Aug 14, 2012

තිසර සැරසූ පිටිය නසීර් වනසයි

Thisara Perera slogs on his way to a 33-ball 72ස්පීඑස්එල් තරගාවලිය යටතේ කදුරට සහ නැගෙනහිර කණ්ඩායම් අතර පැවති 20 - 20 තරගයේදී ආර් ප්‍රේමදාස පිටිය වර්ණවත් කළ තිසර පෙරේරා පන්දු 33 දී ලකුණු 72 ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවය සදහා කදුරට සෙසු පිතිතරුවන්ගෙන් සැළකිය යුතු සහයක් නොලැබීම සහ නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉම්රාන් නසීර් පන්දු 32 කින් ලකුණු 58 ක් ලබා ගැනීමත් නිසා නැගෙනහිර කණ්ායම කඩුලු 7 ක ජයක් ලැබුවේය.
පළමුව පන්දුවට පහරදුන් කදුරට කණ්ඩායම සිය පන්දු වාර 20 ලකුණු 159 ට නිමා කළ අතර ඊට තිසරගේ ඉණිම හැරුනු විට යම් තරමක් හෝ දායකත්වයක් දැක් වූවේ ලකුණු 24 බැගින් ලැබූ කිත්රුවන් විතානගේ සහ මිස්බා උල්-හක් ය.
අජන්ත මෙණ්ඩිස්,සහ සචිත් පතිරණ ලකුණු 30 බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ලූ අතර බෙන් ලාගින් ලකුනු 29 ට කඩුලු 2 ක් දවා ගත්තේය.පිලීතුරු ඉණිමට පිවිසි නැගනහිර කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් දක්වා ගෙන යාමට අහමද් ෂෙසාද්(34) හොද සහයක් ලබා දුන් අතර ඔවුන්ගේ ප්‍රවේගකාරීත්වය පදනම් කරගෙන සිය ඉණිම ගොඩ නැගූ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42 ක් ලැබීය.
හොද පන්දු යැවීමක නියැලි කෞෂාල් ලොකුඅරච්චි ලකුණු 23 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571357.html
www.supirikrida.com

බැඩ්මින්ටන් පරිපාලනය නොදැන ගොස් අතරමං වීම

නමාධය මගින් ඔලිම්පික් තරගාවලිය සදහා නිලුක කරුනාරත්න වෙනුවෙන් පුහුනුකරුවෙක් නොයැවීම සම්බන්ධයෙන් කල විවේචන පිළිබදව සාකච්ඡා කිරිමට බැඩ්මින්ටන් පරිපාලනය විසින් කැදවන්නට යෙදුණු මාධ්‍ය හමුවක් බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේදී ඊයේ  පැවති අතර එහිදි දැන ගන්නට ලැබුණේ බැඩ්මින්ටන් පරිපාලනයේ නොදැනුවත්කම හේතුවෙන් එම වරද සිදු වූ බවය.එහිදී නිලූක ගේ පුහුණුකරුවා ලෙස ඔහුගේ කොරියානු පුහුණුකරු කිම් යන්ග් සහභාගි වනු ඇතැයි සිතූ බව පැවසූ බැඩ්මින්ටන් සභාපති පරාක්‍රම බස්නායකයන් නමුත් ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ‍බැවින් එම අවස්ථාව නොලැබුණු බවත් පෙන්වා දුන්නේය.
වෙනත් රටක ජාතික පුහුණුකරුවෙක්ට එසේ කටයුතු කළ නොහැකි බව සභාපතිවරයා නොදැන සිටීම නිසා වෙනත් පුහුණුකරුවෙක් යැවිම පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමක් නොකළ බව සභාපතිවරයා පිළිගත් අතර තමාට ඔලිම්පික් ගමණ යාම සදහා ජාතික ඔලිම්පික් කමිටුව සියළු වියදම් දැරූ බව පැවසීය.
තිලිනි ජයසිංහ ශ්‍රී ලංකාවේ අංක 11 ක්‍රීඩිකාව ලෙස සිට ඔලිම්පික් වරම් ලබා ගත්තේ ඇයට ජාත්‍යන්තර තරග සදහා සහභාගි වීමට බැඩ්මින්ටන් සංගමය කරන ලද විශේෂ අනුග්‍රහය යන්න සභාපතිවරයා ප්‍රතික්ෂේප කළ අතර ඒ සදහා එම ක්‍රීඩිකාවන් ආසියාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් සහභාගි නොවන අප්‍රිකාව වැනි රටවල පැවත්වෙන  තරග සදහා ගොස් ඔලිම්පික් පරිසාධන මට්ටම දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ බව පැහැදිළි කළ අතර ඉදිරියේදී එවැනි තත්ත්වයන් වැළක්විමට පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.එසේම තිලිණි ජයසිංහ මින් පසු කේවල තරග වලින් ඉවත්වන බව ඔලිම්පික් තරගාවලිය නිමාවේ පැවසූ බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
නිලූක කරුණාරත්නට කෝට් ගණනක මුදලක් ලබා දීම පිලිබදව අමාත්‍යංශය කරන නිවේදනය පිලිබදව සභාපතිවරයා කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඇතැම් විට ඔහුට අමාත්‍යංශය වෙනම එම මුදල් ලබා දී තිබෙනවාද යන්න පිළිබදව තමන් නොදන්නා බව ද සදහන් කළේය.නමුත් ක්‍රීඩකයෙකුට ආධාර කිරීම එම ක්‍රීඩකයාගේ පරිපාලනය නොදැනුවත්ව සිදු නොවන බව සත්‍යයකි.මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිලූකට වියදම් කළ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කළ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් පැවසුවේ එම මුදල් පිළිබදව අදාළ මාධ්‍ය නිවේදනයට ඇතුළත් කළේ බැඩ්මින්ටන් පරිපාලනය විසින් ලබා දුන් දත්තවලට අනුව බව ය.
පසුගිය කාලයේ කණිෂ්ඨ ක්‍රීඩකයන් ගේ සංචාරය පිළිබදව ජනමාධ්‍ය විසින් විමසා සිටි අවස්ථාවේ සභාපතිවරයා පැවසුවේ ඊට පිළිතුරු බැදීමට වෙනම මාධ්‍ය හමුවක් පවත්වන බවය.සිදුවීමෙන් සිදුවීමට මාධයහමු පැවත්වීම වෙනුවට ඊ ළගට කැදවන මාධ්‍ය හමුවට සම්මේලනය ගිණුම් අනුමත කර නොගැනීම,ලැබුණු පිහාටු මල් විකිණීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ දැනුවත් කර ඒ පිළිබදව ක්‍රීඩා සමාජ මිළදී ගැනීමකට සූදානම් වන විට එම පිහාටුමල් තොගය එක් ආයතනයකට විකුණා දැමීම ඇතුළු බැඩ්මින්ටන් සංගමයට එල්ල වී තිබෙන සියළු චෝදනා පිළිබදව සාකච්ඡාවට ගැනීමට සූදානම් වන ලෙස අවධාරණය කර සිටිමු.
www.supirikrida.com

තේරීම් කමිටුවේ තේරීමම අධ්‍යක්ෂ ජෙනරාල්වරියද තෝරයි

දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා දෙන ලද කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඇතුලත් කිරීම සදහා කණ්ඩායම් පුහුණුකාරිය කරන ලද අරගලය ඊයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ මැදිහත් වීමෙන් අවසාන වූ බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙයි.තේරීම් කමිටුව සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉදිරියේ ඊයේ ක්‍රීඩිකාවන් නැවත ක්‍රීඩා කර ඇති අතර එහිදි තේරීම් කමිටුව කරන ලද තේරීම නිවැරදි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් පිළිගෙන ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාත කරයි.
ක්‍රීඩිකාවන් එසේ තරග වැදීමේදී තෝරාගෙන සිටින ක්‍රීඩිකාවන් ගේ දස්කම් මතු නොවන ආකාරයට ඔවුන් වෙත පන්දුව නොලැබෙන සේ කටයුතු කිරීමට ඇතැම් ක්‍රීඩිකාවන් උත්සාහ කිරීම පිළිබදව කළකිරීමට පත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ක්‍රීඩිකාවන් අමතා සිය පුහුණුකාරියට අවනත වීම හෝ ඒ අනුව ක්‍රියා කිරිම දැල් පන්දු පිටියට පමණක් සිමා කරන ලෙස ක්‍රීඩිකාවන්ට උපදෙස් ලබා දී ඇති අතර අනෙකුත් කාරණා වලදී දැල් පන්දු පරිපාලනය මෙන්ම අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද අවශ්‍යය පහසුකම් ලබා දෙනු ඇතැයි පෙන්වා දී ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සුපිරික්‍රීඩා අමතමින් ප්‍රකාශ කළේ තේරීම් කමිටුව තෝරා ඇති කණ්ඩායම හොද එකක් බවත් ඒ සදහා පුහුණුකාරිය සිය දක්ෂතාවය උපරිමයට ලබා දෙමින් එළැඹෙන ආසියාතික තුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව ජයග්‍රහණය සදහා මෙහෙයවනු ඇති බවත්ය.

දැල්පන්දු සහ සුපිරික්‍රීඩා
මීට පෙරද ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස රටට ජයග්‍රහණ ගෙනවිත් ඇති 'හයසින්ත්' පුහුණුකාරියක ලෙස සෑම විටම ක්‍රීඩිකාවන්ගේ පාර්ශවයේ සිට ඔවුන්ගේ පහසුකම් වෙනුවෙන් අරගල කළ තැනැත්තියක් ලෙස අපේ මාධ්‍ය භාවිතය තුළ කොන්දේසි විරහිතව ඇගයීමට ලක් වූ සහ ඇයගේ පෙනි සිටීම් වෙනුවෙන් පෙනී සිටි අය වුව ද ඇය බලාපොරොත්තුවන්නේ ඇය කරන කුමන දෙයක් වුව ඇගයීමක් සහිතව පිළිගත යුතුය යන්න වීම නිසා මේ වන විට අප වෙබ් අඩවිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක නිරත වි සිටින්නීය.නමුත් ඇ‍යගේ හෘද සාක්ෂිය අතීතයේ සිට නැවත නැවතත් ඇය වෙනුවෙන් කොන්්දේසි විරහිතව පෙනී සිටි අපේ මාධ්‍ය භාවිතාවේ හැරුම් ලක්ෂය කවරේද යන්න විමසා බලන්නට වෙහෙසන බව අපි දනිමු.ඇතැම් විට ඒ හැරුම් ලක්ෂයේදී අපි ඇය දෙස විවේචනාත්මකව බැලීම තේරුම් නොගන්නේ ඒ ඇය ඇයට නැඹුරුව සිතීම නිසා මිස අපේ වරදක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.අද ද හයසින්ත් කියන චරිතය මේ විරෝධ පෞද්ගලික ආරෝවක් ලෙස සළකා අප දෙස බලන්නට උත්සාහ කළ ද,එම චරිත ස්වභාවය අනුව ඇය හොද මිතුරියක් හිත උණුවන ගැහැණියක් ලෙස දර්ශී බව අප අදද පිළිගන්නෙමු.නමුත් මේ සියල්ල හයසින්ත් කියන චරිතය හා බැදුණු පුහුණුකාර භූමිකාවට බැදුණු විවේචනය .
එසේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඉවත්ව සිටියදි එම පිරිස පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරමින් මාධ්‍ය ලේකම් හර්ශ බී අබේකෝන් හා සම්බන්ධිකරණය තබා ගනිමින් ඒ අයව නැවත කණ්ඩායමට සම්බන්ධ කිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමට අප වෙබ් අඩවිය කටයුතු නොකරන්නට අද දකින්නට ලැබෙන ප්‍රබල කණ්ඩායම දකින්නට නොලැබෙන බව එම අවස්ථාව ලද ක්‍රීඩිකාවන් පවා නොදන්නා බව අපි දනිමු.ඒ අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා ඇති වී තිබෙන තත්ත්වය තෙරුම් ගෙන එම ක්‍රීඩිකාවන් මුණ ගැසීමට අමාත්‍යංශය වෙත පැමිණියේ සිය දියණිය දැඩිව රෝගාතුරව රෝහලේ සිටිය දී බව ද අමාත්‍යවරයාට ගෞරවයක් ලෙස මෙහි සටහන් කළ යුතුය.
එසේම පසුගිය යුධ සමයේ තර්ජණි සිවලිංගම් ක්‍රීඩිකාව ආරක්ෂක අංශවල නොමනා සැකයට බදුන් වෙද්දි ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කරමින් ආරක්ෂාව පිළිබද සහතිකයක් ලබා දිමට අපේ මාධ්‍ය භාවිතයේ එක් පියවරක් වැය කළ බව ඇතැම් විට ඇයද නොදන්නවා විය යුතුය.ඒ පිළිබදව අවශ්‍යය මැදිහත් විම කිරිමට අප සමග කටයුතු කළ එවකට පුහුණුකාරිය වූ තිලකා ජිනදාස,සභාපතිනිය වූ ට්‍රික්සි නානායක්කාර මෙන්ම යම් තරමකට කුමන පරිපාලනයක් යටතේ වුව සිය තනතුර රැක ගැනීමට සමත් යැස්මින් ධර්මරත්නද යම් තරමකට දන්නා බව අපි දනිමු.එසේම තවත් ක්‍රීඩිකාවන් ආබාධ වලට ගොදුරු වී ක්‍රීඩා කණ්ඩායමට  ඇතුළත් නොකිරිමට තීරණ ගෙන තිබූ මොහොතක බලධාරීන්ට එම කරුණු පෙන්වා දී එම තත්ත්වය වෙනස් කිරීමේ මැදිහත් විම පිලිබදව අප ප්‍රචාරයක් ලබා නොගත්තා සේම එම ක්‍රීඩිකාව හෝ දැනුවත් කිරීමට අත්සාහ නොකළේය.
ඒ සියල්ල අතරේ අප විසින් විරෝධතාවය දැක් වු තැන් වලදී එම විරෝධයේ පැහැදිළි පදනමක් තිබුණු බව ඒ සැම අවස්ථාවකම ක්‍රීඩාවට හානියක් වී තිබීම නිසා පැහැදිළි වී ඇත.උදාහරණයකට ස්කොට්ලන්ත සංචාරය නම් කළ හැකි අතර එහිදී සිදු වූ බිද වැටීම දිගින් දිගටම ලාංකේය දැල් පන්දුවේ වර්ථමාන පසුබැම දක්වා තල්ලු කරමින් පැමිණ තිබෙන බව ද පිළිගත යුතුය.
ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීමක් හෝ නැතුව ක්‍රීඩිකාවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් මෙන්ම,පුහුණුකාරියක ලෙස හයසින්ත් සාධනීය අරගල වල නියැලෙන අවස්ථාවන් හී ඊට දක්වා ඇති සහයෝගයත් මත සිදු වී ඇත්තේ දැල් පන්දු ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට කළ උත්සාහයන්ය.ඒ වෙනුවෙන් හෘද සාක්ෂියට එකගව ඇතැම් විට ක්‍රීඩිකාවන්ට හෝ නිලධාරීන්ට නැති තෘප්තියක් අපට ඇත.
ඒ නිසාම අප විසින් ඇති කරගත් විශ්වාසය නිරන්තරයෙන් ම අපට විශ්වසනීය තොරතුරු ගලා ඒමේ මාර්ග විවාත කර ඇත. සුළු ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් කරන්නට පිඹුරුපත් සකසන ක්‍රීඩිකාවක් ඇය හෝ නොදැන කණ්ඩායමේ රදවා ගැනීමට වාර්තාකරණයෙන් නොනැවතී කටයුතු කිරීමට හැකියාව අපට ලැබෙන්නේ එතැනින්ය.අප නිරන්තරයෙන්ම වාර්තාකරණය මෙන්ම අප විසින් ගොඩනගා ගත් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටීමේ විශ්වසනීය පෞරශ්‍යය හරහා අසාධාරණයන් නිවැරදි කිරීමට ද උත්සාහ ගන්නෙමු.
එහිදී ක්‍රීඩාවට හෝ ක්‍රීඩකයනට ලැබෙන අවස්ථාවන් අපගේ ගිණුමට දමා ගැනීමට හෝ එය අප කළ බව ප්‍රසිද්ධ කිරිමට යාම හෝ අපේ සම්ප්‍රදාය නොවන නිසා දැල් පන්දු කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද ඔවුන් වෙනුවෙන් අප විසින් කළ කාර්යභාරයක් ඇති බව නොදන්නා නිසා නොව ඇතැමෙකු ද්වේශ සහගතව අප විවේචනය කිරීමට පෙළඹී තිබෙන නිසාත් ක්‍රීඩා පුහුණුව සහ ක්‍රීඩා කිරීම පසෙක ලා අපට තොරතුරු ලැබෙන ආකාරය සෙවීමට කාලය වැය කරමින් සිටින නිසාත් එය මෙසේ සදහන් කරන්නට සිතුවෙමු.
අප සියල්ල කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන්ය.ක්‍රීඩාව දෙවැනි කර ගත් න්‍යාය පත්‍ර ඇත්තන්ට එයින් රිදෙන්නට පුළුවන.එහෙත් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ක්‍රීඩාවට මුල් තැන දී කටයුතු කරන බවය.ආසියානු කුසලානය නැවතත් අපේ රටේ තබා ගැනීමට වෙහෙස වන ලෙසය.ඔබ එය කළ විට අප පෙරහැරේ යන්නට නො'එන්නෙමු.ඔබට පෙරහැරේ යාමට පාවඩ එලන්නට අප සූදානම්ය.ඒ මොහොතට පැමිණ ඔබ ආපසු හැරි බලන විට ඔබට එක් දෙයක් වැටහෙනවා ඇත.නමුත් ඒ වැටහීමේ වර්ගපලය ඔබේ දේශපාලනික සවිඥානික බවට සාපේක්ෂය.ඒ හැගිම නම් මෙච්චරකල් මුන් කරල තියෙන්නේ අපිට පෙරහැරේ යන්න පාවඩ එලීමක් බවය.'මුන්' නම් අප ය.
ලාංකේය දැල්පන්දු කණ්ඩායමට ජය!
www.supirikrida.com

19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

Lahiru Madushanka in his delivery strideස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී පරාජයට පත් වුව ද දෙවන තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සමත් විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී ලකුණු 298 ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතිකරු සෙබස්තියන් පෙරේරා ලකුණු 69 ක් ලබමින් තරගයේ වීරයා වන්නට සමත් විය.සදුන් වීරක්කොඩි  වේගවත් ලකුණු 50 ක් රැස් කළ අතර පළමු තරගයේදී ද සාර්ථක වු ලහිරු මධුශංක වේගවත් ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වූ අතර  පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 15 ට කඩුලු 4 ක් ද දවා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554525.html
www.supirikrida.com 

යගුලිය රන් පදක්කම තහනම් වැටේ වැදී වැටෙයි

Hi-res-149913148_crop_exactමෙවර ඔලිම්පික් තරගාවලියේ කාන්තා යගුලිය වීසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ බෙල්රුසියාවේ නැඩ්ෂෙයා ඔස්ටප්චක් ‍තහනම් උත්තේජන භාවිතා කර තිබුණු බව ඔප්පු විම නිසා එම පදක්කම වර්ථමානයේ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන නවසීලන්තයේ වැලරි ඇඩම්ස් වෙත හිමි වීමට නියමිතය.මේ වන විටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇයට එරෙහිව තරග තහනමක් පැපවීම පිළිබදව කටයුතු කරමින් තිබෙන අතර දිනූ රන් පදක්කම යළි භාරදෙන ලෙසට දැණුම් දීමක් ද කර ඇත.
බීජං ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූ නඩ්ෂෙයා පසුගිය කාලයේ ජාත්‍යන්තර තරග වලදි විශාල ප්‍රගතියක් පෙන් වූ අතර ඔලිම්පික් උළෙලේ දී ඇය සිය පළමු උත්සාහයේ සිටම තර්ජනයකින් තොරව ප්‍රථම ස්ථානයේ සිටියාය.මීටර් 21.36 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජයගත් නඩ්ෂෙයා මෙවර ගෘහස්ථ ලෝක සූරතා තරගාවලියේද ජයග්‍රාහිකාව වී ඇත.
ඇයගේ තහනම් උත්තේජන චෝදනාව සනාත වීම නිසා වැලරි ට රන් පදක්කම හිමිවන අතර රුසියාවේ එව්ජිනියා කොලොඩ්කෝ රිදී පදක්කම ද පදක්කම් අතර නොසිටි චින ක්‍රීඩිකාව ලිජියාවෝ ගොන්ග් ට ලෝකඩ පදක්කම ද හිමි විමට නියමිතය.
www.supirikrida.com

Aug 13, 2012

ලතාවකට හැඩි කළ ලන්ඩන් සමාප්තිය

Celebrating the achievements of the athletes'ලතාවකට හැඩි කිරීම කලාව වෙයි.ලතාවකට හැඩි කිරිම මිස,රටාවකට හැඩි කිරීම මිස නිකං හැඩි කිරීම කලාව නොවෙයි.'
මට මෙසේ කලාව ගැන කියා දුන්නේ කෑගල්ලේ මාමා යනුවෙන් මා විසින් අමතන ඩිංගිරි අප්පුහාමි නැමැති මගේ ගැමි මිත්‍රයාය.මගේ හාදයාංගම සොහොයුරාය.
ඇවිදින ඥාණ ගබඩාවක් බදු අප අතරින් වියෝ වූ අපූරු කලාකරුවා,දේශපාලන චින්තකයා වූ ෂෙල්ටන් පයාගලයන් එසේ සදහන් කරන්නේ සිය චාලි චැප්ලින් කාතියේ පසු වදනේය.ලන්ඩන් සමාප්තිය ඒ හැදින්වීමට කෙතරම් ගැලපෙන්නේදැයි සිතෙන තරමට එය යුග - යුග විසිරුණු සංගීතමය සහ රෑපණය භාෂාව කරගත් අපූරු ප්‍රසාංගික ලාලිත්‍යයකින් යුතුව ගලා ගියේය.සිදුවීම් විසිරුණු යුග අනන්‍යතාවය පැහැදිළි කරන සංගීතය - නිරූපනය සහිත එම සමාප්ති සමාචාරයේ ප්‍රාසාංගික බව කියා පැවේ ලතාවකට රටාවකට හැඩි කිරීමෙන් උපදින සෞන්දර්‍යාත්මක වටිනාකමම ය.
සාහිත්‍යය සහ කලාව තුළ ඇති අපූර්වත්වය චින්තන පෙළහරක් පමණක් ද යන්න පිලිබදව නැවත සිතීමට බල කරන එහි ඇති මුදුණ තාක්ෂනයේ පිබිදීම සහ දැණුම ගවේශණයේ ඇති සම්බන්ධය ගැන යටි පෙළින් කියැවි එම සමාප්තිය පැහැදිළි කළේ අපූරු නිර්මාණශීලී චින්තනයන්ගේ කාන්තිය ය.ක්‍රීඩාව ද ශාරීරික බැදීමක් නොවන ව්‍යහුයක ඊට දැණුම සමග ඇති සොදුරු සංවාසය සහ පල පිලිබදව සිතන්නට වැඩි වැඩියෙන් කරන ලද උත්තේජනයක් බදු ලන්ඩන් සමාප්තිය ක්‍රීඩා සැණකෙළියක සමාප්ත උළෙලක් නොව අපූරු නිර්මාණශීලී අලුත් හැඩයක ඔපෙරාවක් ලෙස දකින්නට පොළඹවන සුළුය.
කතා නොකරන බොහෝ ද්‍රව්‍යන් ප්‍රකාශන මාධ්‍යන් ලෙස හැසිර වූ සමාප්ත සමාචාරයේ අපූරු හැඩි කිරීම තුළ අවශ්‍යය දේ මග හැරී නොතිබීම මෙන්ම අනවශ්‍යය දේ ඇතුල් වී නොතිබීම තුළ එය කලාත්මක ප්‍රසංගයක් ලෙස ඉහළ අගයක් ගත් බව ප්‍රකාශ කළ යුතුය.
තාක්ෂණය සහ විද්‍යාව ඇසුරේ ඇස් අදහාගත නොහැකි බොහෝ දේ කළ හැකි පසුබිමක් තිබෙන බව දන්නා නමුත් නාට්‍යනුසාරයෙන් ගීතමය රසයෙන් සහ රූපණයේ ආලෝකයෙන් ලන්ඩන් ඔලිම්පික් උළෙලින් විහිදුණු ප්‍රභාෂ්වරය තාක්ෂණය ඉක්මවා ගිය අභියෝගයක් වන අතර එය අසමසම නිර්මාණශීලීත්වය විසින් තාක්ෂණය සුවච කීකරු කොට පාලනය කිරීමක් විය.
කෙසේ හෝ යළි ලන්ඩනයෙන් නික්මී රියෝද ජැනෙයිරෝ දක්වා යන ගමණේ දී සංගීතමය සහ නර්තනය පිළිබදව විශාල මූලාශ්‍රයන් ඇති දකුණු ඇමෙරිකානු සංස්කෘතියට ලන්ඩන් පෙළහර අභියෝගයක් වන්නේ ස්වීය අනන්‍යතාවයන් නිර්මාණශීලීව පෙළ ගැස්වීමේ සංයමය නිර්මාණය කර ගැනීම සදහාය.ඒ නිසා ඇමෙරිකාව රන් පදක්කම් 46 ක් දිනා ගනිමින් චීනය රන් පදක්කම් 38 ට සීමා කරමින් යළි දිනූ ඔලිම්පික් කිරීටය 2016 දී චීනයෙන් බේරා ගැනීමට හැකි වේද යන ප්‍රශ්නාර්ථය සමගම බ්‍රසීලයට බ්‍රිතාන්‍යය ඉක්මවා යා හැකි මානව කලා ප්‍රකාශනයන්ගෙන් ලෝකය මවිත කළ හැකිද යන්නත් ක්‍රීඩා ලෝලීන්ට ඉදිරි වසර හතර තුළ යළි යළිත් සිතෙනු නො'අනුමානය.
www.supirikrida.com


දිල්හාරට පින පෑදෙයි


Dilhara Fernando celebrates his five-wicket haul for Uvaසුගිය කාලයේ දිගින්  දිගටම අසාර්ථක වුව ද,තේරුම් කමිටුව ගොළු බිහිරි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රීඩා කළ ද. නොකළ ද අනිවාර්යෙන්ම ජාතික සංචිතයේ රදවා ගෙන සිටි දිල්හාර ප්‍රනාන්දු කලකට පසු දක්ෂතා අතරට පිවිසෙමින් SLPL තරගාවලියේ ඌව කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණූ 17 ට කඩුලු 5 ක් ලබා ගනිමින් බස්නාහිර කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක් ජයග්‍රහණයක් සදහා මෙහෙයවමින් තරගයේ වීරයා බවට පත් විය.පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමට ආරම්භක පන්දු ඕවර් කිහිපයේදී එල්ල වූ තර්ජනය නිසා ලකුණු වේගය ඉහළට ගෙන ඒමට අවස්ථාවක් නොලැබුණු අතර නායක ටීඑම් ඩිල්ෂාන් පමණක් ලකුණු අතරට එමින් යළිත් පන්දු 48 ක් තුළ ලකුණු 58 ක් ලබා ගත්තේය.

අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු වේගය වැඩි කිරීම සදහා ඉවක් බවක් නැති ප්‍රහාරවලට යොමු වීමේ අවශ්‍යයතාවය ඇතිව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමට එරෙහිව උපායශීලී පන්දු යැවීමක නිරත වෙමින් දිල්හාර කඩුලු අතරට පිවිසිණ.ඒ අනුව පන්දු ඕවර් 20 නිමා වන විට ලකුණු 136 ක් වූ ලකුණු පූවරුවට පිළිතුරු බැදීමට පිවිසි ඌව කණ්ඩායමේ දිල්ෂාන් මුණවීර පන්දු 14 කින් ලකුණු 21 ක් සහ අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 19 ක් ද ලබා ගනිමින් ඌව කණ්ඩායමේ පළපුරුදු උපුල් තරංග වෙත ඇති වන පීඩනය ලිහිල් කරන්නට සමත් වූහ.එහි ප්‍රතිපලයක් ලෙස උපුල් සැළසුම් සහගත ලෙස ඉණිම ගොඩ නගමින් තෙවන කඩුල්ල සදහා පළපුරුදු සොහීබ් මලික් සමග තෙවන කඩුල්ලට නොදැවුණු ලකුණු 79 ක සබදතාවයක් ගොඩ නගමින් බස්නාහිර කන්ඩායමට පරාජය හිමි කර දුන්නේය.
සිය සුළු ලකුණු ප්‍රමාණය රැක ගැනීම වෙනුවෙන් පන්දු යැවීමෙන්ද දායකත්වය ලබා දුන් ඩිල්ෂාන් සිය පන්දු ඕවර් 4 ලකුණු 21 ට කඩුල්ලක් ලෙස නිමා කළ ද,ඊට සහය දක්වන්නට සිටියේ සිය පන්දු ඕවර් 4 ලකුණු 17 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගත් රංගන හේරත් පමණි.
ඊයේ දිනය අරඹමින් පැවති වයඹ සහ උතුර අතර තරග‍ය පිතිකරුවන්ගේ ප්‍රදර්ශන පිතිහරඹය සදහා තෝතැන්නක් වූ අතර පන්දු ඕවර් 40 තුළ කඩුලු 8 ක් පමණක් දැවි වාර්තා වූ ලකුණු ප්‍රමාණය 362 ක් විය.පළමුව පන්දුවට පහර දුන් උතුර සිය පන්දු ඕවර් 20 කඩුලු 7 ට ලකුණු 179 ක් ලබා අවසන් කළේය.ඉර්ෆාන් ෆර්හත් එහිදී ලකුණු 51 ක් රැස් කළේ පන්දු 22 දී ය.ඊට චාමර කපුගෙදර එක් කළ ලකුණු 38 ක්,ෆර්විස් මහරුෆ් සහ මහේල උඩවත්ත ලකුණු 28 බැගින් කළ එක් කිරීම්ද එක් වූ පසුව පන්දු ඕවර් 20 අවසානයේ උතුර කණ්ඩායමට කඩුලු 7 ට ලකුණු 179 ක් දක්වා යාම අපහසු කාරියක් නොවිණ.එම දැඩි ප්‍රහාරය හමුවේ ඉසුරු උදාන ලකුණු 38 ට කඩුලු 2 ක් දවා ගත් අතර මිලින්ද සිරිවර්ධන ලකුණු වේගය යම් තරමක පාලනයකට හසු කර ගනිමින් ලකුණු 25 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිලිතුරු ඉණිම ඇරඹු වයඹ කණ්ඩායමේ තමීම් ඉක්බාල් සහ කම්රාන් අක්මාල් සමස්ත තරගයම පකිස්තාන පිතිකරුවන්ගේ ප්‍රදර්ශණාත්මක පිතිහරඹ සංදර්ශණයක් බවට පත් කළ අතර ඔවුන් දෙදෙනා අතරින් දැවී ගිය එකම ක්‍රීඩකයා වූ කම්රාන් අක්මාල් ලකුණු 79 ට දැවී යන විට සමස්ත ලකුණු පූවරුව 176 ක් විය.නොදැවී ලකුණු 93 ක් ලැබූ තමීම් වයඹ කණ්ඩායමේ ජය තහවුරු කරද්දී උතුර කණ්ඩායම වෙනුවෙන් වයඹ කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල දවා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් කෙවන් කූපර් ලකුණු 26 ට කඩුල්ලක් දවා ගත්තේය.
උතුර සහ වයඹ ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571355.html
ඌව සහ බස්නාහිර ලකුණු විස්තරයට පිවිසීම සදහා http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571356.html
www.supirikrida.com