Aug 13, 2013

ක්‍රිස්ටීන් මෙරිල්ගෙන් නීති විරෝධි වැඩක්

මොස්කව් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමුවෙන් තරග බිමට පිවිසි ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කාන්තා කඩුළු පැනීමේ ඉසව්වේ මූලික තරගයේදී නීත්‍යානුකූල ධාවනයක නොයෙදි බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රතිපල ලේඛණයෙන් ඉවත් කර දැමිණ.මේ වසරේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් එම ඉසව්වේ තම හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් තරගාවලිය සදහා බී කාණ්ඩයේ පරිසාධන මට්ටම ඉක්මවා සහභාගි වීමට සුදුසුකම් ලබා ගත් ක්‍රිස්ටීන් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිලාභිණියක වන අතර ඇය අදාළ පරිසාධන මට්ටම ඉක්මවමින් තරගාවලියට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියටද සහභාගි වූ අතර ඇය එහිදී ද දක්ෂතා දැක්වීමට අපොහොසත් වූවාය.
මේ වන විට මෙවර ක්‍රීඩා උලෙලේත් වැඩිම කතා බහට ලක්වන ක්‍රීඩකයා බවට පත්ව සිටින උසෙයින් බෝල්ට් තත්පර 9.77 කින් මේ වසරේ හොදම කාලය වාර්තා කරමින් මීටර් 100 ජයගත් අතර වර්ථමානය වන විට ජැමෙයිකාව එම ඉසව්වෙන් ලෝකයට කෙතරම් අභියෝගයක්ද යන්න පැහැදිළි කරමින් මීටර් 100 අවසාන තරගය නියෝජනය කළ ක්‍රීඩකයන් අට දෙනාගෙන් සිව් දෙනෙකුම ජැමෙයිකානුවන් වූහ.කාන්තා මීටර් 100 අවසාන තරගයේදී මේ ආකාරයටම ඇමෙරිකානු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු තරග වැදුණ ද සූරිය බවට පත් වන්නට ජැමෙයිකාවේ සෙලී ඈන් ප්‍රෙෂර් සමත් වූවාය.එහි දෙවන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍ය්‍යට දිනා දෙමින් පෙරළියක් කරන්නට මර්ලි අහෝර් සමත් වූවාය.
www.supirikrida.com

No comments: