තෙවන චීන තායිපේ නගර විවෘත බොක්සිං තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් අනිවාර්යයෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නා තත්ත්වයට පත් ව සිටිති.මෙවර ලේට්න් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ප්‍රබාෂ්වර සහ දක්ෂතම ක්‍රීඩිකාව වූ කෝසලා නිල්මිණි මෙම ලෝකඩ පදක්කමෙන් ඉදිරියට යාම සදහා අද තරග වදින අතර මලිත් ප්‍රභාෂ්වර ඉන්දුනීසියා ක්‍රීඩකයෙකුට එරෙහිව මෙන්ම කෝසලා උතුරු කොරියා ක්‍රීඩිකාවකට එරෙහිව තරග වැදීමට නියමිතය.
ප්‍රභාස්වර මැකාවෝ ක්‍රීඩකයා පරාජය කරමින් අද පැවත්වීමට නියමිත අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත් අතර කෝසලා ඉදිරයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වී ඇත්තේ හොංකොං ක්‍රීඩිකාවක බව චීන තායිපේ හරහා ලැබෙන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ අතර සෙසු ක්‍රීඩකයන් තිදෙනාම මූලික වටයෙන් තරගාවලියෙන් ඉවත්ව ඇතත් එරන්දි සිල්වා තියුණු තරගයක් ලබා දෙමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගමන් කර ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment