනයක් සහිත රටක් හැටියට මේ තීරණය ගැන ක්‍රීඩා පරිපාලනයෙ ඉහළ ඉදල පහල දක්වාම වගකීම් ඉෂ්ඨ කරන අයට සතුටු වෙන්න පුළුවන් තීරණයක් මේක.
විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යතුමාට නාවලපිටි‍යට ජාතික ක්‍රීඩා උළෙල අරන් ගිහිං මිනිස්සුන්ට පෙන්නන්න තියෙන උවමනාව ජාතික තලයෙ ක්‍රීඩකයො රැක ගන්නත් තිබුණනම් කියල හිතෙන්නෙ මේ වෙලාවට.කොතන හරි වැරද්දක් වෙලා තියෙනව කියල හිතන්නවත් මේ සමු ගැනීම ක්‍රීඩාවේ ඉහළ පුටුවල ඉන්න අයට සංඥාවක් නිකුත් කරනවනම් කියල හිතෙන කොට සචිත්ගෙ සමුගැනීම සාධාරණයි.ඔහු රටට හිමිකර දී තිබෙන වටිනාකම් ඔහුගෙ පවුල් පසුබිමේ ඉදල ඔහු දිහා බලන කෙනෙකුට ඔහුට ලැබෙන්න තිබුණු භෞතික වටිනාකම් අහිමි කරමින් ලබා දුන් දේවල් හැටියට තේරුම් ගන්න අමාරු නැහැ.ඒ වෙනුවට තවමත් ඔහුට ක්‍රීඩාවෙන් ලැබෙන්නෙ සොල්දාදු වැටුප.
සංතෝශ වෙන්න ඔබ රට රකින සොල්දාදු උන්නැහෙලාගේ පරපුරට අයත් කියල ඉහළ නිලධාරීන්,දේශපාලකයො සචිත්ට කියනවා ඇති.හැබැයි ඒ අයගෙ දරු මුණුබුරෝ සචිත් වගෙ සුපිරි ජීවිතයකට ඇති ඉඩ- කඩට පයින් ගහල ඇල්වතුර බිබී හෙල්ල වීසි කරන්න දාන්නෙ නැහැ.ඒක තමයි යථාර්තය.ඉතිං මේ සියල්ල විදිමින් අත්තකිලමථානුයෝගය වළදන්න ඕනි නැහැ කියල සචිත්ට බුද්ධිය පහළවීම අලුත් හිස් වීමක ආරම්භය වෙයිද දන්නෙ නැහැ.
ජාතික තලයෙ ක්‍රීඩකයො අගයනු තබා ජාතික තලයෙ ක්‍රීඩකයන්ට සිය උපරිම දසකම් දැක්විය හැකි බිමක ජාතික ක්‍රීඩා උළෙල පැවත්වීමටවත් උත්සුක නොවන ක්‍රීඩා පරිපාලනයක් දේශපාලන රැස්වීම් වලට මිනිස්සු කැදවනව වගෙ මිනිස්සු ගැවසෙන ස්ථානවලට ක්‍රීඩාව කැදවා ගෙන යාමේ ක්‍රියාවලියට අලුතින්ම ක්‍රීඩකයො හොයා ගන්න වැඩ පිළිවෙළක් පවත්වන්නත් වෙන්නෙ සචිත්ගෙ පිටු පස්සෙ පෝලිමක් හැදුනොත්. එහෙම වුණොත් ඒ නරඹන්නො අතර තරග කිහිපයකුත් තියන්න බලන්න.සරම කැහැපොට ගහ ගත්තු සාරි උස්ස ගත්තු අය දුවවල බලන්න දක්ෂයො කවුදු ඉන්නෙ කියල.හැබැයි වීසි කිරීම් ඉසව්නම් පරුදු කරන්න එපා.කරන දේවල හැටියට දුර ඉදල ගල් ගහන්න හැකි අය බිහි වුණොත් මේ පරිපාලන ජීවිත වල ආරක්ෂාවට හොද නැහැ.
සචිත්! මහින්ද චින්තනය වැඩ පිළිවෙළේ ක්‍රීඩාවත් ප්‍රධාන විෂයක්.ඒකටත් සුබ අනාගතයක් කියන තේමා පාඨය අදාළයි.ඒත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සුබ නැහැ.ඒ නිසා ක්‍රීඩාවෙ නියැලීම අසුබ ප්‍රතිපල දෙන දෙයක්.ඔබේ සමුගැනීමේ තියෙන්නෙ ඒ පණිවිඩය.
ඒත් අපි ඔබට ක්‍රීඩාවෙන් පසුව ඔබ යා හැකියැයි සිතිය හැකි පවුලේ ව්‍යාපාරික කටයුතු හරහා ඔබේ අනාගතය සකසා ගන්නට සුබ පතනවා.

Sep 5, 2013

තරගකරුවන් වැඩිවීමෙන් බස්නාහිර බැඩ්මින්ටන් දෙතැනකට


ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය අඛණ්ඩව පවත්වනු ලබන බස්නාහිර පළාත් බැඩ්මින්ටන් තරගාවලිය  මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී සහ මොරටුව විශ්ව විද්‍යාල ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී පැවත්වීමට මෙවරත් කටයුතු සිදු කර ඇත.සහභාගීත්වය වැඩි වීම හේතුවෙන් ස්ථාන දෙකකදී පවත්වනු ලබන මෙම තරගාවලියේ මූලික තරග සැප්තම්බර් 6 වන දින මොරරටුව තරුණ ක්‍රිස්තියානි සංගම ශාලාවේදී ඇඹෙන අතර සැප් 7 දා මොරටුව විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී මූලික තරග ඇරඹිමට නියමිතය..රග කාල සටහනට අනුව තරගාවලිය ක්‍රියාත්මක වන ආකාරය පහත දැක්වේ.

WESTERN PROVINCE BADMINTON ASSOCIATION
15TH CLASSIC BADMINTON CHAMPIONSHIPS -2013


Programme


06th September 2013


Venue      -      Y M C A ,  MORATUWA


       Time               Event                          Round            
03.00  pm          Under 15 Girls Singles          1st
Under 15 Boys Singles         1st & 2nd  
06.00  pm          Under 15 Girls Singles         QF        
                            Under 15 Boys Singles         QF


* N.B -All players should be present 30 minutes before the scheduled time.


WESTERN PROVINCE BADMINTON ASSOCIATION
15TH CLASSIC BADMINTON CHAMPIONSHIPS -2013

07th  September  2013



Venue      -      MORATUWA UNIVERSITY INDOOR COURTS

       Time               Event                          Round            

08.00 am           Under 18 Girls Singles          1st & QF
Over 20 Men’s Singles         1st  &,2nd
12.00 noon        Under 18 Girls Doubles        QF & SF
                            Over 40 Men’s Singles         1st
01.00 pm           Over 20 Men’s Singles         3rd
03.00 pm          Over 40 Men’s Singles         QF
                           Over 20 Ladies Singles         1st & SF
04.00 pm           Over 20 Men’s Doubles        1st
05.30 pm           Over 20 Mixed Doubles        1st & QF
                           Under 18 Boy's Singles         1st & QF
07.00 pm           Over 20 Men’s Doubles        2nd
                            Over 40 Men’s Doubles        1st & QF
      


* N.B -All players should be present 30 minutes before the scheduled time.


WESTERN PROVINCE BADMINTON ASSOCIATION
15TH CLASSIC BADMINTON CHAMPIONSHIPS -2013

08th  September  2013

Venue      -      MORATUWA UNIVERSITY INDOOR COURTS

       Time               Event                          Round

08.00 am            Under 15 Boys Doubles        QF
                            Under 15 Girls Doubles        1st & QF
09.00 am           Over 20 Men’s Singles         QF
                           Under 18 Girls Singles          SF
10.00 am           Under 18 Boy's Singles         SF
Under 15 Girls Singles          SF
Under 15 Boy's Singles         SF
11.00 am           Over 20 Men’s Doubles        QF
                            Over 40 Ladies Singles         SF & F
12.00 noon        Over 40 Men’s Singles         SF
Over 20 Ladies Doubles       SF
                           Under 15 Boys Doubles        SF
                           Under 15 Girls Doubles        SF
02.00 pm           Over 20 Men’s Singles         SF
                           Over 20 Mixed Doubles       SF
                           Over 40 Men’s Doubles        SF

03.00 pm           All Finals

06.30 pm           Prize Giving



* N.B -All players should be present 30 minutes before the scheduled time.

Sep 4, 2013

සොදුරු හීන සහ අදුරු යථාර්තය සමග තවත් කෙළි උළෙලක් නිමා විය

ජාතික ක්‍රීඩා උළෙල නිමා විය.සමස්ත උලෙලේ අවසානය සනිටුහන් කරන මලල ක්‍රීඩා දස්කම් ඇගයීමට පිරිනමන මෝටර් රථය දිනා ගැනීමට හැකි වූයේ රිටි පැනීමේ සූරිය අනෝමා කරුණාවංශට ය.ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සළකා බැලීමේදී මලල ක්‍රීඩා ඉසව්වක ජාත්‍යන්තර ලකුණු සටහනට සාපෙක්ෂව අඩුම ලකුණු ගණනක් ලැබූ ජයග්‍රාහිකයන් අතරට වැටෙන එම දස්කම මෝටර් රථයකින් අගයන්නට සිදු වු හේතු ගණනාවකි.
නමින් ජාතික වූ පසු ඊ ළග පියවර ජාත්‍යන්තර විය යුතුය.ඒ අනුව ජාතික තරගාවලියක වැදගත්කම ජාත්‍යන්තර පොළවේ අස්වැන්න නෙලීමට හැකි මට්ටමේ දක්ෂයන් මතු කර ගැනීම සහ එවැන්නන් සොයා ගැනීමය.මලල ක්‍රිඩාවේ ජාත්‍යන්තර පිටියට සාපේක්ෂව ඒ ඒ ඉසව්වල දක්ෂයන් මතු කර ගැනීමට හැකි පැහැදිළි චිත්‍රයක් ලෝකයටම අදාළ වන සේ නිර්මාණය වී ඇත.ඒ ජාත්‍යන්තර මලල ක්‍රිඩක දක්ෂතා අනුව ඒ ඒ ඉසව්වලට ලකුණු ලබා දෙන ක්‍රමවේදය ය.එ් අනුව ක්‍රීඩා උළෙලක වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා තීරනය වන්නේ එම ලකුණු සටහනේ වැඩිම ලකුණුලාභියා අනුවය. 
මෙය ඇතැම් විට ක්‍රීඩාවේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන පුද්ගලයන් දන්නේ නැත.නමුත් ක්‍රීඩාවේ සෛද්ධාන්තික හැදෑරීමක සහිත වෘතීන් වල නියැලෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිරිස දත යුතුය.එහෙත් සිදු නොවන්නේ එයය.ඔවුන් පත්වන අමාත්‍යවරයාගේ දේශපාලන දාම් පෙත තුළ වඩාත් සැහැල්ලුවෙන් හැසිරෙන ඉත්තන් බවට සහ ගොට්ටන් බවට පත් වීම නිසා ක්‍රීඩාව මෙහෙය වීමට අවශ්‍යය විද්‍යාණුකූල පරිසරය පසෙක තබා දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රීඩාව මෙහෙයවීම සිදු වන්නේය.
ඒ නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ඉහළම ලකුණු ලාභින් වී උළෙලේ යතුරු පැදි දිනා ගන්නා චන්ද්‍රිකා සුභාෂණීට සහ මංජුල කුමාරට සිදු වන්නේ,උළෙලේ ජාත්‍යන්තර මට්ටමෙන් අඩුම දක්ෂතා පෙන්වා මෝටර් රථය දිනා ගත් අයට අත්පොළසන් දෙන්නටය. 
සුපිරික්‍රීඩා වලට අනුවනම් මෙය ඛේදවාචකයක්ය.මෝටර් රථය දිනා ගත් ක්‍රීඩිකාවට වඩා අඩුවෙන් ලකුණු ගත් ඉසව්වක ජයග්‍රාහකයෙකු සොයා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කමිටුවක් පත් කරන්නේනම් එයින් ක්‍රීඩාවට සිදු වී ඇති පාඩුව සිතා ගන්නට හැකිය.එවැන්නකදී තමාට හූ මිටි තලන නිලධාරි රොත්ත තමාගේ අතින් මලල ක්‍රීඩාවට පොවන්නට සකස් කර දී ඇත්තේ මී පැණි බදුණක් නොව විෂ බදුණක් බව තේරුම් ගැනීමට අමාත්‍යවරයාට හැකි වෙනවා සහතිකය.
නමුත් රිටි පැනීම ගැන වෙනම කතා කළ යුතුය.පසුගිය වසර තුන තුළ මෙම ඉසව්වේ කාන්තා තරගකාරීත්වය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.ඒ සදහා මලල ක්‍රීඩා පරිපාලනය හෝ ජාතික වශයෙන් ක්‍රීඩාවන් හී සහ ක්‍රීඩා ඉසව්වන් හී ප්‍රවර්ධන කාර්යයන් පැවරී ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා අමාත්‍යංශයේද ආශිර්වාදය අතිව කළ දෙයක් නැත.මේ ක්‍රීඩාව මෙහෙයවමින් සිටින්නේ ක්‍රීඩාවේම නියැලුණු දෙතුන් දෙනෙකි.තවමත් ජාතික වාර්තාවට උරුමකම් කියන රුවන් ප්‍රදීප් කුමාර මෙන්ම ගුණරත්න සහ රෝහිත යන හිටපු රිටි පැනීමේ ක්‍රීඩකයන් තිදෙනා කේන්ද්‍ර කර ගෙන පුහුණුවීම් කරන බහුතර පිරිසක් මෙම ක්‍රීඩාවෙ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය නොවන්නට රිටි පැනීමේ ක්‍රීඩාවක් අද නැති වන්නට ද තිබිණ.ජාතික වාර්තාලාභිණිය ද රෝහිත ගේ ගුරුහරුකම් මැද වැඩෙන්නියකි.
මේ ක්‍රීඩාව කරගෙන යාම සදහා ලැබෙන්නේ අවම පහසුකම්ය.එය සුගතදාස පිටියේ සිටම ක්‍රියාත්මක වන්නේය.එසේම මෙම ඉසව්වේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසි විටෙක විදේශ සංචාරයක් ලබන්නේ නැත.පුහුණුකරුවන් වැඩි දුර පුහුණුවට යවන්නේද නැත.මෙය බලධාරීන් සහ වගකිව යුත්තන් කරන්නන් වාලේ කරන්නට දී බලා සිටින ක්‍රීඩාවක්ය.ඒ තත්ත්වය ඇතුළත මහාවංශයේ ක්‍රීඩා ඉසව්වලට සාපේක්ෂව අතදීමක් නැගිට්ටවීමක් නැති රිට නොදන්නාකමට හෝ ක්‍රීඩාවේ න්‍යායාත්මක පැත්ත නොසළකා හරින ලද ව්‍යාපෘතියක් නිසා වටිනාම ක්‍රීඩාව බවට පත් වී තිබීම එක අතකින් හාස්‍යජනකය.
ක්‍රීඩා ජාත්‍යන්තර ලකුණු සටහනේ වැඩිම ලකුණුලාභින් ඇගයීම හැර වටිනාම තිළිණය ලෙස මෙම මෝටර් රථය පිරිනැමීම සදහා තෝරා ගන්නට තවත් ක්‍රමවේද කිහිපයක්ම ගත හැකිව තිබිණ.ඒ ක්‍රීඩා උළෙල ජාතික වන නිසාවෙන්ය.මේ වසරේ මලල ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර මට්ටමද ගත් විට වැඩිම ලකුණු ගණනක් හිමි වූ දක්ෂතාවය ප්‍රදර්ශනය කර තිබෙන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සෙවීම ඉන් එකක්ය.එසේ නොවන්නේ නම් නදීකා ලක්මාලි මේ වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන 12 දෙනා අතරට ආ අතර ඇය එම දස්කම කළ දෙවන ලාංකිකයා ය.ඇය ඇගයීමට ද මේ ක්‍රීඩා උළෙල අවස්ථාවක් කර ගන්නට තිබිණ.නමුත් නදීකා තමා කළ දක්ෂතාවය අගයමින් ලැබුණු අල්පෙනිත්තක් හෝ නොලැබ හිස් අතින් ජාතික ක්‍රීඩා උළෙල වාර්තාවක්ද සමග පිටත් වූවාය.
ක්‍රීඩා උළෙල ඊ ළග වසරේ යන්නේ කිලිනොච්චියටය.එහිදී ඇතැම් විට මේ ආකාරයටම නාවලපිටියට රැස් වූ ගම්වාසීන් ගේ විසිල් වලින් උදම් වූ අමාත්‍යවරයා පිරිනමන කෝච්චියක් හෝ නැවක් ජාත්‍යන්තර වශයෙන් අඩු වටිනාකමක් ඇති ඉසව්වකට  පිරිනැමෙන්නට ඉඩ ඇත.අමාත්‍යවරයා ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය මනින්නේ මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් රැස්වෙනවාද යන කාරණය මතය.නමුත් එය ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට හේතු නොවන බව කියන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිවකුත් නැත.ගමේ පිට්ටනියට විසිල් ගසන්නට මින්සුන් කැදවන ඡන්ද රැස්වීමක් ගමේ පිටියට පහසුකම් කැදවා ක්‍රීඩා උළෙල පැවත්විය යුතුය යන මතයේ පිහිටා කටයුතු කරන්නට ඇමතිවරයා මෙහෙයවීමට කිසිවකුත් නොමැති වීම ජාතික අපරාධයකි.එසේ පහසුකම් කැදවන්නේනම් ක්‍රීඩා උළෙල පැවත් වූ පිටිය ඉතාමත් ආකර්ශණිය වටපිටාවක පිහිටා තිබෙන බව කියන්නට කිසි විටෙකත් පැකිලෙන්නේ නැත.
මිනිසුන් කැදවා හිස් වලින් පුරවා ජාතික ක්‍රීඩා උළෙලේ සාර්තකත්වය එය යැයි සිතන පරිපාලන චින්තනය වෙනස් නොවන්නේනම් සිදු විය හැක්කේ මහා පිරිසට විසිල් ගසන්නට නොවක්‍රීඩාව වෙනුවෙන් පාශකූලය දෙන්නට බව අප මතක් කරනු කැමැත්තෙමු.


වෙළද සේවා වොලිබෝල් අවසන් තරග මහරගමදී

වෙළද සේවා වොලිබෝල් තරගාවලිය 2013 අවසන් තරග සැප්තැම්බර් 8 දා මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අත්සවාකාරයෙන් පැවත්වීමට සියල්ල සූදානම් බව වෙළද සේවා වොලිබෝල් සංගමය ප්‍රකාශ කරයි.ඉකුත් වසරේ දී වොලිබෝල් කේෂ්ත්‍රයේ නැවුම් ප්‍රබෝධයක් අතැිවන ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුණ වෙළද සේවා වොලිබෝල් තරගාවලියට මෙවර සූරතාවලිය සදහා පිරිමි අංශයෙන් කණ්ඩායම් 47 ක් සහභාගි වූ අතර එම කාන්තා අංශයේ කණ්ඩායම් නියෝජනය 19 ක් විය.මෙම තරගාවලියට සාපේක්ෂව ක්‍රියාත්මක සුපිරි තරගාවලිය සදහා පිරිමි අංශයෙන් තරග වැදීමට කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටි අතර කාන්තා අංශයෙන් කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා සිටියේය.
කණ්ඩායම් 47 ක් සහභාගි වූ පිරිමි සූරතාවලිය සදහා වන තරගාවලියේ අවසාන තරගය සදහා බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා සිටින අතර ඒ අනුව බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කටුනායක සහ රිදීගම කණ්ඩායම් 8 දා පෙරවරු 11.00 ට පිරිමි සූරතාවලියේ අවසන් තරගය සදහා මුහුණ දිමට සූදානිමින් සිටියි.අවසන් දින අවසන් තරග අරඹමින් පැවත්වෙන සූරතාවලිය සදහා වන කාන්ත අවසන් තරගයට මුහුණ දෙන්නේ නිට්ටඹුව සුමිත්‍රා ගාර්මන්ට්ස් කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායමය.එම තරගය 8 දා පෙරවරු 9.00 ට ඇරඹිමට නියමිතව ඇත.
සුපිරි පිරිමි අංශයේ අවසාන තරගය පස්වරු 3.00 ට ඇරඹිමට නියමිත අතර ඒ සදහා ලීනියා ඇක්වා කපුගොඩ කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායම මුහුණ දීමට නියමිතය.එම කාන්තා අංශයේ අවසන් තරගය සදහා පස්වරු 1.00 ට මුහුණ දිමට සූදානමින් සිටින්නේ,මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ වැලිසර බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමය.