Jul 1, 2013

ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියට අපෙන් පිවිසුම් මගක්


ලාංකේය දැල් පන්දු කේෂ්ත්‍රයේ ගමන් මග නිවැරදි දිශාන්තියකට යොමු කිරීම සදහා නිරන්තරයෙන්ම සාධනීය විවේචන සමග මාධ්‍ය සටහනින් ඔබ්බට වූ කාර්ය භාරයක් සිදු කළ අප වෙබ් අඩිවය මෙවර බෘනායී හී පැවත්වෙන ආසියාතික යොවුන් දැල් පන්දු තරගාවලියේ නිල ලකුණු සටහනට පිවිසීම සදහා පිවිසුමක් සකස් කර ඇත.ඒ අනුව එම තරගාවලිය සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබට අප www.supirikrida.com වෙබ් අඩවියේ පිහිටි ඉහත බැනරය ක්ලික් කර තරගාවලිය සම්බන්ධ නිල තොරතොරු ඇතුළත් නිල වෙබ් අඩවියට පිවිසීමට හැකියාව ඇත.
www.supirikrida.com

චාල්ස් සහ බ්‍රාවෝ කොදෙව්වන්ට සත්කාරකත්වයේ ගෞරවය රැක දෙති

Johnson Charles powers one down the groundටහිර කොදෙව් දූපත් හී ක්‍රියාත්මක තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ කොදෙව්වන් සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් සත්කාරකත්වයේ ගෞරවය බේරා දෙමින් එක් කඩුල්ලක ජයක් කරා කො‍දෙව් පිළ රැගෙන යාමට කොදෙව් ආරම්භක පිතිකරු චාල්ස් ජොන්සන් සහ ඩැරන් බ්‍රවෝ එක්ව තෙවන කඩුල්ලට පැවත් වූ ලකුණු 116 ක සබදතාවය හරහා හැකි විය කඩුලු තුනක් ලකුණු 26 ට දැවී තිබෙන මොහොතක කඩුල්ලේ එකවූ චාල්ස් සහ බ්‍රාවෝ දෙදෙන මෙම සබදතාවය තැබීමට සමත් වන අතර බ්‍රාවෝ ලකුණු 55 ක් එක් කරද්දී ජයග්‍රාහී ඉණිමේ නැංගුරම වන ආරම්භක පිතිකරු චාල්ස් අටවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 97 ක් එක් කර ගෙන තිබුණේ පන්දු 100 ට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින්ය.ඩැරන් සාමි ද ප්‍රවේගකාරී ලකුණු 29 ක් එක් කළ අතර අවසාන මොහොතේකැමර් රෝච් කඩුල්ල රැක ගනිමින් නොදැවී ලකුණු 14 ක් ලබමින් කොදෙව් ජය සනාත කළේය.
ඉන්දියාව සිය ලකුණු 229 රැක ගැනීමට ගත් හෑයම 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ව්‍යර්ථ කළ අතර සිය ලකුණු ප්‍රමාණය රැක ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ගත් වෑයමේදී උමේෂ් යාදෙව් ලකුණු 43 ට කඩුලු 3 ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් 44 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
මෙම තරගයේදී කොදෙව් පිළිට ඩියෝන් බ්‍රාවෝ ගේ නායකත්වයේ ආශිර්වාදය අහිමි වූ අතර නායකත්වය දැරුවේ කිරාන් පොලාඩ්ය.පොලාඩ් කාසියේ වාසිය ලැබ ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර එම තීරණය නිවැරදි බවට සනාත කරමින් ගෙවුණු චැම්පියන්ස් කුසලාන තරතාවලියේ වීරයා වූ සිකර් ධවාන් ලකුණු 11ටත් විරාට් කෝලි ලකුණු 11ටත් පිටියෙන් ඉවත් කරන්නට හැකි විය.නමුත් රෝහිත් ෂර්මා (60),සුරේස් රයිනා (44),නායක දෝනි (27 ) මෙන්ම දිනේෂ් කාර්තික්(23 )දැක්වූ දායකත්වයද එක කර ඉන්දීය ඉණිම ලකුණු 229 දක්වා රැගෙන ගිය අතර අවසාන පන්දු 8 තුළ ලකුණු 17 ක සබදතාවයකට දැයක වෙමින් ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් පන්දු 5 කින් ලකුණු 11 ක් ලබා දීමත් නිසා ඉන්දීය ඉණිම පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 7 ට ලකුණු 229 ක් විය.
පන්දුවෙන් දස්කම් දැක් වූ කැමර් රොච් සහ ඩැරන් සාමි ලකුණු 41 බැගින් ලබා දී කඩුලු 2 බැගින් ලැබූ අතර ටිනෝ බෙස්ට් ලකුණු 51 ට කඩුලු 2 ක් දවා ලීය.ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය.http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597924.html
www.supirikrida.com

ලංකාවට 2023 වෙනකං අයිසීසී තරග නැහැ

න්ඩනයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික විධායක කමිටු රැස්වීමේ දී 2023 තෙක් අයිසීසී ය විසින් මෙහෙයවන්නට යෙදෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සදසහා සත්කාරත්වය පිරිනැමීමට සුදුසු කිනම් රටවල් ද යන්න තීරණය වූ අතර එහිදී එම කාල වකවානුවේ පැවත්වෙන ජාත්‍යන්තර ඉසව්වක සහය සත්කාරකත්වයක් සදහා ලංකාවට අවස්ථාව ලැබී නැත.1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය මෙන්ම 2011 වසරේ ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ද දැරූ ශ්‍රී ලංකාව නිමා වූ 20/20 තරගාවලියේ තනි සත්කාරකත්වය දැරීය.
මෙසේ සත්කාරකත්වයන් පිරිනැමීමේදී ඉන්දියාවට විශල අවස්ථාවක් නිර්මාණය වී ඇති ඔවුන්ට එම කාලය තුළ දී ලෝක කුසලාන සීමිත පන්දු වාර තරගාවලියක්,20 / 20 තරගාවලියක් මෙන්ම අයිසීසී ය මෙම විධායක සභාවේදී ගිවිස ගත් පරිදි පවත් වන්නට නියිමිත අයිසීසි ටෙස්ට් තරගාවලියක් සදහා ද සත්කාරකත්වය ද ඹවුන්ට හිමි වී ඇත.මේ අතර බංගලාදේශයද සත්කාරකත්වය පිරිනැමීම සදහා සළකා බලමින් සිටින අතර බංගලාදේශ ක්‍රීඩා පිටි තණතීරු සළකා බැලීමෙන් අනතුරුව තත්ත්වය යහපත් නම් 2014, 20/20 තරගාවලිය සංවිධානය බංගලාදේශය ට හිමි වනු ඇත.
මෙම විධායක සභාවට ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාස ද,ලෙක්ම් නිශාන්ත රණතුංග ද සහභාගි වීය.
www.supirikrida.com

Jun 30, 2013

කණිටු ලෝක සූරිය පැරද වූ නදීකා වාර්තාවකුත් සමග ඉන්දියාවට

පින්ලන්තයේ පිහ්ටිපුඩා හි පැවති හෙල්ල වීසි කිරීමේ සැණකෙළියේ දී කාන්තා අංශයේ ඒ කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි ඉකුත් වසරේ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කම්ලාභිණිය වූ සොෆී ෆ්ලින්ක් පරායට පත් කරමින් එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක මෙම සැණකෙළියේ මීට පෙරද දෙවන ස්ථානයක් දිනා සිටි නදීකා,03 දා පූනේ හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට පින්ලන්තයෙන් පිටත් වීමට පැය කිහිපයකට පෙර එම සැණකෙළියේ අවසාන අදියර නියෝජනය කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 59.32 ක දක්ෂතාවයක් දක්වමින්ය.
සොෆී
ඇය හිමි උත්සාහයන් හයේ තෙවන උත්සාහයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ නදීකා, දෙවන උත්සාහයේ දී වාර්තා කළ මීටර් 51.84 එම ඉසව්ව තුළ ඇය වාර්තා කළ අඩුම දුර වූවාය.කණිටු ලෝක සූරිය වන සොෆී 2012 දී එම ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කර ඇති මීටර් 61.40 ඇයගේ ඉහළම දස්කම සැළකෙන අතර නදීකා ගේ පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇය ශ්‍රී ලංකාවේ පුහුණු කටයුතු වල නියැලි අවසාන කාලයේ මීටර් 60 ඉක්මවා දස්කම් දැක් වූ බැවින් ඇය පූනේ හී දී එම සීමාවට පිවිස මීටර් 60 සීමාවට පිවිසි පළමු හෙල්ල වීසි කිරීමේ ලාකේය ක්‍රීඩිකාව වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
මේ අතර මෙම තරගයට ඉදිරිපත් වූ සචිත් මධුරංග මීටර් 77.81 ක දුරක් හෙල්ල වීසි කරමින් එම ඉසව්වේ පස් වැනි ස්ථානය දිනා ගත්තේය.
www.supirikrida.com

ජයග්‍රාහී තිලකා හෙට ලංකාවේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් බෘනායි පෙළ ගස්වයි


Photo: Waiting for Sri Lanka team arrival with Mimith and Zahara
සියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ සත්කාරකත්වය දරන බෘනායි කණ්ඩායම වෙනුවෙන් මාර්ගෝපදේශණය සපයන අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව අහිමි කර ගත් සුපිරි පුහුණුකාරිය තරගාවලිය අරඹමින් පැවති ජපානය සහ බෘනායි අතර තරගයෙන් බෘනායි කණ්ඩායමට ලකුණු 48 / 26 ක ජයක් ලබා ගැනීමට අවශ්‍යය මග පෙන්වීම ලබා දුන්නාය.ශ්‍රී ලංකාව පළමු වරට මෙවර ආසියාතික යොවුන් තරගාවලියේ තරග බිමට පිවිසෙන්නේ තායිලන්තයට එරෙහිව වන අතර තිලකා තරගාවලියේ සත්කාරක රට වන බෘනායි කණ්ඩායමට පසු බානායි වැසියන්ගේ සහයෝගය හිමි රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට පියවර ගෙන ඇත.ඒ සදහා තමාට ඉතා ඉහළින් සත්කාරකත්වය සහ ගෞරවය පුද කරන බෘනායි වැසියන් ශ්‍රී ලංකාව උද්යෝගිමත් කිරීමට පෙළ ගැස්වීමට තිලකා සූදානම් වන ආකාරය පිළිබද කදිම නිදසුනක් මෙම ඡායාරූපයෙන් දැක ගත හැකිය.

විදින්නියන් මත යැපෙන්න නොගියොත් ශ්‍රී ලංකාවට කුසලානයට විදිය හැකියි

ණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉනික්බිති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ වඩාත් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩාව ලෙස සැළකෙන දැල් පන්දු ක්‍රීඩාවේ ආසියානු යොවුන් ක්‍රීඩිකාවන් අතර අංක එක වීම සදහා ශ්‍රී ලංකාව උත්සාහ දරන ආසියානු යොවුන් දැල් පන්දු සූරතාවලිය අද බෘනායි හී දී ඇරඹෙනවා.අවස්ථා ගණනාවකදීම ආසියානු යොවුන් දැල් පන්දු කිරීටයට ළගා වීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ත්සාහ මෙවර සපල කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ජානකී ගුණසේකරගේ මග පෙන්වීම යටතේ පිටියට බසින සේමිනි අල්විස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටයි.
මෑත කාලයේ ලාංකේය දැල් පන්දුවේ වාසනාවක් බවට පත්ව සිටින තර්ජනී සිවලිංගම් ගේ දැල වදීම සහ උස කේන්ර්‍ද්‍රීය කර ගත් දැල් පන්දු ක්‍රීඩාවේ විලාසිතාව වී ඇත්තේ තරගයේ වැඩි වගකීමක් දැල විදින්නිය වෙත පැවරීමයි.මේ නිසාම ආරක්ෂක පෙළ සහ මැදි පෙළ යම් පසුබෑමකට ලක් වී සිටින අතර ඒ නිසා තර්ජනී ගේ උස ප්‍රයෝජනයට ගනිමින් දුර යොමු කිරීම් මගින් ලකුණු රැස් කිරීම ලාංකේය දැල්පන්දු විලාසිතාව බවට පත් වී තිබෙනවා.
මෙම යොවුන් සූරතාවලියේදී තර්ජනී නොමැති අතර පෙර කල මෙන් කණ්ඩායම සමබරව ක්‍රිඩා කිරීම ඒ නිසා වැදගත් වෙනවා.ප්‍රතිවාදීන්ට සිය ආරක්ෂක පෙළ අභිබවා යාමට නොහැකි වන පරිදි ගත හැකි සියළුම නීත්‍යාණුකූල උත්සාහයන් සමග මුළු තරග කාලයම ශක්තිමත්ව ශරීර යෝග්‍යතාවයෙන් යුතුව මුහුණ දීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වගකීම වෙනවා.එසේම තීරණාත්මක මොහොතවල් වලදී පන්දුව ස්වීය කණ්ඩායම තුළ පාලනයට නතු කරගෙන කාල කළමණාකරණයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උපක්‍රමශීලීව සංයමයෙන් කටයුතු නොකිරීමත් ඉකුත් ආසියානු සූරතා පරාජයට බල පෑවා.ඒ නිසා බොහෝ විට බෘනායි ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙන්ටර්් සෙන්ටර් ක්‍රීඩිකාව වෙනු ඇතැයි විශ්වාස කරන දුලංජි වන්නිතිලක ගේ දරා ගැනීමේ ශක්තිය මෙන්ම ඇය විසින් අවස්ථානෝචිතව කෙතරම් දුරට ක්‍රියා කරයිද යන්නත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වෙනවා ඇති.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නායිකා සේමිනි අල්විස් මෙන්ම ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතයට වඩා වැදගත් වනු ඇතැයි අපේක්ෂිත සුවිශේෂී ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවක් ද මෙම සංචාරය තුළින් බලාපොරොත්තු විය හැකි බවට දැල්පන්දු ආරංචි මාර්ග ඔස්සෙ ලැබෙන තොරතොරු වලින් ඉගි කරනු ලබන්නේ යොවුන් දැල් පන්දු කිරුළේ අයිතිය මෙවර මැලේසියාවෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකාවට විශාල ඉඩක් තිබෙන බවයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 අතරේ ශ්‍රී ලංකාව බී කාණ්ඩයට අයත්ව සිටින අතර ඔවුන් සමග එම කාණ්ඩයේ ක්‍රීඩා කරන සෙසු කණ්ඩායම් වන්නේ සිංගප්පූරුව,තායිලන්තය,මාල දිවයින සහ නේපාලය යන කණ්ඩායම් හතරයි.
එ කාණ්ඩයෙන් තරග වදින බෘනායි කණ්ඩායමේ දක්ෂතා ද ශ්‍රී ලංකාවේ දැල් පන්දු කීර්තාය කෙරෙහි විශාල ලෙස බලපාන කණ්ඩායමක්.ශ්‍රී ලංකාවට ආසියානු සූරතාවය දිනා දීමෙන් අනතුරුව සිදු කරන ලද කෙනහිලිකම් වල ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවට අහිමි වූ හිටපු ජාතික පුහුණුකාරිය තිලකා ජිනදාස බෘනායි කණ්ඩායමේ පුහුණුකාරිය වෙනවා.ඉතා ශක්තිමත්ව සහ ඉහළ දරා ගැනීමේ ශක්තියකින් සිය කණ්ඩායම සැකසීම පිළිබදව කීර්තිමත් ඉතිහාසයක් ඇති තිලකා,මෙම තරගාවලියේදී බෘනායි කණ්ඩායම කෙසේ සූදානම් කර ඇද්ද යන්න ශ්‍රී ලංකා‍ව පමණක් නොව ආසියාවම බලා සිටින කාරණයක් වෙනවා.
ජාත්‍යන්තර වැදගත් කමක් ඇති තිලකා ගේ වෘත්තීය පුහුණුකාරත්වය දෙස යොමු වී ති‍බෙන ලෝක අවධානය වඩාත් පුළුල් කිරීමට බෘනායි කණ්ඩායම දක්වන දක්ෂතා ඉතා වැදගත් වනු ඇති අතර, මැලේසියාව,ජපානය,හොංකොං සහ ඉන්දියාව අයත් වන එම කාණ්ඩයෙන් අවසාන කණ්ඩායම් හතරට ඒම සදහා බෘනායි කණ්ඩායම දරන වෑයම මෙවර ආසියානු සූරතාවලියේ පෙරළිකාරම කණ්ඩායම බෘනායි බවට පත් කරන්නට විශාල ඉඩ - කඩක් විවරව පවතිනවා.

ආසියානු මේස පන්දු සූරතාවලිය අද ඇරඹේ

කොරියාවේ බූසාන් නුවර සාජික් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී අද ආරම්භ වීමට නියමිත ආසියානු මේස පන්දු සූරතාවලියේදී සිය ස්ථානය තව දුරටත් පෙරට ගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් ද සෑම උත්සාහයක්ම ගනු ඇති බව ලාංකේය මේස පන්දු සංගම් උපුටා දක්වන වාර්තා සදහන් කරයි.ජූනි 30 සිට ජූලි 07 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට ලොව ප්‍රබලතම මේස පන්දු සංස්කෘතියක් ඇති ආසියානු රටවල් සමග රටවල් 25 ක් එක් වී සිටින අතර,කලෙකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ප්‍රවීන ක්‍රීඩක ඉන්දික ප්‍රසාද් ඇතුළුව ක්‍රීඩකයන් සිව් දෙනෙකු මෙම තරගාවලියේ පිරිමි අංශයෙන් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
නාවික හමුදාව නියෝජනය කරන ඉන්දික ට අමතරව පිරිමි කණ්ඩායමට නායකත්වය දෙන රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවය.ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු බලාපොරොත්තුව ලෙසට පැහැබරව දිලෙන මහනුවර නිද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ද කණ්ඩායමට එක් වී සිටියි.
කාන්තා ක්‍රීඩිකාවන්ගේ නායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ජාතික සූරී ඉෂාරා මධුරංගිට හිමිව ඇති අතර මලියදේව බාලිකාවේ පවනි සිරිසේන ද,මහනුවර මහමායාවේ රිද්මි කරදනආරච්චි ද සෙසු කාන්තා නියෝජනයන් වෙති.
www.supirikrida.com