Aug 15, 2013

අවසාන තරගයට බස්නාහිර සහ කදුරට

Dinesh Chandimal powers the ball through the off side
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන සුපර් ෆෝර්ස් 20/20 තරගාවලියේ අවසාන තරගය සදහා සුදුසුකම් ලබන්නට කදුරට මෙරූන්ස් කණ්ඩායම සහ බස්නාහිර ග්‍රීන් කණ්ඩායම් සමත් වුණා.තරගාවලියේ ජයග්‍රහණයක් සොයමින් සිටි උතුර කණ්ඩායම පළමු වරට ජයපැන් වල රස විදිමින් අපරාජිතව සිටි කදුරට කණ්ඩායම පරාජයට පත් කළ ද,කදුරට කණ්ඩායමට අවසාන තරගය සදහා පිවිසීමට එය බාධාවක් වුණේ නැහැ.
ශ්‍රී ලංකා 20 / 20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් පිටියට පිවිසි උතුර කණ්ඩායම කාසියේ වාසිය ලබමින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී නායක චන්දිමාල් මේ දක්වා තරගාවලියේ දුටු සුපිරිතම ඉණිම දියත්කරමින් පන්දු 57 ක් තුළ නොදැවී ලකුණු 93 ක් ලබා ගත්තා.හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් එල්ල වූ චන්දිමාල් ගේ ඉණිමේ ආධාරයෙන් පන්දු ඕවර් 20 නිමා වන විට උතුර කණ්ඩායම ලකුණු 158 ක් ලබා සිටි අතර පිළිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායම වෙනුවෙන් චන්දිමාල් ට නොදෙවැනි ඉණිමක් ක්‍රියාත්මක කළ තිළිණ කණ්ඩම්බි පන්දු 54 ක් තුළ ලකුණු 90 ක් ලබමින් විශිෂ්ඨ ඉණිමක් දියත් කළා.නමුත් ලාබාල ක්‍රීඩක පබසර වඩුගේ ලබා ගත් ලකුණු 19 ට අමතරව කිසිදු පිතිකරුවෙක් කදුරට ඉණිම සදහා ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයකින් දායක නොවුණු බැවින් පන්දු ඕවර් 20 නිමා වන විට කදුරට කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.එහිදී කදුරට කණ්ඩායමට කඩුලු 7 ක් අහිමි වූ අතර ඒ අතරින් රමිත රඹුක්වැල්ල ලකුණු 14 ට කඩුලු 2 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.
http://www.espncricinfo.com/super4-t20-2013/engine/match/659513.html යන සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව තිබෙනවා.
කදුරට කණ්ඩායමට උතුර කණ්ඩායම ඉදිරියේ පරාජය වුව ද අවසාන තරගයට අවස්ථාව තිබුණද රුහුණ රෙඩ් හා බස්නාහිර ග්‍රීන් තරගය විවෘත මුහුණුවරක් ගත්තා.කණ්ඩායම් දෙකෙන් ජය ගන්නා කණ්ඩායමට අවසාන තරගය සදහා යා හැකි බැවින් දෙපිළම ජයග්‍රහණයේ පිපාසයෙන් දැඩි තරගකාරී රටාවකට පිවිස සිටියා.පන්දු ඕවර් 17 ට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම පන්දු ඕවර් 17 තුළ ලකුණු 120 ක් ලබා ගත්තා.ඉණමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ගිහාන් රූපසිංහ ලකුණු 32 ක් ලබා ගත් අතර පසු පෙළින් කඩා වැටි ඉණිම ශක්තිමත් කිරීමේ දැඩි උත්සාහයක යෙදුණු කෝසල කුල‍සේකර නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිම සදහා පිවිසි රුහුණ කණ්ඩායමට එරෙහිව යළිත් පන්දුවෙන් ද දස්කම් දැක් වූ කෝසල පන්දු ඕවර් 2 ක් තුළ ලකුණු 4 ට කඩුලු 3 ක් දවා ගනිමින් රුහුණ කණ්ඩායමේ ජයග්‍රහණය උදුරා ගන්නට පෙරමුණ ගත්තා.තරගය නිමා වන්නට පන්දු 22 ක් මෙපිටින් ලකුණු 53 ක් අවශ්‍යව කඩුලු 7 ක් අහිමි කර ගෙන සිටි රුහුණ කණ්ඩායමට බලාපොරොත්තු ඇති කරවන අන්දමේ ප්‍රහාරයක නිරත වූ සීකුගේ ප්‍රසන්න පන්දු 9 ක් තුළ ලකුණු 20 ක් ලබා ගත් අතර කෞශල්‍යය වීරරත්න ඔහුට අනගි සහයක් දෙමින් පන්දු 20 ක් තුළ ලකුණු 21 ලබා ගත්තා.
http://www.espncricinfo.com/super4-t20-2013/engine/match/659511.html මෙම සබදතාවය යොදා ගනිමින් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකි වෙනවා.
www.supirikrida.com

No comments: