ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය
කරන සහය දිවීම් කණ්ඩායම් තෝරා ගැනීම සදහා වූ අවසාන තේරීම් තරග ඊයේ දියගම මහින්ද
රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වුණා.එහිදී එම ඉසව් වල කේවල තරග සදහා සුදුසුකම් ලබා
සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග නොවැදුණු අතර එහිදී එම ඉසව්
වල ඉදිරියෙන් සිටින පළමු දෙදෙනා සමග සහය දිවීම සදහා තරග වදින සෙසු සාමාජිකයන්
දෙදෙනා කවුරුන් ද යන්න තීරණය කිරීම සිදු වූ අතර එම තේරීම් වලදී පිරිමි මීටර් 100
තරගයෙන් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය නියෝජනයකරන එච් ඒ සිල්වා ට ජය හිමි
වුණා.තත්පර 11.06 ක කාලයක් වාර්තා කරමින් සිල්වා එම ඉසව්ව ජය ගත් අතර දෙවන ස්ථානය
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එච්එම්බී මධුශංක ට හිමි වුණා.
කාන්තා මීටර් 100 තරගය ජය ගත්තේ තත්පර 12.62 ක කාලයක්
වාර්තා කළ කොළඹ මියුසියස් විද්‍යාලයේ නෙත්මි ද සිල්වා යි.දෙවන ස්ථානය විදුර විද්‍යාලය
නියෝජනය කළ එස් මුදලිගේ විසින් දිනා ගත්තා.මීටර් 400 පිරිමි තරගය පස්යාල මහා විද්‍යාලයේ
දුලාජ් මධුශංක ට හිමි ව අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 48.44 ක් වූවා.දෙවන ස්ථානය
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පීකේ අතුරුපාන විසින් දිනා ගත්තා.කාන්තා තරගයේදී ප්‍රථම
ස්ථානය හිමි වුණේ තත්58.39 කින් ඉසව්ව නිමා කළ බීඑච්එස්කේ කුමාරියි.වලල ඒ රත්නායක
විද්‍යාලයේ සිසුවියක් වන ඇය ඉදිරියේ දෙවැනි ස්ථානයට පත් වූයේ ශ්‍රී ලංකා ගුවන්
හමුදාවේ ඩීජී හංසනි යි.
සමස්ථ තරග ප්‍රථිපලය පහත දැක්වෙනවා.
මීටර් 100 පිරිමි
1එච්එල් සිල්වා තත්.11.06, 2එච්එම්බී මධුශංක තත්.11.09,
3 තිමේෂ හේවගේ තත්.11.26, 4එම් මුතුආරච්චි තත්.11.28,5 අශාන්ත කුමාර තත්.11.28 6
ජූඩ් ලෝව් තත්.11.34
මීටර් 100 බාලිකා
1නෙත්මි ද සිල්වා තත්.12.62, 2එස් මුදලිගේ තත්.12.67, 3
නදීශානි හෙන්ඩර්සන් තත්.12.70,4එම්එස්ජේ වික්‍රමනායක තත්.12.73 5 ශිවන්ති කුමාරි
රත්නායක තත්.12.74
මීටර් 400 පිරිමි
1දුලාජ් මධුශංක තත්.48.44, 2පීකේ අතුරුපාන තත්.48.77,3කේඑච්ඒසී
විදුරංග තත්.48.91,4මලිත් රංගන තත්.49.05,5ලහිරු ප්‍රසංජිත් තත්.50.27
මීටර් 400 බාලිකා
1බීඑච්එස්කේ කුමාරි තත්.58.39,2ඩීපී හංසනී
තත්.58.54,3ජේඒආර්ඒ ජයසිංහ තත්.59.63,4 එස්අයි ගමගේ තත්.61.29