මොස්කව් හී ක්‍රියාත්මක ජාත්‍යන්තර මළළ ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන හෙල්ල වීසි කිරීමේ සූරි නදීකා ලක්මාලි සහ පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩයම හෙට (16) තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා. නදීකා පසුගිය කෙටි කාලය තුළ තෙවරක්ම ජාතික වාර්තාව අළුත් කරමින් ද මීටර් 60 සීමාව ඉක්මවා ගිය පළමු හෙල්ල වීසි කිරීමේ ලාකේය ක්‍රීඩිකාව වෙමින් සහ එම දස්කම දෙවරක්ම කරමින් කැපී පෙණෙන දක්ෂතා පෙනවා ඇති අතර මෙම තරගයේදී ද ඇය සිය පෞද්ගලික හොදම දුර වාර්තා කිරීමේ උවමනාවෙන් පසු වෙනවා.
කලකට පසු ලෝක සූරතාවලියකට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන දුලාන් ප්‍රියශාන්ත මෙන්ම තරුණ ජවසම්පන්න ක්‍රීඩකයන් තිදෙනෙක් ද ඇතුළත් වෙනවා.ඔවුන් ද සිය පූර්ණ අවධානය හෙට දිනයේ තරගයේ අවසාන වටයට පිවිසීම කෙරෙහි යොමු කෙරෙන බව පැවසෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment