මොස්කව් හී රැස් වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක සාමාජිකයන් ජාත්‍යන්තර තහනම් උත්තේජන සම්බන්ධයෙන් වන ආයතනයේ මුල් පුටුව බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ක්‍රේග් රීඩී වෙත ලබා දීමට එකගතාවය පළ කළ බව වාර්තා වේ.ඒ අනුව දැනට එම ධුරය දරන ඕසට්‍රේලියානු ජාතික ජෝන් ෆාහේගෙන් පසුව එම තනතුර සදහා ශ්‍රීමත් ක්‍රේග් පත්වනු ඇති බව සිතිය හැකිය.
දැනට 72 හැවිරිදි වයේ පසුවන ශ්‍රීමත් ක්‍රේග් මේ සදහා යෝජනා කිරීමේදී ලොව බිහි වූ සුවිශේෂීම මීටර් 400 කඩුළු මතින් දිවීමේ සූරයෙකු වූ වර්ථමානයේ ඇමෙරිකානු තහනම් උත්තේජන ඒජන්සියේ ප්‍රධානි එඩී මෝසස් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු වෛද්‍ය ප්‍රධානි ප්‍රංශ ජාතික ප්‍රැට්ට්‍රික් සකැමැස්ච් පෙරමුන ගෙන ඇත.ඒ අනුව 2014 දී එම තනතුරට ශ්‍රීමත් ක්‍රේග් තරගයකින් තොරවම පත් වනු අතැ බවට ද විශ්වාසය පළ වේ.
No comments:
Post a Comment