Jan 22, 2012

SPORTS DIARY හෙට දොරට වඩියි



ක්‍රීඩක ක්‍රීඩිකාවනගේ දෛනික චර්යාවන් ක්‍රීඩාවේ වර්ධනයට හේතු වන සේ සකසා ගැනීමට පොළඹවන සුළු ක්‍රීඩා දින පොතක් හදුන්වා දීම ක්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් නිකුත් කිරීම හෙට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දී සිදු වීමට නියමිතය. ක්‍රීඩා වෛද්‍ය ඒකකය වෙනුවෙන් මෙම මාහැගි කාර්යය සැකසීමේ දී මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ වෛද්‍ය ලාල් ඒකනායක යන්ය.
ක්‍රීඩකයාට අදාළව සියළුම මූලික ජීව විද්‍යාත්මක කාරණා සහ ඔහුගේ ආහාර සහ පුහුණු ක්‍රමවේද සහ සැසි පිළබද කරුණු පවා එම ක්‍රීඩා දින පොතේ සටහන් කිරීමට පොළමවන අතර සියළුම ජාතික පුහුණු සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙය පරිශීලනය කිරීම අනිවාර්‍යය කර ඇත.ලබා ගන්නා ඹෞෂධ මෙන්ම ඇති වූ රෝග තත්ත්වයන් පිළිබදවද වෛද්‍ය සටහන් තැබීමට ද මෙම පොතේ ඉඩකඩ වෙන් කර ඇති අතර ක්‍රීඩකයන් පෞද්ගලිකව පුහුණුසැසි පිළිබදව දක්වන ආකල්ප ද එම කෘතියට ඇතුළත් වේ.
ක්‍රීඩකයෙක් සිය ක්‍රීඩා හැකියාවන් වෙනුවෙන් කරනු ලබන සියළුම කාරණා ජීව විද්‍යාත්මකව අධීක්ෂණයට ලක් කළ හැකි පරිදි සකස් කර ඇති මෙම දින සටහන් තැබීමේ කෘතිය පරිශිලනය කිරීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එයට දක්ව අංවකභාවය ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් අලුත් පරිච්ඡේදයක් ලිවීම සදහා විශාල බලපෑමක් එක් කරනවා සැක නැත. 


Jan 21, 2012

මධයම ආසියානු වොලිබෝල් තරගාවලිය ඇරඹේ




එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ මූලික තරගාවලියක් ලෙස සැළකෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය ඊයේ මීගමුවේ දී ඇරඹුණා.ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම තරගාවලියට ශ්‍රී ලංකාව,කසකස්තානය,ඉන්දියාව,මාල දිවයින සහ ඉරානය සහභාගි වීමට නියමිතය.

මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට එක් රටකින් කණ්ඩායම් දෙකක් පමණක් වන සේ වර්ගීකරනයෙන් කණ්ඩායම් 16 ක් ද එසේ නොතේරෙන රටවලින් මහද්වීපික තරගාවලි ඩය ගන්නා කන්ඩායම් 5 ක් සහ ජගත් වෙරළ වොලිබෝල් සූරතාවලියෙන් කණ්ඩායම් දෙකක් ද සුදුසුකම් ලැබීමට නියමිතය.මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමකට ද බොහෝ විට මෙම අවස්ථාව දිනා ගත හැකි වේ යැයි විහ්වාසය තැබිය හැකි අතර මේ වන විටත් චීනට අවශ්‍යය සුදුසුකම් සපුරා ඉදිරියෙන් සිටින කණ්ඩායම් අතරේ සිටීම නිසා චීන නොවන කණ්ඩායමකට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව දිනා ගැනීමට තරම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද පසු ගිය කාලයේ් දක්ෂතා දක්වා ඇත.

තරගාවලියේ සමාප්තසමාචාර උළෙල හෙට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී පැවත්වීමට නියමිතය.

තිසර සිංහ වෙස් ගනියි


Thisara Perera was named Man of the Match 

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති සිවිවන එක් දින තරගයේ දී කලෙකට පසුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ පහස විදින්නට සැළස් වූ තිසර පෙරේරා ගේ ප්‍රවේගකාරී ඉණිම, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය මෙන්ම තිසර පෙරේරා ට එක් දින තරග සදහා දොරටුව වසා දමමින් කණ්ඩායම් බලධාරීත්වය කරන ලද කෙණහිලිකමේ වරද ද පෙනවා දුන්නේය.තිසර,පන්දු 44 කින් ලබා ගත් ලකුණු 69 ට හතරේ සිමාවෙන් බොහෝ එපිට පතිත වූ දැවැන්ත හයේ පහර 5 ක් ම අයත් වූ අතර,තරගය නිමා කරමින් ඔහු ලෝන්ග් ඕෆ් කළාපයෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර කිම්බර්ලි ක්‍රීඩාංගනයෙන් ඉවත පතිත වන තරමට දිගු එකක් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව දිවා රාත්‍රි තරගයේ රාත්‍රියේ පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පවරා පළමුව පන්දුවට පහර දීමේ වාරය උදා කර ගත්තේය.දැඩි ප්‍රහාරාත්මක ස්වභාවයක් ගත් දකුණු අප්‍රිකා ඉණිමේ පළමු පන්දු වාර 30 නිමා වන විට ලකුණු 200 ලබා ගැනීම ඊට කදිම නිදසුනකි.පළමු කඩුල්ලට ග්‍රෙහැම් ස්මිත් (68) සහ ඇල්විරෝ පීටර්සන් (37) පන්දු ඕවර් 13.1 ක් තුළ පළමු කඩුල්ලට එක් කළ සබදතාවය ලකුණු 84 ක් විය.දෙවන කඩුල්ලට ස්මිත් ට එකතු වූ ඒබී ඩිවිලියර්ස් තරගයේ මුල් භාගයේ දී ම ‘බැටින්ග් පවර් ප්ලේ’  ලබා ගනිමින් ගිනිකෙළි සංදර්ශණයක් පවත්වන්නට විය.එහි ප්‍රතිපලයක් ලෙස දෙවන කඩුල්ල සදහා පන්දු ඕවර් 10 .4 තුළ ලකුණු 87 ක සබදතාවයක් ඇති වූ අතර ඩිවිලියර්ස් තිසර පෙරේරා ගේ ඥාණාන්විත පන්දුවක හමුවේ පස්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 76 ලකුණු 96 ක් ලබා සිටියේය.ඩිවිලියර්ස් ගේ ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

නමුත් තරගයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය සියතට ගත් අතර අවසාන පන්දු ඕවර් 10 තුළ ලකුණු 49 ක ට සිමා කළේය.තරගයේ පළමු කාර්තුවේ පන්දුව පිත්තට ගලා ඒමේ රිද්මයේ වේගය මදක් අඩුවීම සිය පන්දු ඕවර් 50 තුළ ලකුණු 350 ක් පමණ බලාපොරොත්තුවෙන් සිටි දකුණු අප්‍රිකාවේ ලකුණු පූවරුව 299 ට සීමා කරන්නට හේතු විය.
මේ ලකුණු පූවරුව අභිබවා යාමේ වගකීම පැවරුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට රාත්‍රියේ පන්දුවට පහර දීම මෙන්ම තණතීරුවේ මන්දගාමී ස්වභාවය ද, විශාල අභියෝගයක් ලෙස පෙනෙන්නට තිබුනු අතර,පන්දු ඕවර් 3.1 ක් ගත වෙන තැන ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තුල ලකුණු අතර සිටින පිතිකරුවෙකු වූ උපුල් තරංග ගේ කඩුල්ල අහිමි වූයේ ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබියදීය.අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර පන්දු 31 කින් ලකුණු 32 ක් පබා සිටිය දී දැවී ගියේ ඇල්විරෝ පීටර්සන් ගේ අති විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේය.

නමුත් තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය අත් කර ගත් ඩිල්ෂාන් වගකීම සිය කර පිට තබා ගනිමින් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩා කළ අතර මේ සංචාරයේ ප්‍රබලතම පිතිකරුවා බවට පත් ව සිටින දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් හැගීමෙන් යුත් පරිපූර්ණ ඉණිමක් ගොඩ නගමින් සිටියේය.ඩිල්ෂාන් කලෙකට පසුව සිය නම ඉදිරියේ ඉලක්කම් තුනක ගණනක් ලියා ගන්නට හැකි ඉණිමක් ක්‍රීඩා කළ ද පන්දු 87 ක් තුළ ලැබූ ලකුණු 87 කින් ඔහුගේ ඉණිම අහවර විය.මහේල ජයවර්ධන වෙනුවට ඇතුළත් කළ සිටි ලහිරු තිරිමාන්න ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදි සිටීමට අවස්ථාව හිමි වූයේ නැත.ඔහු ලකුණු 13 ට දැවී ගිය පසු පිතිකරු නාමාවලියේ උසස් වීමක් ලද තිසර පෙරේරා පිටියට පිවිසියේය.
නිරන්තරයෙන්ම ප්‍රවේගකාරි පිතිකරුවෙකු වූ තිසර,දිනේෂ් චන්දිමාල් ගේ නිරන්තර අවවාද කිරීම් සමග සිය ප්‍රවේගකාරීත්වයට කල්පනා කාරීත්වය ද මුහු කර ගත් අතර සෑම පන්දුවකටම පහර එල්ල කිරීමේ න්‍යාය වෙනස් කර සුදුසු පන්දුව එනතෙක් රැදි පහර එල්ල කිරීමට පටන් ගත්තේය.එහි ප්‍රතිපලයක් ලෙස වෙනදා මෙන් දිගු පහර කිහිපයකින් නිමා වන තිසර ගේ ඉණිම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාත කරන ඉණිමක් බවට පත් වූ අතර චන්දිමාල් සහ තිසර අතර පස්වන කඩුල්ල සදහා පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 52 ක් එක් කළේය.චන්දිමාල් ලකුණු 59 ක් ලැබු අතර අවසාන පන්දු වාර කිහිපයේ දි තිසර සමග ජයග්‍රහණය තෙක් පිටියේ රැදුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු  21 ක් ලබා නොදැවී සිටියේය.
සාමාන්‍යයෙන් ලොව හොදම පන්දු රකින්නන් සහිත කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව අතින් ඊයේ පන්දු රැකීමේ දී බොහෝ අවස්ථා ගිලිහී යනු දකින්නට ලැබිණ.විශේෂයෙන්ම තිසර සහ චන්දිමාල් පිටියේ සිටින අවස්ථාවන් හී එවැනි සිදුවීම් බහුල වූයේ එම පිතිකරුවන් දෙදෙනා ගොඩ නැගූ පීඩනයද හේතු කරගෙන වූ අතර කෙසේ හෝ ඒ සියල්ල අවසාන වූයේ දකුණු අප්‍රිකාවට පන්දු ඕවරයකට ලබා දුන් ලකුණු 6 ක් අභියෝගය ප්‍රමාණවත් එකක් නොවීමෙන් ය.

ඒ සදහා විශාලම ප්‍රහාරය දියත් කළ තිසර පෙරේරා තරගයේ වීරයා වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ නිල ලකුණු විස්තරයට ප්‍රවේශ විය හැකි සබදතාවය ය.
http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514038.html

www.supirikrida.com

නිලූක ගෙන් කාශ්‍යප් ට පැයක තරගයක්


ස්වීඩන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන නිලූක කරුණාරත්න ජගත් ශ්‍රේණිගත කිරීම් වල 29 වන ස්ථානයේ පසුවන පාරුපිල්ලෙයි කාශ්‍යප් සමග විනාඩි 57 ක් පුරා පැවති තරගයෙන් වට 2 -1 ලෙස පරාජයට පත් විය.තරගයේ ප්‍රථම  වටය කාශ්‍යප් ට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කළ නිලූත එම වටය 21 - 12 ක් ලෙස ජය ගත්තේය.නමුත් දෙවන වටයේ දී ලකුණු 21 - 19 ක් ලෙස ද,තෙවන වටයේ දී ලකුණු 21 - 12 ක් ලෙස ද නිලූක ව පරාජය කළ පාරුපිල්ලෙයි සිය තත්ත්වය ආරක්ෂා කර ගන්නට සමත් විය.මෙම තරගාවලියේ සිටින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා පාරුපිල්ලෙයි වන අතරනිලූක උදෑසන තරගයෙන් පසුව පස්වරුවේ පාරුපිල්ලෙයි හමුවන කාලය දක්වා ප්‍රථම තරගයෙන් පසුව දෙවන තරගයට පිවිසෙන විට සම්භාහකයෙකුගේ හෝ සේවය ලබා නොගැනීම ද ඔහු ගේ පසුබෑමට සාධකයක් ලෙස දැකිය හැකිය.
පාරුපිල්ලෙයි සමග තරගයේ දී නිලූක ගේ දක්ෂතාවයන් කෙමෙන් දියව ගිය බවක් එම ප්‍රතිපලය හරහා ම දැකිය හැකි අතර ඒ තත්ත්වයට ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට මෙවැනි තරගාවලියක දී  ලැබිය යුතු සම්භාහන සේවය,භෞත චිකිත්සක සේවය මෙන්ම පුහුණු උපදේශකත්වයක් හෝ නොමැතිව තරග වැදීම බෙහෙවින් බලපාන බව මෙරට ක්‍රීඩා බලධාරීන්ට නොවැටහීම සහ එය ලබා දීම යුතුකමක් ලෙස නොසිතීම නිලූක ගේ අභාග්‍යයකටත් වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අභාග්‍යයකි.
මේ අතර නිලූක සිය ප්‍රථම තරගයේ දී චෙකොස්ලොවේකියාවේ පීටර් කොව්කල් ලකුණු 21 - 12 ක් සහ 21 -16 ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව පරාජය කළේ විනාඩි 34 ක කාලයක් වැය කරමින්ය.

www.supirikrida.com

Jan 20, 2012

ලංකාවේ සුක්කානම යලිත් පරණ මුහුනකට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වෙතම පැවරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගේ අවධානය යොමු වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.දැනට ඔහු ද දක්ෂතා අතර නැති වීම පිළිබදව එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් ඇති වී තිබුණ ද ඔහු ගේ නායකත්වය සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් වශයෙන් ලත් ප්‍රගතිය සළකා නායකත්වය ඔහුට පිරිනැමිය යුතු බව ක්‍රිකට් බලධාරීන් බොහෝ දෙනා මත පළ කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

තවත් පිරිසක් නව නායකත්වයක් ගැන සිතීමේ වැදගත් කම පෙන්වා දුන්න ද,එසේ නායකත්වය සම්බන්ධයෙන් කතා බහට ලක් වන ක්‍රීඩකයා පසුගිය කාලයේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරිම ගැටළුකාරී වු නිසා ඒ සදහා යොමු වී ඇත්තේ අඩු අවධානයකි.එසේම නායකත්වය ටෙස්ට් සහ එක්දින ලෙස ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත පිරිනැමීම කෙරෙහිද අවධානය යොමු වී ඇත.තිලකරත්න ඩිල්ෂාන් නායකයෙකු ලෙස අසාර්ථක වීමට පෞද්ගලිකව ඔහු ගේ දුර්වල තා වලට වඩා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ගේ අසාර්ථක වීමි ද බල පෑ කියන පිරිසක්  ද ඒ අතර වෙති.ඔවුන් පෙන්වා දි ඇත්තේ කාලීන දක්ෂතාවයන් ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන ක්‍රීඩක පිරිසක් ඩිල්ෂාන්ට ලබා දිය යුතු බවය.

www.supirikrida.com

ලෝක සූරයන්ට පකිස්තානුවෝ බැට දෙති

වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රෙණිගත කිරිම් වල අංක එකට ශ්‍රේණිගතව සිටින එංගලන්තයට කඩුලු 10 ක පරාජයක් අත් කර දුන් පකිස්තානය මේ දිනවල ආසියාතික ක්‍රිකට් කන්ඩායම් දෙකක් වන ඉන්දියාව ඕස්ට්‍රේලියාව ඉදිරියේත, ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව ඉදිරියේත මුහුණ දෙමින් සිටින දැවැන්ත ප‍ාජයන් හමු වේ ආසියානු ක්‍රිකට් ලබන අපකීර්තිය යම්තාක් දුරකට අවම කර ගැනීමට සමත් විය.දග පන්දු යවන්නන්ට උචිත සාජා තණතීරුවේ පකිස්තානයේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක නියැලි සහීඩ් අජ්මාල් ඉණිම දෙකේ දී එංගලන්ත පිතිකරුවන් 10 දෙනෙකු ලකුණු 97 ක් තුළ දවාලමින් ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය.
තරගයේ කාසියේ වාසිය ලබා පන්දුවට පහර දිමට තීරණය කළ එංගලන්තය වෙනුවෙන් සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කළ මිට් ප්‍රියර් ලබා නොදැවී ලබා ගත් ලකුණු 70 ට වාරු වී එංගලන්ත ඉණිම ලකුණු 192 දක්වා රැගෙන ගිය ද,දෙවන ඉණිමේ දී කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකුට හිස එසවීමට අවස්ථාවක් නොලැබිණ.ජොනතන් ට්‍රොට් ලකුණු 49 ක් ලැබූවද අජ්මාල් මෙන්ම අබ්දූල් රහෙමාන් සහ උමාර් ගුල් ද ගොඩ නැගූ පීඩනය ඉදිරියේ එංගලන්තය ලකුණු 160 ට දැවි ගියේය.
සිය පුථම ඉණිමට මෙහොමඩ් හෆීස් (88),තව්ෆික් උමාර්(58),නායක මිස්බා උල්හක්(52) සහ අදනන් අක්මාල් (61) ලබාගත් අර්ධ ශතක වල ආධාරයෙන් ලකුණු 338 ක් දක්වා ගිය පකිස්තානය ජයග්‍රහණය සදහා දෙවන ඉණිමේ දී ලකුණු 15 ක් ලබා ගත්තේ කිසිදු කඩුල්ලක් එංගලන්ත පන්දු යවන්නන්ට පූජ නොකිරීමට වග බලා ගනිමින් ය.
http://www.espncricinfo.com/pakistan-v-england-2012/engine/current/match/531628.html තරගයේ ලකුණු විස්තරය මෙම සබදතාවය තෙරපීමෙන් ලබා ගැනිමට හැකිය

www.supirikrida.com

නිලූක තවත් ඉදිරියට



ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න ඊයේ සිදු වූ නව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රේණි ගත කිරීම් වල තවත් පියවර 6 ක් ඉදිරියට පැමි‍ණ 72 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටියි.මීට පෙර නිලූක 71 වන ස්ථානයට පත් ව ඇති අතර තව දුරටත් ඔහුට ලැබෙන ජාත්‍යන්තර අවස්ථා අනුව නිලූක බොහෝ විට ඉදිරි කාලය තුළ සිය ජීවිතයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඉඩ ඇත.
නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අද ඇර‍ඹෙන ස්වීඩන තරගාවලියේ දී නිලූක තරග වදින්නේ නව ශ්‍රේණිගත කිරීම් වලට පෙර, තමන් ට වඩා ඉදිරියෙන් සිටි පීටර් කව්කල්  ට වඩා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකු ලෙස ය.කෙසේ වුව ත් මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා වූ ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් තරගාවලියෙන් ඉවත් වී ඇති අතර මේ තත්ත්වය මත නිලූකට පීටර් සමග පැවත්වෙන තරගය ජය ගතහොත් ඊ ළග තරගයේ දී මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වල දැනට සිටින ප්‍රබලතම ක්‍රිඩකයා වන ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් හමු වීමට නියමිතය.
නිලූක සම්බන්දයෙන් අදහස් දැක් වූ බැඩ්මින්ටන් ප්‍රවීනයෙකු ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් නිලූක සිටින්නේ ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබන ක්‍රියා පරිපාටියට අනුව ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබිය හැකි තත්ත්වයේ බවය.නමුත් ඉදිරියේ ද දිගින් දිගටම තරගාවලි සදහා ඉදිරිපත් වී මෙම තත්ත්වය ආරක්ෂා කර ගත යුතු බව පවසන එම ප්‍රවීනයා ඒ සදහා බැඩ්මින්ටන් පරිපාලනයේ සහ ක්‍රීඩා පරිපාලනයේ උදව් උපකාර අතවශ්‍යය බව ද පැහැදිළි කරයි.
දැනට නිලූක මෙම තරගාවලි සදහා සහභාගි වන්නේ තමා වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයේ සහ මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත සහ ඔහු ගේ පෞද්ගලික වියදමින් ය.මේ වන විට 2012 ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටමට ක්‍රීඩාවකින් පිවිස සිටින ක්‍රීඩකයෙකු වන නිලූක ගේ එම තත්ත්වය ආරක්ෂා කර දීමට ක්‍රීඩා බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව සුපිරි ක්‍රිඩා විශ්වාස කරයි.මේ වන විටත් ඔහු එම තත්ත්වයට පිවිස ඇත්තේ විදේශ තරගාවලි සදහා කිසිදු පුහුණුකරුවෙකු, භෞත චිකිත්සකයෙකු හෝ නොමැතිව තනිවම සහභාගි වෙමින් ය.ඒ නිසාම ඔහු ට තරගයකින් තරගයට යන විට සිය සිරුරේ යෝග්‍යතාවය පිණිස සම්භාහනයට හෝ කිසිවෙකු නැති අතර එවැනි වාතාවරණයක නිලූක දක්වන මේ දක්ෂතා පිළිබදව සහ රටට ලබා දෙන ගෞරවය පිළිබදව ක්‍රීඩා බලධාරීන් දක්වන සැළකිල්ල ප්‍රමාණවත් නොවන බව අපේ විශ්වාසය ය.