Aug 30, 2013

සංගාට ඉන්දියාවේ සල්ලි වෙනුවට ලංකාවෙන් කළකිරීම

කුමාර සංගක්කාර චැම්පියන් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා 20 /20 සූරයන් ලෙස සහභාගි වන කදුරට කණ්ඩායම නියෝජනය කරන බව පැවසීය.ඒ ඊයේ දිනයේදීය.නමුත් සංගාට එම තීරණයට ඒමට කාලයක් ගත වූයේ අයිපීඑල් කොන්දේසි හේතුවෙන්ය.එම කොන්දේසි සදහා සංගා පමණක් සෘජුව සම්බන්ධ නැති අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හරහා ක්‍රියාවට නැගුණු ගිවිසුමකි.
රටේ ඇති වී තිබෙන ඛේදණිය වාතාවරණය තුළ මිනිසුන් මානසික වශයෙන් පිරිහෙමින් පවතින බවක් දැකිය හැකි අතර යමක තියෙන නීත්‍යානුකූල තත්ත්වයන්ට වඩා ජාතිවාදි වී ගැටළු දෙස බැලීම බරපතල තත්ත්වයක් බවට පත් වි ඇත.සංගාද ඒ ඒ බරපතල අගාධයට දමා පහර දෙන්නට හැර බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ද සංගා අයිපීඑල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහොත් තමන්ට ලැබෙන ඩොලර් මල්ල ගැන ගිවිසුම් ප්‍රකාරව කිසිවක් සදහන් නොකරමින් ජාතිවාදි බලමුළු වලට සංගාව ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නට දී බලා සිටියේය.
නමුත් ශ්‍රී ලංකා‍ ක්‍රිකට් සමග කොන්ත්‍රාත් ගිවිසමුකින් බැදී සිටින ක්‍රීඩකයාගේ පරිපාලන ක්‍රියාවලියේ බලධාරියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු කොට තම ක්‍රීඩකයා සමග සාකච්ඡා කොට අයිපීඑල් කණ්ඩායම දැනුවත් කර සිය ගිවිසුම් මුදල අවශ්‍යය නොවන බවට දැනුවත් කර සංගාට ද කළ යුතු දේ පිලිබද උපදෙසක් ලබා දුන්නේ නම් මේ තත්ත්වය ඇති වන්නේ නැත.නමුත් සිදු වූයේ වෙනකක්ය.ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආශිර්වාදය ද ලබමින් ක්‍රීඩකයා පතුරු ගැසීමට ජාතිවාදී ප්‍රකාශ වලට වේදිකාවක් තනා දීමය.
ක්‍රිකට් ක්‍රීඩකයෝ අසීමිතව උපයන බව හෝ ඒ ඉපැයීමෙන් කොටසක් ජාතිකමය වශයෙන් රටේ අසරණ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණාත්මකව මැදිහත් වන්නේද යන ගැටළුව සංගාට සීමා නොවුණු සමස්ත ක්‍රිකට් ප්‍රජාව කෙරෙහිම බැදුණු එකකි.එහෙත් ක්‍රීඩකයා අයිපීඑල් ද කදුරට ද කියන කාරණය තීරණය කිරීමට ඇති නීතිමය වට පිටාව තේරුම් නොගෙන හෝ ඒ යථාර්ථයෙන් බැහැරව ගැලරියට දමා ක්‍රීඩකයාට පහර දීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලැජ්ජා විය යුතුය.
රට වෙනුවෙන් අප්‍රමාන වෙහෛසක් දරා ඇති ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද අන්තර්ජාතික වශයයෙන් කීර්තිමත් තැනකට තල්ලු කිරීමට සංගක්කාර දක්වා ඇති දායකත්වය සුළු පටු නොවන බව අමතක කරන්නට නොහැකිය.ඒ නිසා නීතිමය රාමුවේ සිට සංගාගේ ගැටළුව දිහා නොබලන්නට තරම් ග්‍රෝත්‍රික මානසික මට්ටමකට වැටි පිරිස සම්බන්ධයෙන් මෙන්ම ඒ සදහා පිණුම් ගැසීමට පිට්ටනිය සාදා බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ද අපට ඇත්තේ කණගාටුවක්ය.
www.supirikrida.com

No comments: