Feb 23, 2012

BYE පොන්ටින්

Ricky Ponting walks back after failing to reach 10 for the fifth successive innings
මේ දක්වා ලොව බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු ලෙස අවිවාදිත රිකී පොන්ටින් එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.සුපිරි එක්දින ක්‍රීඩකයෙකු මෙන්ම එක්දින නායකයෙකු ද වූ රිකී පොන්ටින්,ලෝක කුසලාන දෙකක් දිනූ නායකයෙකු වන අතර ලෝක කුසලාන අවසාන තරග තුනකට නායකත්වය දෙන්නට සමත් වුණා.මේ හැකියාව පලකළ තවත් නායකයෙකුට සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් පමණයි.
නමුත් මේ වන විට 37 හැවිරිදි පොන්ටින් සිය ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රීඩකයෙකුට ඔබින ජාවාධික බවින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටිනවා.ඒ බව මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින කොමන්වෙල්ත් බඅංකු තරගාවලියේදී හොදින්ම පැහැදිළි වුණා.එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය රිකී පොන්ටින් ට යළි දක්ෂතා අතරට ඒමට අවශ්‍යය මානසික ශක්තිය කාන්දු කිරීම පිණිස මයිකල් ක්ලාක් ආබාධිත වූ විට උප නායක ඩේවිඩ් වර්නර්ට උප නායකත්වය පිරි නො'නමා පොන්ටින්ට නායකත්වය ලබා දීමට පියවර ගත්ත ද එහිදී ද ඔහුට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.ඒ අනුව කොමන්වෙල්ත් තරගාවලියේ ඉදිරි තරග වලින් පොන්ටින්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබීමත් සමග පොන්ටින් මේ තීරණයට එළැඹ තිබෙනවා.
එක්දින තරග 375 දී ලකුණු 13,704 ක් ලබා ඇති පොන්ටින් එහිදී ශතක 30 ක් සහ අර්ධ ශතක 82 ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා.නමුත් වර්ථමාන නායක මයිකල් ක්ලාක් නායකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළ පරිදිම නම,ප්‍රවීනත්වය ඉක්මවා ඕස්ට්‍රේලියාවට අවශ්‍යය දක්ෂතා යන්න බව එරට ක්‍රිකට් බලධාරීන්ගේ ද තීරණය වන නිසා පොන්ටින් ට එක්දින පිටියෙන් ඉවතට යනෙන පාර නවතා ගන්නට ඒ අතීත විභූතින් ප්‍රමාණවත් වූයේ නැහැ
www.supirikrida.com.

Feb 22, 2012

රනිල් ගේ හඩ නිහඩ වෙයි

නිල් ගැමුණු අබේනායක ලොව ප්‍රකට ව සිටියේ රනිල් අබේනායක ලෙස ය.ඔහු ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට ජාතික තලයෙන් සම්බන්ධ වීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොවිණ.හැකියාවන් පෝෂණය කරගෙන ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට ඒමට වඩා රනිල් තුළ තිබූ චතුරත්වය ඔහුට ක්‍රීඩා පිටියේ ස්ථානයක් වෙන කර දුන්නේය.තණතිලි සැකසීමට ඔහු තුළ තිබූ දැණුම ක්‍රීඩා පිටියේ විස්තර අට්ටාලය තුළ ඔහුට වෙන්කළ ස්ථානය තවත් තහවුරු කළාක් මෙන්ම ආලෝකවත් ද කළේය.ඒ නිසා තරගයට පෙර තණතීරුව ගැන කරන විස්තර කථනය සදහා රනිල්ට විශාල අවස්ථාවක් හිමි වී තිබිණ.
දැන් ඒ අවස්ථාව ඇබෑර්තු වී ඇත.රනිල්ගේ බර හඩ නිහඩ වී ඇත.නමුත් හිස් අවකාශයේ රුදුණු ඔහු ගේ තණතීරුව පිළිබද තර්කාණුකූල ප්‍රකාශයන් ක්‍රිකට් ලෝලීන්ට යළි යළිත් ඇසෙනු ඇත.'රනිල් හිටියනම්' ඔව්හූ ආදේශකයන් දෙස බලා හෙට සිතනු ඇත.එහෙත් ඒ හඩ රැගෙන යළි ඔහු නොඑන්නේ සිය 57 වන උපන් දිනය සමරා දින 9 ට පසු ඔහු ගිය ගමන යළි පැමිණිය හැකි ගමණක් නොවන නිසාය.සහෘදයෙකු යනවාට අකමැති වුව,කිසිවිටෙක ඒ සහෘද බවට නැවතිය නොහැකි මරණය සොයා ඔබ ගියා ඉක්මන් වැඩි යැයි සිතුණද.ඒ නිසා ඇස්,හිත් කදුළෙන් දුකෙන් බර වුව ද, රනිල්! ගිය ඔබට නිවන් සුව පතනු හැර අන් කිසිවක් කිරීමට අපට නොහැකිය.මරණයේ හැටි එබදුය.ලොව නියත වශයෙන්ම යටත් කළ නොහැකි මරණයට ඔබ යටත් වුව ද ඔබේ හඩ සිත් තුළින් යටපත් කළ නොහැකි මතක බොහෝමයක් ඉතිරිකර තිබේ.ඒ මතක ඔස්සේ ඒ සියල්ලෝම ඔවුන් අදහන ආගම අනුව ඔබේ මරණයේ ගමණෙන් ලැබිය හැකි ඉහළම සැපත ඔබට ප්‍රාර්ථනා කරනවා නිසැකය.ඔබ විශ්වාස කළ ධර්මයට අනුව ඒ සියළු ආශිර්වාදයන් ඔබට යහපතක්ම කරනු ඇත.
සහෘදයාණෙනි !
අවසරයි!
www.supirikrida.com

ලංකාව දිනයි,ප්‍රසාද ලකුණ දෙවරක්ම චන්දිමාල් අතින් ගිලිහී යයි

Nuwan Kulasekara won the Man-of-the-Match award for his 3 for 40
කොමන්වෙල්ත් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකා ඉන්දියා තරගයෙන් ලකුණු 51 ක අති විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.දිනේෂ් චන්දිමාල් අතින් දෙවරක්ම විරාට් කෝලි ගේ උඩ පන්දු ගිලීහී නොගියේනම් මෙම ජයග්‍රහණය ප්‍රසාද ලකුණකුත් සමග හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණු අතර එම සිදුවීම හැරෙන්නට ශ්‍රී ලංකාව මෙම තරගයේදී සෑම අතකින්ම ඉන්දියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටීම කැපී පෙණන.
කාසියේ වාසිය හිමිකර ගත් මහේල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මෙම තරගාවලිය මුල අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය උපුල් තරංග ගේ වගකීම පවරා ගත් මහේල යළිත් ඩිල්ෂාන් සමග එම තීරණයේ නිවැරදි බව තහවුරු කරමින් ආරම්භක කඩුලුලට ලකුණු 95 ක සබදතාවයක් පැවත්වීය.නමුත් ඒ සබදතාවය නිමා වීමෙන් පසු ලකුණු පූවරුව එක් වරම ලකුණු 124  ට කඩුලු 3 ක් වූ අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකාවේ අනාගත පිතිකරණ බලාපොරොත්තු යුගලය වන දිනේෂ් චන්දිමාල් ට සහ ලහිරු තිරිමාන්නටය.එම දෙදෙනා සිය වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී යන විට ලකුණු පූවරුව 195 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.චන්දිමාල් ලකුණු 38 ක් ලැබූ අතර ලහිරු තිරිමාන්න පන්දු 62 ක් තුළ අගනා ලකුණු 62 ක් ලැබීය.ඒ විශ්වාසය පදනම් කරගෙන ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නියමිත පන්දුවාර 50 නිමා වන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටි අතර ඒ සදහා ඔහු වැය කළේ පන්දු 37 ක් පමණි.
Sri Lanka had plenty of support at the Gabba
ශ්‍රී ලංකා ඉණිමේ දී ලහිරු තිරිමාන්න පන්දු යවන්නාගේ කඩුල්ලේ දී හැසිරෙන ආකාරයේ දැඩි දුර්වල කමක් ප්‍රදර්ශනය කළ අතර සාමාන්‍යයෙන් පන්දු යැවීමට පෙර කඩුල්ලෙන් ඉදිරියට ඒම දැවී යාමට අවස්ථාවක් වුව ද නූතණ ක්‍රිකට් සදාචාරය එය ක්‍රියාවට ‍නගන්නේ නැත.නමුත් සදාචාරයට වඩා ජයග්‍රහණය ගැන පමණක් අපේක්ෂා කරන රවිචන්ද්‍රන් අශ්වින් ලහිරු ඒ ආකාරයෙන් දවා ගන්නට උත්සාහ කළ අවස්ථාවේ ඉන්දීය නායක විරේන්ද්‍ර ෂෙවාග් මෙන්ම ප්‍රවීන සචින් තෙන්දුල්කාර් ද ක්‍රිකට් සදාචාරයට මුල් තැන දෙමින් එම ඉල්ලීම ඉවත් කර ගැනීමට කටයුතු කළේය.නමුත් ලහිරු දිගින් දිගටම එම වරද සිදු කරන්නේ නම් ඔහුගේ සදාචාරයද ගැටළුකාරී වන අතර නීති ගරුක නොවීමද වැටෙන්නේ සදාචාර විරෝධි ක්‍රියා ගණයට බව ලහිරු සිහියට ගත යුතුය.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දියා කණ්ඩායම ට එම අභියෝගය භාර ගැනීමට නොහැකි බව පසක් කරමින් තරගයේ දෙවන පන්දුවේ දී ෂෙවාග් දැවී ගිය අතර එවිට ලකුණු පූවරුව 00 ක් විය.කඩුලු 3 ක් ලකුණු 54 ක් තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව චන්දිමාල් ගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත සුරේෂ් රයිනා සහ විරාට් කෝලි ඉන්දියාවට ජයග්‍රහණය පිළිබද යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සිවිවන කඩුල්ලට ලකුණු 92 ක සබදතාවයක් පවත් වන්නට සමත් විය.එහෙත් තිසර පෙරේරා ගේ ක්‍රියාත්මක වීමත් සමග ඉන්දීය පිතිකරු බල ඇණිය පැමිණ විගස ආපසු හැරී යන තත්ත්වයක් උද්ගත වූ අතර තිසර ලකුණු 37 ට කඩුලු 4 ක් ලබා ගත් අතර ඔහුට එරෙහිව හුදෙකලා වටනක නියැලි ඉර්ෆාන් පතාන් පන්දු 34 දී ලකුණු 47 ක් ලබා ගනිමින් ගත් උත්සාහයද අවසානයේ තිසරගේ පන්දුවක් හමුවේම ව්‍යර්ථ විය.තිසරගේ පන්දු ඉදිරියේ පෙරළා ලබා දුන් උඩ පන්දුවකින් පතාන් දැවී යාමත් සමග ඉන්දීය ඉණිම ලකුණු 238 ට සීමා විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය භාවිතයට ගත හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/match/518963.html

www,supirikrida.com 

Feb 21, 2012

පොන්ටින්ට පල නොකියා පලා බෙදයි


සර 17 ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තමා ඕස්ට්‍රේලියාවට ලබා දුන් දායකත්වය තව දුරටත් අවශ්‍යය නොවන බවට එරට ක්‍රිකට්  පරිපාලනය විසින් රිකී පොන්ටින්ට හගවන නිවේදනය ඊයේ එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීම හරහා වක්‍රාකාරයෙන් දැණුම් දී තිබෙනවා.කලෙක සිට එක්දින පිටියේ දස්කම් අතර නොමැති පොන්ටින් මේ වන විට ක්‍රියාත්මක කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ දී ගෙවුණු තරග 5 තුළදී ම ලබා ගෙන ඇත්තේ ලකුණු 18 ක් පමණයි.
සහභාගි වූ අවසාන තරග දෙකේදී මයිකල් ක්ලාක් වෙනුවට නායකත්වය පැවරැණු පොන්ටින් ශ්‍රී ලංකාව සහ පැවති තරගයේදී පරාජය වුව ද,ඉන්දියාවට එරෙහිව වූ තරගය විශිෂ්ඨ ජයක් කරා මෙහෙයවීමට සමත් විය.නමුත් පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් කිසිදු දායකත්වයක් නොලැබීම සළකා නමට පමණක් කණ්ඩායමේ රදවා ගැනීම වෙනුවට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු රට වෙනුවෙන්  කැදවිය යුතුය යන තීරණයේ පිහිටා කටයුතු කළ ඕස්ට්‍රේලියානු බලධාරීන් තමන්ගේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨකම ක්‍රීඩකයා පැකිලීමකින් තොරව කණ්ඩායමෙන් ඉවත් කර දැමීමට තීරණය කර ඇත.
මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මේ ඉවත් කිරීමත් සමග පොන්ට්න් සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමු දෙනු ඇති බවය. 

දෝනි ගේ තැන පාර්තිව් පටෙල්ට ?


නිසි වේලාවට පන්දු ඕවර් ප්‍රමාණය අවසන් කිරීමට නොහැකි වීමේ චෝදනාව මත යළිත් තරග තහනමකට ලක් වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අද ශ්‍රී ලංකාව සමග තරගයට ක්‍රීඩා නොකරන නිසා කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා වන පාර්තිව් පටෙල්ට අද තරගයේදී අවස්ථාවක් හිමි විය හැකිය.එසේම කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ගෞතම් ගාම්බීර්ට පැවරෙනු ඇතැයිද  ඉන්දීය ක්‍රිකට් ආරංචි සදහන් කරන අතර මේ තරගයට ශ්‍රී ලංකාව ඉතා හොද මානසික ස්ථාවරයකින් පිවිසීම සැළකිල්ලට ගෙන අතිරේක පිතිකරුවෙකු යොදවා කඩුලු රැකීමේ වගකීම ගාම්බීර් විසින්ම පවරා ගන්නට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග  පෙන්වා දුන්නේය.
අවසන් තරග කිහිපයේදී ලකුණු අතර සිටි මහේන්ද්‍ර සිං දෝනි තරගයට සහභාගි නොවීම ඉන්දියාවට අවාසිදායක තත්ත්වයක් වන නමුත් ඉන්දීය පිතිකරු බල ඇණිය සුළුවෙන් තැකීම අවදානම්ය.එසේම ඉන්දීය කණ්ඩායම මේ තරගාවලියේ ජයග්‍රහණය කරන ලද තරග දෙකේම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වූ ගෞතම් ගාම්බීර් තරගයේ සිටීම මෙන්ම සචින් තෙන්දුල්කාර්,විරාට් කෝලි,සුරේෂ් රයිනා,රෝහිත් ෂර්මා,රවීන්ද්‍ර ජඩේජා වැනි ඕනෑම කණ්ඩායමකට හිසරදයක් විය හැකි ක්‍රීඩකයෙකු ලකුණු අතරට පැමිණෙන්නේ නම් එය ප්‍රතිවාදීන්ට හිත සුව පිණිස නොවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මේ තරගාවලියේ දී තම වගකීම විශ්වාසයෙන් යුතුව ඉටු කරමින් සිටින අතර පිතිකරුවන් අතරින් දිනේෂ් චන්දිමාල් පෙරටු කොට ගත් පිතිකරු බල ඇණියට ඩිල්ෂාන් ගේ ලැබුණු සහයෝගය තවත් ශක්තිමත් කිරීමට මෙන් නායක ජයවර්ධන ද ලකුණු අතරට පැමිණීම අස්වැසිල්ලකි.



Feb 20, 2012

20 - 20 තරග කොන්දේසිවල අවාසි ඉවත් කිරීමට සමර්සෙට් සමග සාකච්ඡා


පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා 20 - 20 ක්‍රිකට් තරගාවලියේ මෙහෙයවීම පැවරි සමර්සෙට් නම් වූ සිංගප්පූරු සමාගම සමග සාකච්චෘ කොට එම කොන්දේසි වල ශ්‍රී ලංකාවට අවාසිදායක යමක් ඇත්නම් ඒවා ඉවත් කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කරයි.විදේශ ක්‍රීඩකයන් 30 දෙනෙකු ගේ සහභාගීත්වය ඇතිව පැවත්වීමට කටයුතු සම්පාදනය කර තිබූ මෙම තරගාවලිය කල් දැමීමේ මුවාවෙන් නවතා දමන්නට පියවර ගැණුනේ විහේෂයෙන් සිංගප්පූරු සමාගම පිළිබද මතු වුණු ප්‍රශ්න මුල් කර ගෙනය.එහි ලියාපදංචියේ සිටම ප්‍රශ්න තිබූ බව ජනමාධ්‍ය වලින් ප්‍රකාශ කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් නීතිමය ගැටළු පැන නැගිය හැකි වීම තරගාවලිය නැවත්වීම කෙරෙහි විශාල බලපෑමක ඇති කළේය.
ඇති වි තිබෙන තත්ත්වය තුළ සමර්සෙට් සමාගම හා එකග වූ ගිවිසුම අවසන් කරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම සමාගම වෙත යම් ගෙවීමක් කිරීමට සිදුවන නිසා ඔවුන් සමග සාකච්ඡෘ කර එම ගැටළුකාරී කාරණා පිළිබදව තීරණයකට එළැඹීමට අලල්ක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirikrida.com

ආසියාතික වාර්තාවක් සමග වසරේ හොදම පිම්ම මුටාස්ගෙන්

යේ චීනයේ මැන්ග්සොව් හී දී නිමාවට පත් වූ පස්වන ආසියාතික ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී කටාරය නියෝජනය කළ 21 හැවිරිදි මුටාස් එස්සා බර්ෂිම් මීටර් 2.37 ක උසක් තරණය කරමින් නව ආසියාතික ගෘහස්ත උස පැනීමේ වාර්තාවේ හිමිකාරයා වන්නට සමත් වුණා.මීට දින කිහිපයකට ඉහත ගෘහස්ත තරග සමයේ හොදම උස ලෙස ඇන්ඩ්‍රි සිල්නොව් ඉක්මවා ගිය මීටර් 2.36 මේ දක්වා මේ වසරේ හොදම උස ලෙස වාර්තා වුව ද මුටාස් ගේ දස්කමත් සමග එම උස දෙවන තැනට පත් වෙනවා.
එසේම මේ වසරේ ගෘහස්ත හෝ විවෘත ක්‍රීඩා පිටියක  වාර්තා වූ හොදම උස පැනීමේ දක්ෂතාවය ලෙසත් මුටාස් ගේ දක්ෂතාවය ඇගයීමට පත් වෙනවා.
දැනට කියුබාවේ ජාවියර් සොටෝමේයර් ගෘහස්ත උස පැනීමේ ලෝක වාර්තාවට මෙන්ම විවෘත උස පැනීමේ වාර්තාවට ද හිමිකම් කියනවා.විවෘත පිටියේදී මීර් 2.45 ක් වූ ජාවියර් ගේ දක්ෂතවය ගෘහස්ත පිටියේදී මිටර් 2.43ක් ලෙස සටහන් වෙනවා.මෙහි ගෘහස්ත වාර්තාවට1989 දී මෙන්ම විවෘත වාර්තාව 1993 දී පිහිටා තිබෙනවා.මීට සතියකට පෙර මුටාස් ගෘහස්ත උස පැනීමේ වාර්තාව අත්කර ගත් අතර ඊයේ යළිත් එය අලුත් කළාවිවෘත පිටිියේ වාර්තාව හිමිවන්නේ චීනයේ ජිඇන්සුවා සායි ට ය.